yukthiya

අධ්‍යක්ෂවරුන් නැතත් නාමල්ගේ නඩුව විභාගයට

රුපියල් මිලියන 30ක් මුදලක් අයතා ලෙස උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ    අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු  නොමැතිව   නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ   (18) තීරණය  කළේය.

ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බවට අධිකරණයට ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙන්ත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘හෙලෝ කෝප්‘ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *