උසාවි නිවාඩු ගිහිං – මහින්ද පිල හාන්සියි !

දිවයිනේ සියලු අධිකරණවල අගෝස්තු නිවාඩුව සිකුරාදා සිට ආරම්භ වී ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක්ද අනෙකුත් අධිකරණ සතියක් ද වසා තැබෙන නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත්කොට එම තනතුරට විශ්වා වර්ණපාල මහතා පත්කිරීමට එරෙහිව හෝ ඔහුගේ කටයුතු සීමාකිරීමට හෝ අධිකරණ තීන්දුවක් ගැනීමට උත්සාහ දැරීමට පවා සන්ධානයේ මහින්ද හිතවාදීන්ට ඉඩක් නොලැබෙන බව අධිකරණ ආරංචි මාර්ග කියයි . මෙම කාලයේදී හදිසි කටයුතු සදහා පමණක් උසාවි කිහිපයක් ක්‍රියාත්මක වන නමුත් මෙවැනි බරපතළ කරුණකදී ඉක්මන් තීන්දුවක් දීමට එම උසාවිවල විනිසුරුවරුන් ක්‍රියා නොකරනු ඇතැයි කියති .

මේ අතර සන්ධානයේ ලේකම් තනතුරේ කටයුතු කිරීමට විශ්වා වර්ණපාල මහතාට ඉඩ ලබාදුන් අධිකරණ නියෝගය මැතිවරණ කොමසාරිස් වරයාටද භාරදීමට දැනටමත් කටයුතු කර ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *