‘අපිට හිරේ යන්න උනේ බැසිල් නිසා’ – අනුෂ පැල්පිට.

‘අපිට සිල්රෙදි බෙදන්න කියලා නියෝග කළේ බැසිල් රාජපක්ෂ. එහෙම කරන එක නීතිවිරෝධී කියලා මං පැහැදිලි කරලා දෙන්න හැදුවම මට මගේ ජීවිතේ අහලා නැති කුණුහරුපවලින් බැනගෙන ගියා. පස්සෙ මම ඒක ගැන TRC එකේ ඒ කාලෙ චෙයාමන් හිටපු ලලිත් වීරතුංගට කිව්වා. ඊට පස්සෙ මිස්ට වීරතුංග මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් මේ ගැන ඇහුවා. එතුමා වැඩිය කල්පනා කරන්නෙ නැතුව ලලිත් වීරතුංගට කියලා තියනවා, බැසිල් කියනව නං ඔන්න ඕක බෙදලා දානව අයිසෙ කියලා. නමුත් අපි දෙන්නම ගන්න පුලුවන් උපරිම ප්‍රිකෝෂන් අරගෙන තමයි සිල්රෙදි බෙදුවේ. හැම මිනිට් එකකම අපි ලිව්වෙ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්ව කියලා. නමුත් අන්තිමට හිරේ යන්න උනේ අපි දෙන්නට.’

යනුවෙන් තමන් බැලීමට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පසුගියදා පැමිණි මිතුරන් කණ්ඩායමකට අනුෂ පැල්පිට පවසා තිබේ.

‘අපි දෙන්නම අපේ විත්තිවාචකවල මේ බව පැහැදිලිවම කිව්වා, අපි කළේ අපිට ඉහළින් ලැබුණු නියෝගය ක්‍රියාත්මක කිරීම කියලා. නමුත් උසාවිය ඒක පිළිගත්තෙ නෑ. උසාවිය කළේ මිස්ට වීරතුංගවයි මාවයි බිල්ලට දීලා බැසිල්වයි මහින්දවයි බේරගත්ත එක. යුක්තිය, සාධාරණත්වය කියන්නෙ මේකද ? දැන් බොරුවට මහින්ද රාජපක්ෂ අපිව බලන්න ඇවිල්ලා බොරු බයිලා ගහනවා. තව මාස හයකින් අපි ආණ්ඩු පිහිටුවනවා, එතකොට ඔය දෙන්නවම අපි විශාල වන්දියක් එක්ක නිදහස් කරනවා කියලා. ආණ්ඩු පිහිටුවීම කෙසේ වෙතත් තව මාස හයක් යනකොට බැසිලුයි මහින්දයි වැලිකඩ එන එක ෂුවර්. අඩුගානෙ මහින්ද ඇවිල්ලා බොරු බයිලා කියලා හරි අපිව සනසනවා. අපි ඉන්නෙ බැසිල් එනකං. එදාට අපි බැසිල් නොදන්න කුණුහරුපත් එයාට කියලා දෙන්නම්.’ යනුවෙන් අනුෂ පැල්පිට තම මිතුරන් ඉදිරියේ පවසා ඇත්තේ හඬා වැලපෙමිනි.

(LNW)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *