කැතයි හොඳේ

පිවිතුරු උදයා උදයේම නැගිට්ටේ,

පුලතිසියා කැත මිනිහා

‘සමෘද්ධියයි තුන කැපුවා,

කැතයි හොඳේ,

කියමිනි.

උදයගේ බිරිය ඉන් බියපත් වූයේ තමන් ඉස්කෝලෙ යන කාලයේ ඇතුලත් මුදලි මහතා බෝම්බයකට හසු වූ මොහොතේ ගෙදර යැවූවාය කියූ විදුලි පණිවිඩයක තිබණාය කියා කොල්ලන් කියූ මැදපුකමිසතුන නෑ යන වාක්‍යය මතක් වූ බැවිනි. ඇත්තටම පුලතිසි එහෙම වඩක් කළා ද කාට ද කවද ද කියා බිරිය ඇසුවාය.

තමුන්ගේ දේශපාලන ඥානය බින්දුවෙනුත් පහළ එවිට පිවිතුරු උදයා බිරියට කීවේය. දැන් බලනවා සමෘද්ධියා කැපුවා ගොවිජනයා කැපුවා, ග්‍රාම සේවකත් කපලාම දැම්මා. උදයා කීවේය.

මහරජාගෙ ඔල්මාදෙ ඔහෙටත් බෝවෙලා වගේ කියන කෙංගෙඩියක් තේරෙන්න සරලව කියන්නකෝ, බිරිය එවිට කීවේ ඇවිටිල්ලත්, රැවටිල්ලත් දෙකම මුසු හඬිනි.

‘දැන් බලනවකො, එවිට උදයා කීවේ බිරිඳට තවත් ටිකක් සමීප වෙමිනි. ‘කැත වැඩේ කියන්නේ විස්ස සම්මත වුණායින් පස්සෙ අපේ සමෘද්ධි මල්ලිලාටයි, අපේ කෘෂිකර්ම මල්ලිලාටයි, වැලේවැල් නැති වෙන තත්ත්වයක් තමයි උදාවෙන්නේ කියාය.

අනේ ඇත්තද? මම දැක්කා ඔයාලගෙ සෙල්ෆෝන් විමලෙත් ඔය ගැන ගිරිය පුප්පාගෙන කතාකරනවා, යි එවිට බිරිය කීවාය. ඉතිං මොකද ඔයාලට සමෘද්ධි මල්ලිලා ගැන ඔච්චර රිදෙන්නෙ කියා ඇය නැවතත් ඇසුවාය.

‘ඕකත් ඔයාගෙ දේශපාලන විඥානය සම්බන්ධ ගැටළුවක්. අපේ ආචාර්යා ඉදිරියෙ සමෘද්ධි මල්ලි කෙනෙක් තමන්ම ස්ව කැමැත්තෙන් තමා විසින්ම ගහක බැඳුනා මතකද? හේතුව දන්නවද? රැස්වීමකට එන්න පමා වීම. පමා වෙලා ආවා. ස්ව කැමැත්තෙන්ම ගහේ බැඳුණා. ඒ වාගේ රියල් ෂොට් එකක් චන්දෙන් කපා දැමීම. අපට වාවන්නේ නෑ, උදයා අඬන්න පටන් ගත්තේය.

‘ඔයා අඬන්න එපා මෙයා, ඔයා අඬනවා, ඔයාගෙ ඇස් රතු වෙනවා, බලා ඉන්නන මටත් ඇඬෙනවා. මහරජාණෝ ඕකට මොකක් හරි තුරුම්පුවක් අදියි, බිරිය කීවාය.

‘රජා ගැන මේ දවස්වල එච්චරම සුවර් කරන්න අමාරුයි. එවිට උදයා කීවේය.

‘මට නම් බුවා ගැන මේ දවස්සල නෙමෙයි, ඒ දවසවලත් ඒ තරම් සුවර් එකක් තිබුණෙ නැහැ. කියා එවිට බිරිය කීවාය.

‘ඒ මොකද රාජා ඔයාට වැරදි ටෝක් එකක්වත් දැම්මාද, කියා උදයා ඇසුවේ සතාගේ හැටි ටිකක් නොව හොඳින්ම දන්නා නිසාය.

‘මට නෙමේ එයා රටටම ටෝක්දාන කෙනානේ. කියා ඒ පාර බිරිය කීවාය.

ඒ අතර සෙල් ෆෝන් විමලේ උදයාට කතාකර කීවේ, දැන්නම් මස්සිනා අපේ කොලොන්නාවෙ දුමියාගෙ මතක නැති වෙන ලෙඩේ මහරජාටත් හැදිලා. සුවර්ම සුවර් කියාය.

‘එසේ කීමට හේතු කවරේද? උදයා කවියකින්ම ප්‍රශ්නය ඇසුවේ රටේ කවුරුත් පයිසෙකට ගණන නොගන්නා තමන්ගේ හපන්කම් බිරියටවත් පෙනේවා යැයි යටි හිතින් හිතමිනි.

‘ඇයි බං දැන් ඒ බුවාට උදේ කියන දේ හවසට මතක නෑ. ඔන්න මේ දැනුත් ඔළුව රූපවාහිනිකාරයාගෙන් ඇහුවා මම එහෙම දෙයක් කීවද මට මතක නෑනෙ කියල. විමලයා කීවේය.

දැන් නෙමෙයි උපන්දා පටන්ම ලොක්කට අමතක වෙන ලෙඩෙයි, මල පනින  රෝගෙයි දෙක තිබිල තියනවා. කියා එවිට උදයා කීවේය.

‘මස්සිනා ඒ මිනිහට මඩ ගහනවා වගේ, කියා එවිට විමලයා කීවේ ලොක්කට කූත්තු කරලා උඹටත් දෙන්නම් ගේමක් වැනි අස්වාභාවික හඬිනි.

ඒකනේ යාළුවා ලොක්කට විතරක් නෙමෙයි ඔහෙටත් මුල මතක නෑ. ලොක්කා ඒ දවස්වල ඔහෙලගෙ සීනු පාටියත් එක්ක සෙට් වෙලා අතුරුදන් වූවන්ගේ කොමිටි හැදුවා මතකද? උදයා ඇසුවේය.

‘ඔව්, විමලේ කීවේය.

බලයට ආවා විතරයි අතුරුදන්වූවන්ගෙ කොමිටි මතක පොතෙන් අතුරුදන් කළා. අතුරුදන් වූවන් ගැන කතා කරන උන්ටත් සුදු වෑන් යැව්වා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කීවා. ජනාධිපති වුණාට පස්සේ අමතක වුණා.

විධායක ජනාධිපතිකම අහෝසිකරනවා සත්තයි දෙයිම්පල්ලා කියල දෙවනි වතාවෙත් කීවා. ජන්දෙ දින්නා අමතක වුණා.

කරම්කරු  ප්‍රඥප්තියක් ගෙනවා කීවා. බලය ගත්තට පස්සෙ අමතක වුණා.

රටේ සම්පත් විකුණන්නේ නැහැ කීවා. ෂැංගිලා ඉඩම දැකලා ඒක අමතක වුණා.

ඒ මොක වුණත් ……….  අධිකරණ පක්ෂට විරුද්ධව විශ්වාසභංගේ අයින් වුණු හින්දා ඔහෙගෙ ග්‍රහයා හොඳ පැත්තට හැරුනා නේද කියා උදයාගේ බිරිය විමලේ ගෙන් ඇසුවේ තව ටිකක් කියාගෙන ගියොත් උදයාගේ කැරැට්ටුව විමලයා මහරජා ඉස්සරය දිගාරින්නට පුළුවන්ය කියා සිතු නිසාය.

අන්න නංගිත් රෝන් ටෝක් දෙනවා. අධිකරණ පක්ෂයි මගේ ඉරණමයි එකට සෙට් වෙන්නෙ කොහොමද ඒපාර විමලෙ ඇසුවේය.

ඒ පාර උදයාගේ බිරිය කීවේ, ෆිනෑන්ස් රවිගේ කේස් එකේදි වගේ මේකෙදිත් ලොක්කා පස්ස ගැහුවනම් ඔහෙලාත් භංග වෙන්න තිබුනා නේද කියාය.

එහෙම කියන්න එපා නංගි, අපට රාජ සභාවෙ තිස්පහක අතිශය බහුතරයක් ඉන්නවා දොස්තරට විරුද්ධව තිස්පහම අත්සන් කළා දන්නෙ නැද්ද කියාය.

මට ආරංචි හැටියට නම් ඔය තිස්පහෙනුත් කෂ්ටියක් පුලතිසි කුමාරයා වටේ හොරගල් අහුලනවාය කියා උදයාගේ බිරිය කී විට විමලයා කීවේ අපේ සුන්දර හීනය උස්සලා පොලොවේ ගහන්න එපා කැතයි හොඳේ කියාය.

‘‘මගේ සිහිනය ටම දකින්න ඉඩ හරින්න…

ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න…, විමලයා සිංදුවක් කියන්න පටන් ගත්තේය. විමලයා සිංදුවක් පටන් ගත්තේය.

උඹෙ සිහිනය මොන එකක්ද කියා උදයා ඇසූවිට විමලෙයා කීවේ, හීන පරණ වෙන්නෑ මල්ලී තට්ටු ගෙවල් වාහන ඉඩම් එම එකක්ම ඒ හීනෙ තාමත් තියනවා කියාය.

 

නරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *