අලුතින් පටන්ගන්න හදන්නේ මහජන මුදල් කන එකද ? – සමන් රත්නප‍්‍රිය

අද අපි ඉන්නේ මහ මැතිවරණයක් අබියස. ඒ අගෝස්තු 17 වෙනිදා. මේ රටේ ව්‍යවස්ථාදායකයට මන්ත‍්‍රීවරු තෝරා ගන්න මැතිවරණය අපි අභියසට ඇවිල්ල තියෙනව. ඒ මැතිවරණයේදී අපි ගන්න තීන්දුව මත අපේ අනාගතය ලියවෙන්න නියමිතව තියෙනව. ඒ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා, මේ රටේ ජන සමාජය විනාශකරපු, ඝාතන සංස්කෘතිය තමාගේ එකම පාලන ක‍්‍රමය බවට පත්කර ගත්ත, යහ පාලනය නැතිකරපු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරපු මහින්ද රජාපක්‍ෂ ඇතුළු ඒ නඩය. අනිත් පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙනව ජනවාරි 8 වෙනිදා මෛත‍්‍රීපාල සිරිසේනව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කරපු ඒ ජනසම්මුතිවාදයේ , ජන අභිලාසයේ කණ්ඩායම. මොකක්ද අපි ගන්න තීරණය?

ඉතාම පැහැදිලියි කිසිම විචිකිච්චාවක් නෑ, කිසිම විකල්පයක් නෑ. එකම තේරීමයි තියෙන්නේ. ඒ තමයි මහින්ද රාජපක්‍ෂ ඇතුළු නඩයේ ආගමනය අපි අගෝස්තු 17 වෙනිදා පරාජය කළයුතුමයි. වෙන විකල්පයක් අපිට නෑ. ඒක කරන්න පුලූවන් කාටද? ඒක කරන්න පුලූවන් වෙන්නේ, ජනවාරි 8 වෙනිදා ජනසම්මුතිවාදය රටට හඳුන්වලා දීපු ඒ ප‍්‍රතිසංස්කාරන වෙනුවෙන් පෙනීහිටපු, වැටුප් වැඩි කරපු, භාණ්ඩ මිල අඩු කරපු, තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වලදීපු, විගණන පනත කෙටුම්පත් කරපු, යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණට විතරයි. ඒක ඉතා පැහැදිලිවම අද කියනව. සහෝදරවරුනි, අපි ඒ වගකීම, අපි ඒ යුතුකම, අගෝස්තු 17 වෙනිදට අත්නොහැර ඉටුකළ යුතුයි. වෙන විකල්පයක් අපිට නෑ.

සහෝදරවරුනි, අපි දැක්කා පෙරේදා මේ රටේ හිටපු ඇමතිවරියක් කියනවා 17 වෙනිදා ?ට මහින්ද රාජපක්‍ෂ මේ රටේ අගමැතිවරයා වෙනවා. අපි දිනනවා. 18 වෙනිදා උදේට රිමාන්ඞ් බන්ධනාගාරේ ඉන්න පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නිදහස් කරගන්නවා කියල. මෙන්න බලාපොරොත්තු. රිමාන්ඞ් බන්ධනාගාරේ ඉන්න මිනිහ පැය පහක්, හයක් යනකොට නිදහස් කරගන්න තමයි ප‍්‍රවිත‍්‍රා වන්නිආරච්චිලා මහින්ද රාජපක්‍ෂ අගමැතිකරන්න ලෑස්ති වෙන්නේ. මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ ඒකද?

මෛත‍්‍රීපාල සිරිසේනගෙ ස්ටේජ් එකට වෙඩි තියලා, මිනිස්සු මරපු, මිනී මැරීමේ චෝදනාවට වරදකරුවෙක් කියල සැකකරන, පරීක්‍ෂණ අවසන් නැති චොකා මල්ලි නිදහස් කරගන්නවනම් පහුවෙනිදට, මෙයාලගේ නීතියයි, අපේ අභිලාෂයයි දෙකක් බව පැහැදිලියි. උන් ඉල්ලන්නේ ඒ සාධාරණය, අපි ඉල්ලන්නේ ඒක නෙවෙයි. අපි ඉල්ලන්නේ සාධාරණයයි, ජනතාවට විමුක්තියයි, ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ඒ ගොල්ල බලාපොරොත්තුවෙන්නේ ඒක නෙවෙයි.

සහෝදරවරුනි, මම දැක්කා ඒ වගේම රූපවාහිනී චැනල් කීපයක නක්‍ෂත‍්‍රකාරයෙක් ඇවිල්ල කියනව රට අනතුරේලූ. රට ගැලවෙන්න නියමිතයිලූ. රට අනතුරෙන් ගලවගන්න පුලූවන් එකම මනුස්සය මහින්ද රාජපක්‍ෂලූ. මේ ටේ මිනිසසුන්ගේ මුදල්, එක එකාගේ පගාවට තමන්ගේ සාක්කුවට වැටෙන මංජුල පීරිස්ල වගේ නක්‍ෂත‍්‍රකාරයන්ට තමන්ගෙ අභිලාෂය පාවලා දෙන්න එපා කියල. එහෙම කිව්ව මංජුල පීරිස්ට මේ රටේ හුගක් අය වහවැටිලලූ තියෙනනේ. කේන්දරේ බලවගන්න පස්සෙන් යනවා. මාස ගණන් පස්සෙන් යනවා කේන්දරේ බලවගන්න. ගාන 3000 යි, 5000 යි. ගමේ කෙනෙකුට කිව්වනම් රුපියල් 150 කට කේන්දරේ බලවගන්න පුළුවන්. දෙන්නම එකයි.

මේ මිනිස්සුන්ගෙන් සල්ලි කොල්ලකන මිනිස්සු. දැන් ජනතාවගේ පරමාධිපත්‍ය කොල්ලකන්න හදනව. ඒ වගේම මුදල් වලට මහින්ද රාජපක්‍ෂව නැවත බලයට ගේන්න තැත්කරනව. මංජුල පීරිස්ල වගේ අයට අපි නොරැුවටිය යුතුයි. අපේ ආත්මය නක්‍ෂත‍්‍රකරුවන්ට පාවා නොදිය යුතුයි. මංජුල පීරිස්ට මම කියනව, සුමනදාස අබේගුණවර්ධනට වෙච්ච දේ හොඳට මතක්කරගන්න කියල.

සහෝදරවරුනි, මේ රටේ ලක්‍ෂ 62 ක් ජනතාව මහින්ද රාජපක්‍ෂව ගෙදර යැව්වා. ඇයි ගෙදර යැව්වේ? මේ රටට කරපු විනාශය නිසා. මේ රට පාදඩකරණයට ලක් කරපු නිසා. ඝාතන සංස්කෘතියක් විතරක් අපිට උරුම කරපු නිසයි මහින්ද රාජපක්‍ෂ ගෙදර යැව්වේ. කවුද මැරුවේ? මැරුවේ මහින්ද රාජපක්‍ෂගෙ පාලනය. කාවද මැරුවේ? හලාවත ඇන්තනීලා, ධීවර සහනාධාර ඉල්ලපු නිසා මහපාරේ ඝාතනය කෙරුවේ මහින්ද රාජපක්‍ෂගෙ පාලනය. කටුනායක රුමේෂ් චානක මැරුවා විශ‍්‍රාම වැටුප් ඉල්ලපු නිසා. ලසන්න වික‍්‍රමතුංග මැරුවා, තමන්ගේ අදහසට ගැලපෙන්න පෑනෙන් නොලියපු නිසා. එච්චරද? ප‍්‍රදීප් එක්නැලිගොඩ මැරුවා. අපට ආරංචිවෙලා තියෙනව මඩකලපුවේ මොරුන්ටයි කන්න දැම්මෙ කියල. එහෙමයි මහින්ද රාජපක්‍ෂගෙ ඉතිහාසය ලියවෙන්නේ. එච්චරද? උතුරේ මිනිහෙක් හිටියා දකුණට සිංහලෙන් කතා කරපු නඩරාජා රවිරාජ් මහපාරේ ඝාතනය කෙරුවා. මහින්ද රාජපක්‍ෂට  ඕනෑ ඝාතන, ගැටුම්, යුද්ධය විතරයි. සාමය සංහිදියාව අවශ්‍ය නෑ. ඒකයි ඒ වගේ මිනිස්සු මරල දැම්මේ. තව ලිස්ට් එකේ හිටියා. ඒත් ජනවාරි 8 ගෙදර යවපු හින්දා ඒ ටික කරගන්න බැරි වුණා.

සහෝදරවරුනි, මහින්ද රාජපක්‍ෂ මිනිස්සු මැරුවා විතරක් නෙමෙයි, මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි මංකොල්ල කෑව. මිලියන ගණන් කොමිස් ගත්ත. නාසතිකාර ව්‍යාපෘති දිගින් දිගටම ක‍්‍රියාත්මක කෙරුවා. හැදුවා උමා ඔය. සාක්කුවට දාගත්තා කොමිස්. කෝටී 17.000යි. අද ඒ ගමේ මිනිස්සුන්ට බොන්න වතුර නෑ. ගෙවල් ඉරිතලනව. හැදුවා හම්බන්තොට වරාය කෝටි 19.000 යි නැව් නෑ. කොළඹට එන නැව් යවනව හම්බන්තොටට. ඒ නැව්වලින් ගේන වාහන කොළඹට පටවල එවනව. වාහනයට ගෙවන්නත්  ඕනෙ. ට‍්‍රාන්ස්පෝර්ට්එකට ගෙවන්නත්  ඕනෙ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂ අපිට දීපු සංවර්ධනේ.

හැදුවා හම්බන්තොට ලොකුම ලොකු සම්මන්ත‍්‍රණ ශාලාවක්, චෝගම් සමුලූව තිබ්බා එදා ඉඳලා අද වෙනකම් කිසිම සම්මන්ත‍්‍රණයක්, සමුළුවක් ඒකේ නෑ.  හැබැයි අපි ඒවා නඩත්තු කරනවා හැම මාසෙකම සල්ලි දීලා. තමුන්නාසේලාගේ සීනි කිලෝඑක වැඩි කෙරුවේ ඒක නිසා. පරිප්පු කිලෝ එකේ මිල ඉහළ යන්නේ ඒක නිසා. කන බත් පැකට් එකේ මිල ඉහළ යන්නේ ඒක නිසා. උන්ගෙ සංවර්ධනේට, උන් ගහගත්ත කොමිස්වලට අපි වන්දි ගෙවනවා ඒකයි ඇත්ත. මත්තල ගුවන්තොටුපල හැදුවා කෝටි 7000 යි අහස්යානා නෑ. එහෙමයි මහින්ද රාජපක්‍ෂ සංවර්ධනේ කෙළේ. අපිට ආදරේට නෙමේ උන්ට උන්දරේටයි සියලූ කටයුතු මහින්ද රාජපක්‍ෂලා කෙරුවේ.

සහෝදරවරුනි, දැන් මහින්ද රාජපක්‍ෂ නැවත බලයට එන්න හදනවා. මේ රටට සුනාමි ආපු වෙලාවේ 60,000 ක් 70,000 ක් මැරණා. ඒ මළ මිනී දැකල පිටරට සුද්දෝ ඩොලර් එක දෙක, තිහ හතලිහ එකතුකරල ලංකාවට එව්වා. ඒ එවපු මුදල් අසරණ මිනිස්සුන්ට දුනනෙ නෑ. මහින්ද රාජපක්‍ෂ දාගත්තා හෙල්පින් හම්බන්තොට ගිණුමට. ඒක පෞද්ගලික ගිණුමක්. අන්තිමට ඊට විරුද්ධව නඩුවක් දැම්මා. නඩුව ඇහැව්වේ සරත් එන්. සිල්වා. මේ රෙට් හිටපු හොඳම අග‍්‍රවිනිශ්චාකාර වරයා. එයාට රැට හිතුන දේ උදේට කියනව. නඩුවෙන් මහින්ද රාජපක්‍ෂ නිදහස්.

මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයගෙ ඡුන්දේ වෙලාවේ මේ මනුස්සය කියනව, මහින්ද රාජපක්‍ෂව සාධක තියෙද්දි නඩුවෙන් නිදහස් කරපු එක ගැන මම ජනතාවගෙන් සමාව ඉල්ලනව කියල. ලැජ්ජයි මේ වගේ මිනිස්සු ගැන. මේ ගොල්ල කතා කරනනෙ කටින්ද? පස්ස පැත්තෙන්ද? කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ?

සහෝදරවරුනි, ඇවන්ගාඞ් ගනුදෙනුව අවසානයේ හෙලිවෙනවා, එල්.ටී.ටී.ඊ එකෙන් ගත්ත ආයුධ විකුණුවේ මුහුදු මංකොල්ලකරුවන්ට. ඒවට විකුණල, ඒවට කුලියට දීලා මිලියන ගණන් සල්ලි හම්බකරගත්තා. අවසානයේ මේවට නම කියවෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂගෙ. ඒ නිසා තමයි අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද කරලා නියෝගයක් ඉල්ලලා එයාලා පත්කරපු විනිශ්චය කාරවරුන්ගේ තීන්දුවක් අරගෙන එළියටවෙලා ඉන්නේ. දිවි නැගුමෙන්,  රුපියල් කෝටි 2600 ක් බැසිල් රාජපක්‍ෂ එළියට ගත්තා. එළියට අරගෙන වියදම් කෙරුවා. පොළොන්නරුවට, මොනරාගලට ගංවතුර ආධාර දුන්නේ රුපියල් 2500 යි. එහෙමයි කටයුතු කෙරුවේ.

මහින්ද රාජපක්‍ෂගෙ පුත්තු ලූවිටොන් සපත්තු දැම්මේ. ලූවිටොන් දානකොට මහින්ද ගෙ පුත්තු මහින්දගෙ වැටුප රුපියල් 97,000 යි. රුපියල් 45,000 ට තිබුණ එක 97,000 දක්වා වැඩිකර ගත්තා. 97,000 ක් වැටුප ගන්න මිනිහෙකුගෙ දරුවන්ට පුළුවන්ද ලක්‍ෂ දෙකහමාරේ සපත්තු දාන්න? බෑ. තමුන්නාන්සෙලාගේ සල්ලියි ඒ පළඳින්නේ. අපේ රටේ අහිංසක දරුවන් ඞී.එස්.අයි. සපත්තු දෙකක් ගන්න බැරුව, අල්ලපු වත්තේ පොල් ගෙඩි දෙකතුන අහුලගත්ත නිසා බන්ධනාගාරයේ ඉන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම සංවර්ධනයක් තමයි මහින්ද රාජපක්‍ෂ අපට උරුම කරල දුන්නේ.

දැන් එනවා අලූතෙන් පටන් ගන්න.  කවුරුත් එක්කද? දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ඩිව් ගුණසේකර එක්ක. ලැජ්ජයි කියන්න. වාමාංශික පතාකයො. මේ ගොල්ල එක්ක තමයි අලූතෙන් පටන්ගන්න එන්නේ. සුසිල් පේ‍්‍රමජයන්තත් ඉන්නවා. මේ ගොල්ලන්ට පුලූවන්ද අලූතෙන් පටන්ගන්න. පරණ දේ, පරණ සිතිවිලි අලූතෙන් පටන්ගන්න බෑ මේ ගොල්ලන්ට. අලූතෙන් පටන් ගන්නනම්, අලූත් ලේ  ඕනෙ. අලූත් අදහස්  ඕනෙ. කිසිම අලූත් අදහසක් මේ ගොල්ලන්ට නෑ. මොන අලූත් අදහසක්ද, පරණ හොරකම්, පරණ ජඩකම්, පරණ ඝාතන නැවත කරන්න තමයි මේ අයියල එන්න උත්සහ ගන්නේ. ඒ විතරක් නෙමේ මහින්ද රාජපක්‍ෂ දන්නවා මේ දැන් කරගෙන යන පරීක්‍ෂණවල අවසානයේ තමන්ගේ පරම්පරාවම හිරගෙවල්වල ලගින එක බව. ඒක හොඳට අවබෝධ කරගෙන තියෙන්නෙ. පරීක්‍ෂණවල අවසානය හිරගෙදර බව දන්නවා. ඒ නිසයි අගමැතිවරයා වීමේ සිහිනය දකින්නේ. ලිපි ගොනු ටික පුච්චලා, ලිපි ගොනුටික හංගලා පුත්තු බේරගෙන, බිරිඳ බේරගෙන පුලූවන්නම් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අඩි හයක් පොළොව යටට යවලා නීතියක් නැතිවුණත් නැවත රජෙක් වෙන්න තමයි මහින්ද රාජපක්‍ෂගෙ සිහිනය. ඒකයි ඇත්ත. මේක මම නෙමෙයි කිවවේ, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා. ඒක නිසා අපිට ඒක බැහැර කළ නොහැකි කාරණයක් වෙලා තියෙනවා.

සහෝදරවරුනි, දැන් ජාතිවාදය වපුරගෙන එනවා බලය ගන්න. දෙමළ යුද්දෙ ඉවරයි. මුස්ලිම්වරුන් එක්ක ගැටුමක් පටන් ගත්තා. ඒක හරිගියේ නෑ. දැන් කියනවා, රට බෙදෙනවා, ඊලම් ඉල්ලනවා, රට අනතුරේ ඒක නිසා ඒක බේරගන්න පුළුවන් මට විතරයි, මට දීපල්ල ඡුන්දෙ කියලා.  මේ මිනිහා ආපහු ආවොත් රට කැඩෙන එක වලක්වන්න බෑ. මාර්තු මාසේ ආපු ජිනීවා යෝජනා සැප්තැම්බර්වලට කල්දාගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයගෙ යහපාලනයට පින්සිද්ධ වෙන්න. එහෙම නැත්නම් ඒක සම්මත වෙලා ඉවරයි. ආර්ථික සම්බාධක වැටිලා ඉවරයි. ලංකාව විනාශවෙලා ඉවරයි. ලිබියාවක් වෙලා ඉවරයි.

අද අපි තමුන්නාසේලා මෙහෙම ජීවත් වෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කරපු නිසයි. රනිල් වික‍්‍රමසිංහ අගමැති කරපු නිසයි. මම අවසාන වශයෙන් කියනවා, රට මේ විධිහට ස්ථාවරව තියාගන්න  ඕන නම්, සංවර්ධනය කරා අරගෙන යන්න  ඕන නම්, ඝාතන සංස්කෘතිය වෙනුවට නිදහස  ඕනෙ නම්,  ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදය, යහපාලනය තහවුරු කරගන්න  ඕනෙ නම්, අනිවාර්යෙන්ම අපි ජනවාරි 8 වෙනිදා ඒ ඇති කරපු ජනසම්මත වාදයේ පදනම අගෝස්තු 17 වෙනිදට ස්ථාවර කළ යුතුයි. වෙන විකල්පයක් අපිට නෑ. අන්න ඒ අදහසින්, ඒ හින්දා අගෝස්තු 17 වෙනිදා මහින්ද රාජපක්‍ෂයි උන්ගෙ නඩයයි නැවත පරාජය කරලා යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ බලයට පත්කරලා අපි රටේ ඉදිරිගමන ආරම්භ කළ යුතුයි කියලා මම ඔබතමුන්නාසේලාගෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි.

යහපාලනයක් සඳහා පුරවැසි බලය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශ කළේ ඔවුන්ගේ ජනහමු මාලාවේ අවසන් රැුස්වීම පිටකොටුව බැස්ටියන් මාවතේ දී  පැවති   අවස්ථාවේ රැුස්ව සිටි පිරිස අමතමිනි.

 මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *