අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ප්‍රථම නිල ලියැවිල්ල අද පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව අද (21) එම කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

අලුත් ව්‍යවස්ථාවක් සඳහා වන මෙම අතුරු වාර්තාව යලි සාකච්ඡා කිරීමෙන් පසු අදාල වෙනස් කම් සිදුකර පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුය. එය පාර්ලිමේන්තුවේ දී 2/3 කින් සම්මත කර ගැනීමෙන් පසුව ජනමත විචාරණයකින්ද අනුමත කර ගත යුතුය.

2016 මාර්තු 09 වන දින පාර්ලිමේන්තු යෝජනා සම්මතය මගින් පිහිටුවන ලද ආණ්ඩුක්‍රම වයවස්ථා මණ්ඩලය විසින් 2016 අප්‍රියෙල් මස 05 වන දින පැවැත්වුණු එහි ප්‍රථම රැස්වීමේදී මෙහෙයුම් කමිටුවක ඒකමතිකව පත්කරන ලදී.

මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව pdf
http://sinhala.constitutionalassembly.lk/images/pdf/interim-report/ReportS_CRR.pdf

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *