ජී එල් , ඩිලාන් , පියසිරි , ටිරාන් දංගෙඩියට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ ලේකම් ධුරය  වෙනස්කරමින් බලය අතට ගැනීමත් සමග මහින්දවාදීන් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුව සිටි ජී එල් පීරිස් , ඩිලාන් පෙරේරා , පියසිරි විජේනායක , ටිරාන් අලස් ආදීන්ගේ ඉරණම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත . ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුකරනුයේ පක්ෂ ලේකම්වරයාගේ නිර්දේශය අනුවය .

මැතිවරණයේදී මෛත්රීවාදීන් පරාජය කොට ඉවත්කිරීමට රාජපක්ෂවාදීන් උත්සාහ කළේය . එම තත්ත්වය තුළ රාජපක්ෂවාදීන්ට ජාතික ලැයිස්තුවෙන් පත්වීමට ඇති ඉඩකඩ සීමා සහිත වනු ඇත . එමෙන්ම මෛත්‍රීට හිතවත් අපේක්ෂකයකු මැතිවරණයෙන් පරාජය කරන්නට රාජපක්ෂවාදීන් කුමන්ත්‍රණනකාරීව ක්‍රියා කළහොත් ඔහුව ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට පත්කළ හැකිය .

විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිළ සාමාජිකයන් නොවන නිසා ඉදිරි කටයුතුවලදී ඔවුන් නොතකා හැරිය හැකි බවද කියති . වාසුදේව නානායක්කාර මහතාගේ තත්ත්වයද ඊට සමානය .

ලසසපයේ තිස්ස විතාරණගේ සහ කොපයේ ඩිව් ගුණසේකරගේ නම් ද ජාතික ලයිස්තුවේ සදහන්ය .

මෙම තත්ත්වය යටතේ සන්ධාන මහලේකම් පත්වීම නීතිමය අභියෝගයට ලක්වීමේ ඉඩකඩ ඇත .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *