මෛත්‍රීගේ බී සැලසුම ක්‍රියාත්මකයි

මහMaithripala_Sirisena_(cropped) මැතිවරණය අවස්ථාවේදී ශ්‍රීලනිපයේ බලය ලබාගත නොහැකිව පසුබැස ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ බලය සියතට ගැනීමේ බී සැලසුම ක්‍රියාවට නගා ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ප්‍රතිවාදීන්ට ක්‍රියාත්මක වියහැකි ඉඩකඩ අවම වූ මොහොත තෝරාගෙන ජනාධිපතිවරයා තම සැලසුම ක්‍රියාවට නගා ඇති බව නිරීක්ෂකයන්ගේ මතයයි .

මැතිවරණයට පෙර පක්ෂයේ බලය ලබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළේ නම් පක්ෂය කඩාගෙන වෙනම පෙරමුණකින් තරගකර මෛත්‍රීගේ බලය දුර්වල කිරීමට මහින්ද රාජපක්ෂ කණ්ඩායම සැලසුම් කොට තිබිණි . එම තත්ත්වය යටතේ  මැතිවරණයේදී එජාපයට විශාල බලයක් හිමිවී සන්ධානය දුර්වලවීම නොවැලක්විය හැකිවෙයි . එසේ වුයේ නම් එය ඉදිරි දේශපාලනයේදී ජනාධිපතිවරයාගේ බලය විශාල ලෙස දුර්වල වීමට හේතුවකි . මැතිවරණය අවසන් වීමත් සමග බලය ලබාගැනීමෙන් එම තත්ත්වය බොහෝදුරට මගහරවා ගත හැකිවෙයි .

පක්ෂයේ සහ සන්ධානයේ ලේකම්වරුන් ඉවත්කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වයද තහනම් කිරීමට පියවර ගැනීම බලය අතට ගැනීමේ ජනාධිපති වරයාගේ සැලසුම අනුව සිදුවූ බව පැහැදිලිය . මෙයට එරෙහිව රාජපක්ෂ පිල නීතිමය හා වෙනත් පියවර ගැනීමට ඉඩ ඇතත් මැතිවරණ ප්‍රතිපලයත් සමග ජනාධිපතිවරයා වඩා බලවත් වන බව නිරීක්ෂකයන්ගේ මතයයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *