ගෝඨාගේ එළියේ ඇත්ත අරමුණ – භාතිය බරුකන්ද

‘‘හැංඟි හැංඟි වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළියේ’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ ගැමි කියමන අපූරුවට සනාථ කරමින් වසර ගණානාවක් පුරා දේශපාලන තිරය පිටුපසට වී වෙස් බඳිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවට/ ‘එළියට’ පැමිණ තිබෙනවා. ඒ පසුගිය සැප්තැම්බර් 06 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටයේදී එළි දක්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලූත්ම දේශපාලන ව්‍යාපෘතිය වන ‘එළිය ව්‍යාපෘතිය’ සමගිනුයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එළිය ව්‍යාපෘතියේ තේමා පාඨය වන්නේ ‘‘අඳුරින් එළියට – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනතුර’’ යන්න යි. එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය වෙනුවෙන් අන්තර්ජාලයේ හුවමාරු වූ ආරාධනා පත‍්‍රයේ වැඩි දුරටත් සඳහන් වූයේ මෙය ‘‘ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාවක් බවත්, ව්‍යවස්ථාවේ යෝජිත වෙනස්කම් පිළිබඳ සංවාදය ආලෝකමත් කරමින් විද්වත් කථිකයින්ගේ සහභාගීත්වයෙන් ‘එළිය’ කලඑළි බැසීම සිදුවන බවයි.
අඳුරෙන් එළියට – එළියේ අරමුණ
ගෝඨාගේ එළිය නියම නිලය අල්ලා ගෙන ඇති බව අපට පැහැදිලිවම දැකිය හැකියි. ඒ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය බිල්ලෙක් බවට පත් කරලා එය රට, ජාතිය හමුවේ මතුව තිබෙන දැවැන්ත අනතුරක් බවට නාමකරණය කිරීමයි. ‘‘රට බේරාගත් මහා යුද විරුවා’’ ලෙස ස්වයං අභිෂේකයක් ලබාගෙන තිබෙන ගෝඨාභය රාජපක්ෂ විසින්ම, ඒ බේරාගත් මවුබිම හමුවේ තිබෙන අලූත් අනතුර, ව්‍යවස්ථාමය අනතුර පිළිබඳ මතය ජනතාව හමුවට ගෙන යාම ජනප‍්‍රිය වැඩක් වගේම දකුණේ සිංහල බෞද්ධ ජනමතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැකි බව ද පහසුවෙන් බැහැර කළ නොහැකියි. මොකද මේ කල්ලිය විසින් නිල සහ නොනිල වශයෙන් පසුගිය කාලය පුරාම අඛණ්ඩව වැපිරූ ජාතිවාදී, ආගම්වාදී බීජවල අස්වැන්න කපා ගැනීමට සුදුසුම අවස්ථාව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග ඉදිරියට පැමිණෙන නිසයි. ඒ නිසා සිංහල බෞද්ධ ඡුන්ද මල්ල කඩා ගන්න ගෝඨාභය ඇතුළු කල්ලිය දැන්ම තියාම පිටපොට ගැසීම හුදු අහම්බයක් නොවෙයි. කාලයක් පුරා ඉතා සැලසුම් සහගතව කළ, සූක්ෂම දේශපාලන සැලසුමක් බව අප පිළිගත යුතුයි.
එළිය දෙන්නේ කා සමගද?
එළිය කලඑළි බැස්ස දා විද්වත් කථිකයින් කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ගෝඨාභය රාජපක්ෂගේ සහ මහින්ද රාජපක්ෂගේ අනුග‍්‍රහය ලබමින් රාජපක්ෂලාගේ සිතැඟි ම පුනරුච්චාරණය කරන පෙත්තප්පුලා වන දයාන් ජයතිලක වැනි පුද්ගලයින් නම් ප‍්‍රමුඛ හා කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් හිටියා. ඒ අතරේ රාජපක්ෂ පවුලේ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීම නිසා දැන් අනතුරට ලක්ව සිටින ආරක්ෂක හමුදාවල ඉහළ පුටුවල වැජඹුණු සැලකිය යුතු පිරිසක් ද (කමල් ගුණරත්න ඇතුළු* හිටියා. මෙහිදී අපට ඉතාම පැහැදිලිව පෙනුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කල්ලිය මේ පරණ බෝතල්වලම දාලා (කාලයක් පුරා කරගෙන ගිය ‘‘විද්වත් කතිකාව’’ වෙනුවට* රටට අලූතින් දෙන්න හදන්නේ පරණ වයින්ම තමයි කියලයි.
මේ ගැන උනන්දුවක් දක්වන කිහිප දෙනකුම පැහැදිලිව අවධාරණය කළේ ‘‘මේ ගෝඨා පහුගිය කාලේ තිරේ පිටිපස්සේ ඉඳන් ගෙනගිය ‘විද්වත් කතිකාව’ කියන ඊනියා ජාතිවාදී ව්‍යාපෘතිය අලූත් නමකින් එළියට ගැනීමක් පමණයි’ කියලා. එහිදී ඔවුන් කිවුවේ දයාන් ජයතිලක වැනි ඊනියා විද්වතුන් සමග අන්තජාතිවාදය සහ රාජපක්ෂ පවුල්වාදය වපුරනවා හැරෙන්න අලූත් එළියක් නම් රටට ලබාදිය නොහැකි බවයි. ඒ බව එළිය කලඑළි බැස්ස දා දයාන් ජයතිලක කළ දේශනය තුළින්ම පැහැදිලි වන බවයි ඔවුන් කියා සිටියේ.
එළියේ සැලසුම කුමක්ද ?
ඔවුන් කියන මේ කතාව ඉතාම පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ඊනියා විද්වත් කතිකාව නියෝජනය කළ මේ කල්ලියට දැන් වුවමනා කරන්නේ බකල් ගසමින් හෝ තීරණාත්මක කඩඉමක් කරා ගමන් කරමින් සිටින නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කෙසේ හෝ කඩාකල්පල් කිරීමයි. එසේ කිරීමට නොහැකි නම් එය මුළුමනින්ම දියාරු කරමින් (ඒකාබද්ධ කල්ලිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කළා සේ* කරමින් 2020දී විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්නා ඡුන්දයක් ම ලබා ගැනීමයි.
ඒකාබද්ධ විපක්ෂයේ මේ දේශපාලන වුවමනාව සම්පූර්ණ කරගැනීම සඳහා වන සියුම් දේශපාලන සැලසුම් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය තුළින් වගේම නිමල් සිරිපාල ද සිල්වා නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම හරහා ද සියුම්ව ක‍්‍රියාත්මක වෙමින් පවතින බවක් දැකිය හැකියි. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිමල් සිරිපාල ද සිල්වා නායකත්වය දරන ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ ද පැහැදිලි විරෝධය මේ වන විට නිල වශයෙන් ප‍්‍රකාශ වීම තුළයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයේ අවසන් තීන්දුව ඇත්තේ පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතේ වුවත් බොහෝ දේශපාලන විචාරකයින් පැහැදිලිව සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බෝලය ඉතාම සූක්ෂම ආකාරයෙන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව වෙත පාස් කරනු ඇති බවයි. පක්ෂයේ බහුතර මතයට තමන්ට පිටුපා යා නොහැකි බව ප‍්‍රකාශ කරනු ඇති බවයි. මේ නිසා ඇතුළතින් සහ පිටතින් නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ තීරණාත්මක සහ වර්ණවත්ම අංශය වන ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’’ යන දශක හතරක් පුරා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව පෙනී සිටි මතවාදය වත්මන් ශ‍්‍රීලනිපයේ රාජපක්ෂ සහ සිරිපාල කල්ලිය දෙක විසින්ම ඉතාම සැලසුම් සහගත ලෙස විනාශ කොට ඇති බවක් දැකිය හැකියි.
විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් ආරක්ෂා කරන මේ තීන්දුව ශ‍්‍රීලනිපයේ මෙන්ම ජනවාරී 08 දේශපාලන ජයග‍්‍රහණයේ මූලික අරමුණුවලට සපුරා පටහැනි දෙයක් වුවත් ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ආණ්ඩුව සමග එක්ව සිටින ශ‍්‍රීලනිපයේ අති බහුතරයේද දේශපාලන වුවමනා එපාකම්වලට කිසිසේත් පටහැනි වන්නේ නැහැ. ඒ 2020 දී විධායක ජනාධිපතිවරණයක් ශ‍්‍රීලනිපයේ මෙන්ම රාජපක්ෂ පවුලේ ද පැවැත්ම කෙරෙහි තීරණාත්මක කරුණක් වන නිසයි.
විධායකයම අවශ්‍ය ඇයි ?
ශ‍්‍රීලනිපයේ නිමල් සිරිපාල පාර්ශ්වය විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවෙන් පෙනී සිටීම අප සැලකිය යුත්තේ දේශපාලන මෙන්ම බල යථාර්ථයක් ලෙසයි. එය දේශපාලන යථාර්ථයක් වන්නේ 1977 සිට 1994 දක්වා වසර 17ක් විධායකයෙන් කොතරම් බැටකෑවත් 1994 සිට මේ දක්වා වසර 23ක් ශ‍්‍රීලනිපයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම රැුඳී පවතින්නේ විධායක ජනාධිපති ක‍්‍රමය මත වීමයි. මෙය අපට පහසුවෙන් තේරුම්ගත හැකි වන්නේ 1994 මහ මැතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා ශ‍්‍රීලනිපයේ සමස්ත ක‍්‍රියාකාරීත්වය සියුම්ව අධ්‍යනය කිරීම මගිනුයි. අද ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමයට පක්ෂ වීම ගැන ප‍්‍රබල විවේචන එල්ල කරන විවේචකයින් මේ දේශපාලනමය සාධකය හා බල සාධකය පහසුවෙන් අමතක කරන බවයි අපගේ අදහස වන්නේ.
මේ කාරණය පහසුවෙන් වටහා ගැනීමට අපට 17 වසරක එජාප පාලනය නිමා කරමින් 1994 පැවැති මහ මැතිවරණ ප‍්‍රතිඵල වෙත යා යුතුයි. මේ වන විට 17 වසරක එජාප පාලනය ජනතාව අතර කොතරම් විවේචනයකට ලක්ව තිබුණත්, පක්ෂය බෙදී වෙන්වී තිබුණත් එජාපය පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලයක් ලබා ගත්තා. එජාපයේ ජනාධිපති ඞී.බී. විජේතුංග මහතා යටතේ එදා පොදු ජන එක්සත් පෙරමුණේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිහිටෙවුවේ සුළුතර ආණ්ඩුවක්. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවේ බලය තහවුරු කර ගැනීමට හැකි වුණේ පසුව පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජයග‍්‍රහණය කළ පසුව ලැබුණු විධායකයේ රැුකවරණය නිසයි. ඊට පසුව එජාපයෙන් මන්ත‍්‍රීවරු බුරුතුපිටින් බාගත්තේ විධායකයේ බලය නිසා මිස පාර්ලිමේන්තු බලය නිසා නොවෙයි. මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රමුඛම දේශපාලන පොරොන්දුව වුවත් (ජවිපෙ සමග ගිවිසුම් ගසා වුවත්* පොදු පෙරමුණ හෝ ජනාධිපතිනිය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන තැනකට ගියේ නැහැ. ඒ පොරොන්දුව ඉතිහාසයේ කුණු බක්කියට වැටුණා.
ඊට පසු කාලය පුරාම අපිට දැකිය හැකි වුණේ විධායකයේ බලය නිසාම සුරක්ෂිත වන ආණ්ඩුවක්. මේ තත්ත්වය 1999 ජනාධිපතිවරණය, 2000 මහ මැතිවරණවලදී මනාව පැහැදිලි වුණා. මේ ලේඛකයාගේ අදහස අනුව ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමය වැඩියෙන්ම ණයගැති වෙන්නේ 2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් එජාපය ජය ගෙන ආණ්ඩුව පිහිට වූ පසුව බවයි. සාමාන්‍ය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් එදා තිබුණා නම් ශ‍්‍රීලනිපයේ පාලනය 2001 දෙසැම්බර් මහ මැතිවරණය සමග අවුරුදු 6කින් අවසන් වෙනවා. ඒත් මහ මැතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය පදවියට පත් කරමින් එජාප ආණ්ඩුවක් බිහි වුණත් රටේ සැබෑ බලය පැවතුණේ ව්‍යවස්ථාව අනුව ජනපතිනිය අතෙයි. රාජ්‍ය නායිකාව වුණේ ශ‍්‍රීලනිපයේ නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය මිස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නොවෙයි. මේ තත්ත්වය 2002 සටන් විරාම ගිවිසුමෙන් පසු උද්ගත වූ දේශපාලන ව්‍යාකූලත්වය සමග අපූරුවට පැහැදිලි වුණා. 2004 දී ජනාධපතිනියට එජාප ආණ්ඩුව විසුරුවා හැරලා මහ මැතිවරණයට යන්න පුළුවන් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසයි. එම මැතිවරණය සඳහා සම්පූර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණයම භාවිත කරලා එජාපය පරාජය කිරීමට හැකි වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසයි.
මේ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ආරම්භක අවුරුදු 17දී ශ‍්‍රීලනිපය බැට කෑවත් 1994 සිට විධායක ජනාධිපති ක‍්‍රමයෙන් වඩාත්ම වැඩ ගත්තේ ශ‍්‍රීලනිපය බවයි අපට පැහැදිලි වන්නේ. නැවත අවධාරණය කළොත් 1994 සුළුතර ආණ්ඩුවක් පිහිට වූ ශ‍්‍රීලනිපය ප‍්‍රමුණ සන්ධානය 2015 දක්වා අඛණ්ඩව රට පාලනය කළේ ( 2002-2004 එජාප අගමැති යටතේ පවා* විධායක ජනාධිපති ක‍්‍රමයට පින් සිදුවන්නයි. ඒ තත්ත්වය 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ විසින් ද අපූරුවට අභ්‍යාස කළ බව අප අමතක නොකළ යුතුයි. කොටින්ම නිල වශයෙන් සැලකුවහොත් 2015 ජනවාරී 08 වැනිදා සිට මේ දක්වාත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වෙන්නේ ශ‍්‍රීලනිපයේ සභාපතිවරයායි. ඒ විධායක ජනාධිපති ක‍්‍රමයට පින් සිදුවන්නයි. අදත් ශ‍්‍රීලනිපයේ සැලකිය යුතු පිරිසක් මහ මැතිවරණයෙන් බහුතරය දිනාගත් එජාපය ඉවත් කොට ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවක් පිහිටුවන්න කියලා ජනාධිපතිවරයාට බල කරන්නේ මේ විධායක ආධිපත්‍ය නිසා මිස වෙන ආධිපත්‍යයක් නිසා නොවෙයි. ඉතා සරලව පැහැදිලි කළහොත් 1948 සිට තට්ටු මාරු ක‍්‍රමයට ක‍්‍රියාත්මක වූ මේ රටේ පාලනය එක පක්ෂයක දීර්ඝ කාලීන පාලනයක් බවට පත් කළේ විධායක ජනාධිපති ක‍්‍රමයයි. දෛවෝපගත ලෙස එහි ප‍්‍රමුඛතම හා දීර්ඝ කාලීනම වාසිය 1994 සිට මේ දක්වා අඛණ්ඩව භුක්ති විඳිමින් සිටින්නේ ආරම්භයේදී එයින් බැට කෑ ශ‍්‍රීලනිපයමයි.
මේ දේශපාලන යථාර්ථය තුළ රටේ ප‍්‍රබලම තනි පක්ෂය නොවන (ශ‍්‍රීලනිපය 1952 සිට තනි පක්ෂයක් ලෙස ආණ්ඩු බලය අල්ලා ගෙන නැත* ශ‍්‍රීලනිපය වර්තමානයේදී ඇති සුළුජන හා සුළු ආගමික බලපෑම හමුවේ යළි පාර්ලිමේන්තු ක‍්‍රමයකට යාම සියතින්ම ගෙළ සිඳ ගැනීමක් ලෙස සැලකීම පුදුමයට කරුණක් නොවෙයි.
අනෙක් අතින් බල සාධකය වන්නේ 2020 දී රාජ්‍ය නායකයා පත් කර ගන්න ජනාධිපතිවරණයක් වෙනුවට 2021දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණියහොත් එය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රීලනිපයට ඇති අභියෝගාත්මක තත්ත්වයයි. මෙයට බලපාන ඉතාම පැහැදිලි දේශපාලන කරුණ වන්නේ 1994 සිට 2015 දක්වා ශ‍්‍රීලනිපය සියලූම මැතිවරණය ජයග‍්‍රහණය කළේ සම්පූර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණයම හිතූමතේ අවභාවිත කරමින් වීමයි. තමන්ට ඉතාමත් වාසිදායක දේශපාලන පරිසරක් තුළ මැතිවරණ කැඳවීම මගින් වීමයි. එය 1997 පැවැත් වූ පොදුපෙරමුණු ආණ්ඩුවේ පළමු මැතිවරණය වූ අපකීර්තිමත් වයඹ පළාත් සභා මැතිවරණයේ සිට 2015 ජනවාරී 08 ජනාධිපතිවරණය දක්වාම ඉතාම පැහැදිලිව දැකිය හැකි තත්ත්වයක් බව කිව යුතුයි. (අද ලලිත් වීරතුංග හරහා හෙළිවන්නේ මේ දේශපාලන යථාර්ථයයි*
මෙවැනි රාජ්‍ය බලයක් නොමැති තත්ත්වයක් තුළ, දැවැන්ත හා පුළුල් ජන පදනමක් ඇති එජාපය සමග කරට කර සටනක්දී නැවත පාර්ලිමේන්තු බලය අල්ලා ගැනීම ඉතාමත් අසීරු කරුණක් බව ශ‍්‍රීලනිපය වටහා ගෙන ඇති බව පැහැදිලියි. එනිසා වත්මන් දේශපාලන පැවැත්ම සඳහා මෙන්ම, අනාගත දේශපාලන පැවැත්ම වෙනුවෙන් ද ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමය මත රැුඳෙන තීන්දුවක් ගැනීම දේශපාලන සහ බල වුවමනාව මත යථාර්ථවාදී පසුබිමක සිට ගන්නා ලද තීක්ෂණ තීන්දුවක් බව පැහැදිලියි. එය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වුවමනාවෙන් පෙළෙන පාර්ශ්වයන්ට දැරිය නොහැකි කරුණක් වුවත් 1994 සිට විධායකයේ පිහිවෙන් මේ දක්වා ආණ්ඩු කරන ශ‍්‍රීලනිපයට නම් අත්‍යව්‍ය කරුණක් බව පැහැදිලියි.
ගෝඨා පිට පොට ගසන්නේ කුමටද ?
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන භාවිතය හා ප‍්‍රවේශය අප ප‍්‍රවේශමෙන් අධ්‍යනය කළ යුත්තේ මෙම දේශපාලන යථාර්ථය තුළ බව අපගේ අදහසයි.
මෙහිදී ප‍්‍රථමයෙන්ම සඳහන් කළ යුතු වන්නේ 2015 ජනාවරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නොසිතූ විරූ ආකාරයෙන් පරාජයට පත්වීම අද දක්වා ලංකා දේශපාලනයේ තීන්දු තීරණ කෙරෙහි බලපාන ප‍්‍රධාන කාරණය වන බවයි. උදාහරණ වශයෙන් අද මහත් සංවාදයට භාජනය වී ඇති ලලිත් වීරතුංග මහතාගේ සිල් රෙදි නඩුව ගත හැකියි. ‘කෙසේ හෝ ජය ගන්නවා’ යන මරාගෙන මැරෙන තීන්දුව යටතේ සිදු වූ මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය පත් වීම රාජපක්ෂ පවුලේ දේශපාලන න්‍යාය පත‍්‍රය සම්පූර්ණයෙන් අවුල් කළා පමණක් නොව එහි ප‍්‍රමුඛතා ද අවුල් කළ බව අපට වටහා ගත හැකියි. එහිදී රාජපක්ෂ පවුලේ දේශපාලන සැලසුම වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රකාරව හැකිතාක් කල් මහින්ද රාජපක්ෂගේ පාලනයක් ගෙනයාම සහ ඔහුගෙන් පසු නාමල් රාජපක්ෂට බලය හිමිවන උතුරු කොරියානු පන්නයේ පවුල් පාලනයක් මිස වෙනෙකක් නොවෙයි.
මේ පිය-පුතු පවුල් පාලනයේදී ගෝඨාභය රාජපක්ෂ තිරය පිටුපස අදෘශ්‍ය බලවතා වනවා මිස රාජ්‍ය නායකයා ලෙස ඉදිරියට එන සැලසුමක් නොතිබූ බව ද පැහැදිලියි. මන්ද කොතරම් විශ්වාසනීය වුවද, අත්‍යවශ්‍ය වුවද පවුලෙන් පිට රාජපක්ෂවරයෙකුට වුවත් පාලන බලය යාම ‘මහින්ද-ශිරන්ති’ මාපිය යුවළ සේම නාමල්, යෝෂිත ඇතුළු දරුවන් පිරිස කිසිවිටක නොඉවසන බව පැහැදිලි නිසාය.
මේ තත්්තවය තුළ ගෝඨාභය රාජපක්ෂට දේශපාලනය කිරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොපැතිව අතර ඔහුට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ විසින් දිනා ගන්නා දේශපාලන බලය තමන්ට අවශ්‍ය පරිදි අභ්‍යාස කිරීමක් පමණයි. ඒ නිසා රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ (2005-15* මෙරට බලවත්ම රාජ්‍ය නිලධාරියාව සිටි ගෝඨාභය රාජපක්ෂ එළිපිට දේශපාලනයේ යෙදෙමින් සිටියත් (2010දී ජනපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේ වගේම 2010 මහ මැතිවරණ සමයේ දුමින්ද සිල්වාගේ, කොළඹ මහ නගර සභා ඡුන්දයේදී මිලින්ද මොරගොඩ, පළාත් සභා මැතිවරණයේදී උදය ගම්මන්පිල ආදි වශයෙන්* දිගින් දිගටම මතුරමින් සිටියේ ‘‘මම දේශපාලනය ගැන කතා කරන්නේ නෑ’’ යන මන්ත‍්‍රයයි. එදා ගෝඨාභය රාජපක්ෂ කළ මෙම ප‍්‍රකාශය පිළිගත හැකි තාර්කිත පදනමක් අපට තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ අපරාජිත, යාවජීව ජනාධිපතිවරයාව ජීවත්වන තාක් කල් බලය පිළිබඳ ගැටලූවක් නොවූ තත්ත්වයක් තුළ ද ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස නාමල් රාජපක්ෂව අභියෝගයකින් තොරව අභිෂේක කර තිබූ තත්ත්වයක් තුළ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කරළියට පිවිසීමේ අවශ්‍යතාවක් නොතිබූ බව හෝ රාජපක්ෂ පවුලට එවැනි වුවමනාවක් නොතිබූ බව ද අපට පහසුවෙන් වටහා ගත හැකි වූ නිසයි.
අනපේක්ෂිත පරාජයෙන් පසු
ආරම්භයේදී සඳහන් කළ ආකාරයට 2015 ජනවාරී 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය නොවූණා නම් අද ගෝඨාභය රාජපක්ෂ ගැන මේ දේශපාලන කලබැගෑනී කිසිවක් ඇති වන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ සුපුරුදු ලෙස තිරයට පිටුපසට වී ආණ්ඩුව කරගෙන යන්න තිබුණා. එහෙත් මේ සියල්ල 2015 ජනවාරී 08 වැනිදා වෙනස් කළා පමණක් නොව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා යළි මහින්ද රාජපක්ෂ යුගයක් ගැන සිහින ද ව්‍යවස්ථාපිතව අහුරා දැමීමට හැකි වුණා. රාජපක්ෂ පවුලට පමණක් නොව රාජපක්ෂවරුන් සමග දේශපාලන කළ බොහෝ දෙනකුට ‘‘මහින්දට බැරි’’ තත්ත්වයක් තුළ මහින්ද වෙනුවට ප‍්‍රබල ආදේශකයක් ලෙස අද ගෝඨාභය රාජපක්ෂ වුවමනා වී තිබෙන්නේ මේ නිසායි.
2015 පසු ගෝඨාභය කළ දේ
මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු ක‍්‍රමිකව හා සැලසුම් සහගතව ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගැනීමේ සැලසුමක් රාජපක්ෂ පවුල තුළින් මෙන්ම ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් තුළින් ද දියත් ව තිබූ ආකාරය අපට පසුගිය කාලය පුරාම දැකිය හැකි වුණා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා නොඉවසූ ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් සේම ශ‍්‍රීලනිපය සමග දීර්ඝ කාලයක් දේශපාලනය කළ, ඒ මතම යැපුණ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි අය ද මෙහිදී ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ සිංහල බෞද්ධ ජාතිවාදී හඬට, වුවමනා එපාකම්වලට ගැළපෙන නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතා හරහා ලබා ගැනීමයි. මේ තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුවේ ආරම්භක හෝරාවේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා පැළඳ සිටියේ කිසිදු දේශපාලන අපේක්ෂාවකින් තොර, රට ජාතිය ගැන සිතමින් බුද්ධිමය මෙහෙවරක යෙදෙන දේපේ‍්‍රමී මහා ප‍්‍රාඥයෙකුගේ සළුපිළියි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම ස්වේච්ඡුාවෙන් ඇඳගත් ඒ සළුපිළි අතිෂය දේශපාලනික කතිකාවක් වන ‘එළිය කතිවකාව’ ආරම්භ කිරීම සමග ස්වේච්ඡුාවෙන් ම ගළවා ඉවත් කර ඇති ආකාරයක් අපට දැන් දැකිය හැකියි. දැන් ජනතාව හමුවේ තිබෙන්නේ රාජපක්ෂ පාලන සමයේ ජනපතිවරයාට පසු රටේ බලවත්ම චරිතය වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නැටීමට සූදානම් වන නාගඩම කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටීමයි.
දේශපාලන සුළඟ වෙනස් වීම
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එළිය කතිකාව සමග දේශපාලන සළුපිළි පැළඳ කඩිනමින් කලඑළි බසින්නේ රාජපක්ෂ පවුල පමණක් නොව ඔවුන් විසින් නායකත්වය දෙන ඊනියා ඒකාබද්ධ විපක්ෂය ද රාජපක්ෂ පවුලේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් කිසිඳු හිරිකිතකින් තොරව දරදිය ඇඳි රාජ්‍ය නිලධාරීන් ඇතුළු තවත් විශාල පිරිසක් තුෂ්ණිම්භූත වෙමින් සිටින අවස්ථාවකදී වීම සුවිශේෂයි. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව හා දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටි විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධ සාසන අමාත්‍යධූරයෙන් පළවා හැරීම, මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සැමරුම් උළෙල අතිසාර්ථක ආකාරයෙන් පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ලැබීම සහ පසුගිය දා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතාට තුන් අවුරුදු සිරදඬුවම් නියම වීම රාජපක්ෂ කල්ලිය පමණක් නොව යළිත් රාජපක්ෂ පාලනයක් ගැන සිහින දකිමින් සිටින රාජපක්ෂවාදීන් ද දේශපාලනිකව මෙන්ම මානසිකව ද දැඩි තිගැස්මකට ලක් කළ අනපේක්ෂිත සිදුවීම් වශයෙන් සැලකිය හැකියි.
තම පවුල මෙන්ම කල්ලිය ද මානසිකව හා දේශපාලනිකව බෙලහීන කළ මේ දැඩි අර්බුදකාරී තත්ත්වය තුළ තව දුරටත් හැංඟි හැංඟි වෙස් බඳිනවාට වඩා දේශපාලන කරළිය මැදට පැමිණ හරඹ පෑම වඩා වැදගත් යැයි ඇතැම් විට ගෝඨාභය රාජපක්ෂ මහතා සිතන්නට ඇති. මන්ද වත්මන් දේශපාලන ප‍්‍රවණතා (විශේෂයෙන් පසුගිය රජය සමයේ සිදුවූ ¥ෂණ, අපරාධ ආදිය පිළිබඳ සිදුවන පරීක්ෂණ කඩිනම් වෙමින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන ප‍්‍රබලයින්ට සිදු වූ දේ* අනුව බොහෝ විට රාජපක්ෂ පවුලේ පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ අති බහුතරයකගේ දේශපාලන ජීවිතය අධිකරණය මගින් ම තීන්දුවන ප‍්‍රවණතාවක් වේ වන විට ඉතා පැහැදිලිව දිස්වෙමින් පවතින නිසයි. එසේ නැති නම් රාජපක්ෂ කල්ලිය විසින් මෙතෙක් කලක් සඟවා ගෙන සිටි ඔවුන්ගේ ට්‍රෝජන් අශ්වයා වන ගෝඨාභය රාජපක්ෂ මේ ආකාරයෙන් අනපේක්ෂිත ආකාරයෙන් එළි දල්වමින් දේශපාලන කරළියට පිවිසීමට අවශ්‍යතාවක් නැහැ.
අනතුර වටහා ගැනීම
විද්වත් කතිකාව එළිය නමින් යළි නාමකරණය කරමින් අලූත් සළුපිළි පැළඳගෙන පරණ කල්ලිය සමග දැන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරළියට පැමිණ තිබෙන තත්ත්වය තුළ මහා දේශපාලන පෙරළියක් අපට කිසිසේත් අපේක්ෂා කළ නොහැකියි. ඒකට හේතුව වන්නේ මීට ඉහතින් සඳහන් කළ විජේදාස රාජපක්ෂ, ශ‍්‍රීලනිපයේ 66 වැනි සංවත්සර උළෙල හා ලලිත්-අනූෂ නඩු තීන්දුව වත්මන් දේශපාලන සිතියම සම්පූර්ණයෙන්ම රාජපක්ෂවරුන්ට අවාසි සහගත ලෙස යළි සකස් වීමයි. ඒ වගේම ‘අද වැටෙනවා’, ‘ආණ්ඩුවෙන් මේ ගාණක් යනවා’ යැයි කියමින් බලය සමග කේවල් කිරීමට තැත් කළ ශ‍්‍රීලනිපයේ මහින්දවාදීන් දැන් ක‍්‍රමයෙන් නිහඬ වෙමින් හෝ කටුව සඟවා ගනිමින් සිටින ස්වභාවයක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. ඒ වගේම ශ‍්‍රීලනිප-එජාප හවුල් ආණ්ඩුව ද යළි ගිවිසුම් අත්සන් කිරීමකින් තොරව පවා ඉදිරියට යමින් තිබෙනවා. ඩිලාන් පෙරේරා, මහින්ද අමරවීර ආදින් යළිත් රාජපක්ෂවරුන්ට එරෙහිව ප‍්‍රබල ප‍්‍රහාරයක් දියත් වෙමින් තිබෙනවා.
මේ තත්ත්වය තුළ ජනපති මෛත‍්‍රීපාල සිිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ අතර දේශපාලන දීගය සැකසාංකාවලින් තොරව තවමත් ඉදිරියට යා හැකි බව පසුගිය දා එළිදැක්ක ඪෂීෂධභ 2025 තුළින් පැහැදිලි වුණා. මෙමගින් ඉදිරි වසර අට සඳහාත් එජාපය-ශ‍්‍රීලනිපය සම්මුතියෙන් බැඳෙන බවක් සහතික වුණා.
මෛත‍්‍රී-රනිල් හවුල් ආණ්ඩුව ඉතාමත් ප‍්‍රබල දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ කඩිනමින් දියත් කළහොත්, ජනවාරී 08 පොරොන්දුවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉටුකළහොත් ඉදිරියේදී ආණ්ඩුවට සැලකිය යුතු විරෝධයක් එල්ලවීමක් සිදුවන්නේ නැහැ. ඒත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කල්ලිය ක‍්‍රමයෙන් ළඟා වෙමින් පවතින තමන්ගේ අවසානයට එරෙහිව (නඩු තීන්දු හරහා* ඇස්කන් පියාගෙන සිටීවි යැයි අපට විශ්වස කළ නොහැකියි. මොකද මේ මහ ගස් බිමට වැටෙන කොට ඔවුන් වටා සිටි, ආගමික, දේශපාලන, ආරක්ෂක, ජනමාධ්‍ය, පරිපාලන, ව්‍යාපාරික ඇතුළු බොහෝ මිටි ගස් ද බිමට සමතලා වීම නොවැළැක්විය හැකි නිසයි. මේ තත්ත්වය තුළ ඉදිරි කාලය ඒකාබද්ධ විපක්ෂයට මෙන්ම ගෝඨාභයේ එළියට ද මරාගෙන මැරෙන සටනක් විය හැකියි. එහිදී ඔවුන් කිසිසේත්ම මානුෂීය මෙහෙයුමක් නොකරන බව වැලිකඩ බන්ධනාගාර සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුගේ නිවසට වෙඩි තැබීම මගින් සංඥා නිකුත් කර තිබෙනවා. මේ තත්ත්වය තුළ ඉදිරියේදී අප කිසිවිටකත් අපේක්ෂා නොකළ බොහෝ අනපේක්ෂිත දේවල් සිදුවිය හැකියි. මොකද ‘ගොරකා දඩමස් කිරීමේ’ කලාව මොවුන් විසින් අපූරුවට අත්හදා බලා ඇති නිසයි.
මේ තත්ත්වය තුළ අප ආණ්ඩුවට සහ සිවිල් සමාජයට යෝජනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ එළියට එන කොට වැලිකඩ බන්ධනාගාර සිදුවීම ඇතුළු පරීක්ෂණ කඩිනම් කරමින් ඊට වගකිව යුත්තන් තරාතිරම නොබලා ඇතුළට යවන නෛතික ක‍්‍රියාවලිය කඩිනම් කරන ලෙසයි. එසේ නොවුණහොත් මේ හැංඟි වෙස් බැන්ඳ කල්ලිය අඳුරෙන් එළියට පැමිණ රටම ගිනි තබන බව නම් සහතිකයි.
සටහන

භාතිය බරුකන්ද

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *