පොදු ජන ජීවිතය දේශපාලන අපතයින් අතට පත්වීමට පෙර… – භාතිය බරුකන්ද

ලංවිම වැඩවර්ජනය සාකච්ඡුාමය ප‍්‍රවේශයකින් විසඳා ගැනීම සඳහා පසුගිය දින කිහිපය පුරා වර්ජිත විදුලි සංගම්, ලංවිම පාලනාධිකාරිය සහ ඇමැතිවරයා ඇතුළු තෙපාර්ශ්වය දැරූ සියලූ ප‍්‍රයත්නයන් අසාර්ථක වීම සමග විදුලි වැඩවර්ජනය තව දුරටත් ක‍්‍රියාත්මක වෙනවා. ඊට තවත් සංගම් කිහිපයක් තම සහාය පළ කිරීම සමග රටපුරාම විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බවට වර්ජකයින් අනතුරු අඟවනවා.
එහෙත් සුපුරුදු පරිදි ලංවිම පාලනාධිකාරිය කියන්නේ කිසිඳු බිඳ වැටීමකින් තොරව විදුලිය ලබදෙන බවයි. ලංවිම පාලනාධිකාරියේ මේ සහතිකය නිවැරදි බව සහතික කරමින් මේ මොහොත දක්වා අඛණ්ඩ විදුලිය සැපයුමක් රටපුරාම වාර්තා වෙනවා. ඒ නිසා විදුලිය වර්ජනය මේ මොහොත වන තෙක් රටේ ජනතාවට දැනෙන බලපෑමක් කරලා නැහැ. එහෙත් වර්ජිත විදුලි වෘත්තීය සමිති කියන්නේ විශ‍්‍රාමිකයින් යොදවා ගෙන පැලැස්තර විසඳුමක් ලබා ගැනීමට හැකියාව තිබුණත් වර්ජනයට තවත් වෘත්තීය සමිති සම්බන්ධ වුවහොත් රට පුරාම විදුලිය බිඳ වැටීම වැළැක්වීමට පාලනාධිකාරියට හැකියාවක් නොලැබෙනු ඇති බවයි. මේ තත්ත්වය සාමාන්‍ය ජනතාව තුළ මෙන්ම රටේ ව්‍යාපාරික ප‍්‍රජාව තුළත් කිසියම් තිගැස්මක් ඇති කරලා තිබෙනවා. ඊට හේතුව වන්නේ විදුලිබල බිඳ වැටීමක් සාමාන්‍ය පොදුජනතාවට වඩා ව්‍යාපාරික හා කර්මාන්ත අංශ තුළ බලවත් හානියක් ඇති කිරීමයි. මෙනිසා ඔවුන් සියලූ දෙනාගේ අපේක්ෂාව වන්නේ මේ වැඩවර්ජනය කඩිනමින් විසඳෙනු දැකීමයි.
විදුලි වෘත්තීය සමිති කියන්නේ මෙම වැඩවර්ජනය මෑත කාලයේදී සිදු වූ දැවැන්තම වැඩවර්ජනය බවයි. මේ තත්ත්වය තුළ තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමකින් තොරව යළි සේවයට වාර්තා නොකරන බව ඔවුන් අවධාරණය කරන්නේ ඇමති රංජිත් සියඹලාපිටිය මහතාගේ කාරුණික ඉල්ලීම දැඩිව ප‍්‍රතික්ෂේප කරමිනුයි. මෙහිදි ඇමැති සියඹලාපිටිය කියා සිටියේ වර්ජනයේ යෙදුණු දින දෙක වැටුප් සහිත දින ලෙස සලකා ක‍්‍රියාකිරීමට අමාත්‍යාංශය සූදානම් බවයි.
වර්ජනය කළේ ඇයි ?
විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් මේ ආකාරයෙන් වැඩවර්ජනයකට ගියේ කුමක් නිසාදැයි ජනතාවගෙන් බහුතරයකට නිසි වැටහීමක් නැහැ.
රටේම ජනතාව ඇපයට ගෙන මෙම විදුලි වර්ජනය සිදුවන්නේ සම්පූර්ණයෙන්ම ආයතනික වැටප් තල ප‍්‍රශ්නයක් පදනම් කර ගෙනයි. එනිසා ප‍්‍රථමයෙන්ම මෙම වැඩවර්ජනය හැඳින්විය හැකි වන්නේ තමන්ගේ ආයතනික ප‍්‍රශ්නක් ආයතනිකව විසඳා ගැනීම නොකොට මුළු රටේම ජනතාව පීඩාවට පත් කරමින්, ආර්ථික හානියක් කරමින් දියත්වන අතිෂයින්ම පටු අවස්ථාවාදී වැඩවර්ජනයක් ලෙසයි. ඊට හේතුව වන්නේ යම්කිසි ආයතනයක සේවක වැටුප් විෂමතාවක් විසඳා ගැනීමේ ගැටලූවකට සමස්ත සමාජයම වන්දි ගෙවිය යුතු නැති නිසයි. මේ බව ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඉතාම පැහැදිලිව අවධාරණය කර තිබුණා. එහිදී ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ, වර්ජිතයින් පවසන ආකාරයට රජය, අමාත්‍යාංශය හෝ ඇමැතිවරයා සමග ගැටලූවක් නොමැති නම්, මෙය ආයතනික වශයෙන් අභ්‍යන්තරව විසඳා ගත හැකි ගැටලූවක් නම් රටේ ආර්ථික හා සමාජ කටයුතු අඩපණ නොකොට සේවයට වාර්තා කරන ලෙස තමන් වර්ජිත සේවකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවයි.
එහෙත් වර්ජකයින් ඇමැතිවරයාගේ මේ කාරුණික ඉල්ලම සපුරා ප‍්‍රතික්ෂේප කර ඇති බව මේ වන විට අපට පැහැදිලිව දැකිය හැකි වෙනවා. ඔවුන් මේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් තමන්ගේ උපරිම බලය යොදවා ඉල්ලීම් දිනා ගැනීමට වෑයම් කරන බවයි මින් පැහැදිලි වන්නේ.
වර්ජිත ලංවිම වෘත්තීය සමිති ප‍්‍රකාශ කරන ආකාරයට මෙම වැඩවර්ජනයට පදනම් හේතුව වී තිබෙන්නේ 2015 වසරේ ජනවාරි මාසයේදී ඉහළ පාලනාධිකාරියට සිදු වූ වැටුප් වැඩිවීම මගින් ඇති වූ වැටුප් විෂමතාවයි. ඔවුන් ඉල්ලා සිටින්නේ 6:1 ලෙස වැටුප් පරිමාණය සකස් කර අදාළ වැටුප් විෂමතා වහාම ඉවත් කරන ලෙසයි.
එහෙත් මේ ඉල්ලීම ලංවිම තවත් ප‍්‍රබල වෘත්තීයවේදීන් පිරිසක් විදුලි ඉංජිනේරු සංගමය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ඔවුන් තර්ක කරන්නේ තම වැටුප් වැඩිවීම පිළිබඳ ගැටලූවක් හෝ විෂමාචාරයක් කිසිසේත් සිදුව නැති බවයි. වැඩවර්ජනයට විසඳුම් ලබාදීම දුෂ්කර වන්නේ මේ තත්ත්වය තුළයි.
දේශපාලන ගුබ්බෑයම්
ලංකා විදුලි බල මණ්ඩලය සැලකිය හැක්කේ ලංකාවේ ඉහළම වැටුප් ප‍්‍රමාණයකට හිිමිකම් කියන ප‍්‍රධාන රාජ්‍ය ආයතනයක් ලෙසයි. ඒ වගේම දේශපාලන පත්වීම්වලින් ම පුරවා ඇති ආයතනයක් ලෙසයි. මේ තත්ත්වය තුළ ලංවිම පසුගිය කාලය පුරාම අඛණ්ඩව, දැවැන්ත අලාභයක් වාර්තා කරමින් සිටින අතර එය සැලකිය හැක්කේ ¥ෂණය, අකාර්යක්ෂමභාවය හා වැරදි කළමනාකරණය හේතුවෙන් රටට දැවැන්ත හානියක් කරන ආයතනයක් වශයෙනුයි. මේ බව ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව පවා නිරන්තරයෙන් අවධාරණය කරන තත්ත්වයක්.
මේ අති බහුතරයක් දේශපාලන පත්වීම්ලාභීන් වන විදුලි සේවකයින්ගේ පහළම ශ්‍රේණියේ සේවකයා පවා ලබා ගන්නේ කිසිසේත් ඔහුගේ අධ්‍යාපන තත්ත්වයට, වෘත්තීය තත්ත්වයට හෝ සේවයට ගැළපෙන වැටුපක් නොවන බවට ප‍්‍රබල විවේචනයක් කාලයක් පුරා සමාජය තුළ තිබෙනවා. උදාහරණයක් ලෙස සම්පූර්ණයෙන්ම දේශපාලන පත්වීම්ලාභීන්ගෙන් සමන්විත වන ලංවිම කාර්යාල කාර්ය සහයකයෙකුගේ මූලික වැටුප රුපියල් 35,000ක් පමණ වෙනවා. අතිකාල ඇතුළු දීමනා සමග ඔහු රුපියල් 61,000ක් පමණ අතට ගන්නවා. අයපත්කරුවෙකුගේ මූලික වැටුප රුපියල් 52,400.00 ක් පමණ වන විට අතිකාල සමග අතට ලැබෙන සාමාන්‍ය වැටුප රුපියල් 125,000ක් පමණ වෙනවා. ලංවිම රියැදුරෙකුගේ මූලික වැටුප රුපියල් 52,000් පමණ වෙනවා. අතිකාල ඇතුළු තවත් දීමනා සමග අතට ලැබෙන වැටුප රුපියල් 116,000ක් පමණ වෙනවා. දත්ව ඇතුළත් කරන්නකුගේ මූලික වැටුප රුපියල් 44,600ක් වන විට ඔහු මාසය අවසානයේදී රුපියල් 76,000.00ක පමණ වැටපුක් අතට ගන්නවා.
අපට මේ තත්ත්වය ලංවිම වෘත්තීයවේදීන් සමග යම් තරමකට සැසඳීම මගින් පැහැදිලි චිත‍්‍රයක් ලබාගත හැකියි. ලංවිමට අනුව දෙවැනි ශ්‍රේණියේ ඉංජිනේරුවකුගේ මූලික වැටපු වන්නේ රුපියල් 97,920.00ක්. අතිකාල දීමනා සමග රුපියල් 123,000ක පමණ වැටුපත් ඔවුන් ලබා ගන්නවා.
වෘත්තිකයින් හැර ලංවිම බහුතරයක් තනතුරු පුරවන්නේ දේශපාලන පත්වීම්වලින් බව මුළු සමාජයම දන්නවා. ඡුන්දවලදී දේශපාලනඥයින්ට දරදිය අඳින බොහෝ දෙනෙක් ලංවිම, වරාය, ඛනිජ තෙල් ආදි ඉසුරුමත් තැන්වල රැුකියා ඉල්ලන හේතුව මේ අනුව අපට වටහා ගත හැකියි. 6:1 වැටුප් තලය ඉල්ලමින් මේ වැඩවර්ජනය මගින් මොවුන් මේ ඉල්ලා සිටින්නේ බාගෙන කන වළ ඉහගෙනම කන්න තමන්ට අවස්ථාව ලබා දෙන්න කියලා බව අපට මේ අනුව පැහැදිලි වෙනවා.
රාජ්‍ය සේවය වළ යන හැටි
ලංවිම වර්ජනය හරහා රටට පැහැදිලි කරන්නේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොතරම් වේගයෙන් අගාධයට යනවාද කියන තත්ත්වයයි. නිසි අධ්‍යපන හෝ වෘත්තීය තත්ත්වයකින් තොරව හුදු දේශපාලනඥයින්ට දරදිය ඇද්ද පිනට රාජ්‍ය සේවයේ පත්වීම් ගන්න බහුතරයක් පසුගිය කාලය පුරාම එය වැඩි දියුණු කිරීමට නොව එය විනාශ කිරීමට ස්වේච්ඡුාවෙන්ම දායක වෙලා තිබෙනවා. දේශපාලනඥයින්ගේ සහ අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයින්ගේ අතකොළු බවට, පුද්ගලික සංගම් බවට පත්වෙලා තිබෙන මේ බහුතරයක් වෘත්තීය සමිති පසුගිය කාලය පුරාම කිසිදු බියකින් තොරව රටේ සමස්ත ක‍්‍රියාකාරීත්වයම, මුළු පොදුජන ජීවිතයම අඩාල කිරීමේ වුවමනාවකින් පෙළෙන බව අපට පැහැදිලිව දැකිය හැකි වෙනවා. වැඩවර්ජන නැවති බලවත් අවිය හිතූමතේ භාවිත කිරීමට පෙළඹෙමින් සිටිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඛනිජතෙල් වෘත්තීය සමිති දක්වා අපි පසුගිය කාලය පුරාම අත්විඳිමින සිටින්නේ මේ භීෂකයින්ගේ අඩම්තේට්ටම් පමණයි. ඔවුන්ට ගාරා වැටෙමින් තිබෙන, දැවැන්ත අකාර්යක්ෂභාවය හා ¥ෂණය නිසා විනාශ වෙමින් පවතින තම ආයතන රැුක ගැනීම වෙනුවට, ඒවා ජාතික ආර්ථිකයට බරක් නොවන ලෙස පවත්වා ගෙන යාම වෙනුවට අවශ්‍යව තිබෙන්නේ අන්තිම බින්ඳුව දක්වා එහි සාර උරා බී හැකි තාක් ඉක්මනින් හා අවස්ථාව ලද වහාම තමන්ගේ පටු වුවමනා එපාකම් ඉටුකර ගැනීමයි. ‘‘රාජ්‍ය ආයතන’’ ‘‘රාජ්‍ය සේවය’’ මෙම අවස්ථාවාදීන් විසින් භාවිත කරන්නේ තමන්ගේ පුද්ගලික යැපීම් ක‍්‍රමයක් වශයෙන් මිස ජාතික, හෝ සමාජයීය වුවමනා එපාකම් ඉටු කරන ආයතන වශයෙන් නොවන බව පැහැදිලියි.
මුළු රටම අත්අඩංගුවට ගෙන, ජාතික ආර්ථිකය බිල්ලට දෙන්න කැස කවන මෙම වැඩවර්ජන පසුපස ඊනියා වෘත්තීය අයිතිවාසිකම් නාමයෙන් සැඟවී සිටින්නේ අන්තවාදී සහ අවස්ථාවාදී දේශපාලන පක්ෂ කිහිපයක් බව මුළු රටටම පැහැදිලියි. ජාතික තලයේ මැතිවරණයකදී ප‍්‍රධාන පක්ෂවලට අලඟු තැබීමටවත් තරම් ප‍්‍රමාණවත් ජනතා කැමැත්තක් නොලබන මෙම ඊනියා වාමාංශික දේශපාලන පක්ෂ තමන් හැකියාවන් අත්හදා බැලීමට සුලභ වශයෙන් භාවිත කරන මෙම වැඩවර්ජන, උද්ඝෝෂණ ආදිය දෙස මුළු සමාජයම වඩාත් අවධානයෙන් බැලීමට කාලය පැමිණ ඇති බව අපගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ තව දුරටත් රටේ ආර්ථික හා සමාජයීය ජීවිතය කඩාකප්පල් කරමින් දේශපාලන වින්දනයක් ලැබීමට මෙම බලවේගවලට තව දුරටත් අවකාශය ලබා දෙනවාද යන්න යළි යළිත් විමසා බැලීම අප සැමගේ වගකීමක් බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුයි.

සටහන
භාතිය බරුකන්ද

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *