මේ රටේ පොලීසියට නිදහස ලැබුනෙත් ජනවාරි 8 දා යින් පස්සෙයි – නීතිඥ සී.ජේ. වැලිඅමුණ

මේ රටේ මේ ලංකාවේ අගමැති අපේක්‍ෂකයො  ඕනතරම් ඉඳලා තියෙනව. ප‍්‍රධාන පෙළේ අපේක්‍ෂකයෝ තමන්ගේ ඡුන්ද ව්‍යාපාරය රටේ හැමතැනම ගෙනිච්චා. නමුත් ප‍්‍රධාන අගමැති අපේක්‍ෂකයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වන මහින්ද රජාපක්‍ෂ මහත්තයා මේ මැතිවරණ ව්‍යාපාරේ කිසිම දවසක උතුරට හෝ නැගෙනහිරට ගියේ නෑ.

යහ පාලනයක් සඳහා වූ පුරවැසි බලය විසින්, එළඹෙන මහ මැතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන ලද ජනහමු මාලාවේ අවසන් ජනහමුව  කොළඹ පිටකොටවු, බැස්ටියන් මාවගේ දී පවත්වන ලද අවස්ථාවේදී  නීතිඥ සී.ජේ. වැලිඅමුණ මහතා අදහස් දක්වමින් එසේ පැවසීය. තවදුරටත් කතා කළ වැලිඅමුණ මහතා මෙසේ පැවසීය.

ගරු මහින්ද රාජපක්‍ෂ මහත්තයා හීනයක් දැක්කා. ඒ අගමැති වීමේ සිහිනය. ඊට අමතරව තවත් සිහිනයක් දැක්කා. ඒ මොකක්ද ඔහු සහ ඔහුගේ පවුලේ අය, ගෝලබාලයින්, මැර කණ්ඩායම්වලට එරෙහිව කරනු ලබන පරීක්‍ෂණ නවත්වාගැනීමේ සිහිනය. ඊටත් අමතරව නැවත වරක් බලයට ඇවිල්ලා, මේ රටේ ජනතාවගේ මුදල්වලින්, කෝටි ගණන් මුදල් තමන්නේ බාරයට අරගෙන පරිහරණය කරන්න, හෙලිකෝප්ටර් අරන් ගමන් බිමන් යන්න, රාජ්‍ය දේපොල අයුතු පරිහරණය කරන්න හීනයක් දකිනවා. ඒ වගේම නීතිය ක‍්‍රියාත්්මක නොවෙන, ගෝඨාභය රාජපක්‍ෂගේ ගෝලබාලයන් අතින් නීතිය ක‍්‍රියාත්මක වන සිහිනයක් දකිනව.

අපි දකින සිහිනය ඊට වැඩිය වෙනස්. අපි දකින සිහිනය තුළ අපි දකින්නෙ මේ රට තවදුරටත් නීතියේ පාලනය ස්ථාපිත වෙච්ච, අපරාධ කාරයන්ට දඬුවම් දෙන, ඒ වගේම ජනතා මුදල් හොරකම් කරන්නෙ නැති, යහපාලනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ සිහිනයන් දෙක අතර වෙනස සැබෑ වෙන්න අපිට තව දවස් කීපයයි තියෙන්නේ. ඒක කොපමණ වටිනවද කියන එක තේරුම් ගන්න මේ වෙනකොට ගොඩක් දේවල් කියලා තියෙනව.

ඒ වගේම අපි අමතක කරන්න හොඳ නෑ, අපේ රටේ පොලීසියටත් නිදහස ලැබුණා මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා. ඒ ලැබිච්ච නිදහස් එක්ක තමයි එක්නැලිගොඩ මහත්තයගෙ අතුරුදහන්වීම පිළිබඳ තොරතුරු හොයාගන්න පුළුවන් වුනේ. තාජුඞීන් පැහැර ගැනීම ඝාතනය පිළිබඳ තොරතුරු හොයාගන්න පුලූවන් වෙලා තියෙන්නෙත්. අපි දන්නවා තාජුඞීන්ගේ ඝාතනය අපිට අමතක කරන්න බැරිතරම් ගැටළු සහගත ඝාතනයන්ගෙන් එකක්. ඒ විතරක් නෙමෙයි මේ වගේ ඝාතන රාශියක් සිද්ධ වුණා. පැහැරගැනීම් රාශියක් සිද්ධ වුණා. තාඩුඞීන් ඝාතනය පිළිබඳ සිද්ධිය ගැන මීට අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා කිව්වේ, වාහනයක් බිත්තියක හැප්පිලා ගිනි ගත්ත සුරංගනා කතන්දරයක්. ඒ ඝාතනය පිළිබඳ තවදුරටත් හොයාගෙන යනවා. රහස් පොලීසියට මේ පිළිබඳව තවදුරටත් නිදහසේ විර්ශනය කරන්න පුළුවන් වටපිටාවක් ඇතිවෙලා තියෙනව.

මේ රටේ අග‍්‍රගන්‍ය රගර් ක‍්‍රීඩකයෙක් වූ තාජුඞීන්, ලංකාවේ හිටිය ක‍්‍රීඩකයන් අතර ඉතාම ඉහළ පෙළේ ක‍්‍රීඩකයෙක්. ඔහු ලංකා කණ්ඩායම නියෝජනය කළා. අපි මුරලිදරන්ට ගරු කරනවා වගේම, රගර් ක‍්‍රීඩාව දන්න, ඒ පිළිබඳව අගැයීමක් තියෙන කවුරුත් තාජුඞීන් කවුද කියල දන්නව. ඒ ක‍්‍රීඩකයාගේ මරණය පිළිබඳ තිබිච්ච සැකය, වාහන අනතුර පිළිබඳ තිබිච්ච සැකය ඒ පිළිබඳ විමර්ශනය කිරීමේ දී දැනට හොයාගෙන තියෙනව, ඔහුගේ ඔළුවෙ තැලීම් තුවාල, ඉල ඇට කඩපු බව, බෙල්ලට පහලින් උල් අනුම් දෙකක් තිබිච්ච බව, වීදුරු බෝතලයක් කඩල එකෙන් ගහලා ඉතිරු වීදුරු කටු කකුලෙ තිබිච්ච බව හා නොයෙකුත් වද හිංසාවට ලක්වෙච්ච බවත්. ඇයි මේව වැහුවේ?

මේව වැහීම පිළිබඳව මේ දක්වා කරගෙන යනු ලබන විමර්ශන වලදි, අපි පුවත්පත් වලින් හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයාගෙන් දැනගෙන තියෙනව, මේ පිළිබඳ යම්කිසි ප‍්‍රකාශනයක් කරල තියෙනව, මේ තාජුඞීන්ගේ වාහනෙන් වෙනත් වාහනයකට දාගෙන පැහැරගෙන ගිහිල්ලා තියෙනව. මේ පැහැරගෙන ගියපු වාහනය අයිතිවෙලා තියෙන්නේ මේ අවස්ථාවේදි හිටපු ජනාධිපතිතුමාගේ ආර්යාව, එහෙමත් නැත්නම් භාර්යාව විසින් කරගෙන යනු ලැබූ සිරිලිය සවිය කියන ආයතනයට. මේ පිළිබඳ විමර්ශනයන් යනව, අවසානයෙ සාධාරණයක් වන බවට කිසිදු සැකයක් නෑ. මෙහෙම විමර්ශනයක් අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මහින්ද රාජපක්‍ෂගේ සිහිනය සැබෑ නොවෙච්ච නිසා ජනවාරි 8 වෙනිදා.

අපිට අද තියෙන ප‍්‍රශ්නය තමයි මහින්ද රාජපක්‍ෂට නැවත ඒ සිහිනය දකින්න දාහත් වෙනිදට ඉඩ දෙනවද කියන එක. ඒ වගේම අපි තව සිහිනයක් දකිනව. මට මතකයි මේ ප‍්‍රදේශයෙත්, දකුණෙත් 83 ඉඳලම තිබුණු ජාතිවාදී කලබල. දැන් මීට අමතරව මේ ජනවාරි 8 වෙනිදට ඉස්සරවෙලා, මුස්ලිම් විරෝධයක් රටේ හැමැතැනකම බොදු බල සේනාව ඔස්සේ ගෙනාවා. අපි දැක්ක මේ මෑතකදි මහින්ද රාජපක්‍ෂ මහත්තයා සහ ඔහුගේ සිහිනය දකින්න බලාගෙන ඉන්න ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සරත් සිල්වා වගේ අය දිගටම කියනනේ මේ රට දෙකඩ වෙනවා, ජාතීන් අතර සමගිය නැති වෙනව කියල. අපි දකින්නේ ඒකේ අනික් පැත්ත.

මේ ලංකාවේ අගමැති අපේක්‍ෂකයො  ඕනතරම් ඉඳලා තියෙනව. ප‍්‍රධාන පෙළේ අපේක්‍ෂකයෝ තමන්ගේ ඡුන්ද ව්‍යාපාරය රටේ හැමතැනම ගෙනිච්චා. නමුත් ප‍්‍රධාන අගමැති අපේක්‍ෂකයන් දෙන්නාගෙන් එක්කෙනෙක් වන මහින්ද රජාපක්‍ෂ මහත්තයා මේ මැතිවරණ ව්‍යාපාරේ කිසිම දවසක උතුරට හෝ නැගෙනහිරට ගියේ නෑ. මේකෙන් කියන්නේ, ඔහු දැනටමත් පිළිඅරගන්නෙ, ඔහු පාලනය කෙරුවොත් උතුරු නැගෙනහිරට වෙනම විදිහකට සලකනවා කියන එක.

ඕනෑම දේශපාලන පක්‍ෂයක නායකයෙක් හැමතිස්සෙම උතුරු නැගෙනහිරත් ඇතුළුව ලංකාවේ හැමතැනම මේ දේශපාලන ප‍්‍රචාරයක් ගෙනගියා. දේශාපලන කටයුතුවල නියැලූණා. ඔහු දී තියෙන සංඥාව, ඔහු බලා පොරොත්තු වෙන්නේ, සිංහල ජනතාව මෝඩයො, සිංහල ජනතාවගේ ඡුන්දෙන් විතරයි එතුමාට දිනන්න පුළුවන් වෙන්නෙ කියල. එතුමාගේ වටේ ඉන්න අය හිතන්නෙ එහෙම. අපි ඒ පණිවිඩය අමතක කරන්න හොඳ නෑ. අපි සිවිල් සංවිධාන වශයෙන් විශේෂයෙන්ම මේ සිවිල් සංවිධාන එකමුතුවට එකතු වෙච්ච කණ්ඩායම් වශයෙන්.

ලංකාවේ යහපාලනය ඇති කරන්න කැමැත්තෙන් කටයුතු කරපු, මහින්ද රාජපක්‍ෂ මහත්තය ජනවාරි 8 වෙනිදා ගෙදර යවපු, බොහෝ සිවිල් සංවිධාන එකතුවෙලා, සිවිල් සංවිධාන 110 ක් එකතුවෙලා, මාදුලුවාවේවේ සෝභිත හාමුදරුවන්ගේ නායකත්වයෙන් යුක්තව අපි යම්කිසි ගිවිසුමකට එළඹිලා තියෙනව. එක්සත් ජතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සමග.

ඒකට හේතුව තමයි මේ රටේ යහපාලනය, කවුරු අගමැති වුණත් අපිට අවශ්‍යයි, ඊළ`ගට අගමැතිවෙන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සම`ග ගිවිසුමකට එළඹිලා තියෙනව. සිවිල් ජනතාවත් රාජ්‍ය පාලනයේ කොටස් කාරයෙක් වෙන්න  ඕන කියල. ඒ ගමන යාම සඳහා ජනතාවටත් ආරාධනා කරමින්, යහපාලනය ආරක්‍ෂා කරගෙන,  අගමැති සිහිනය දකින මහින්ද රාජපක්‍ෂ මහත්තය ගෙදර යවන්න 17 වෙනිදට ඡුන්දය දෙන්න කියමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනව.

 මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *