බදු ගැන මිත්‍යාව සහ යථාර්ථය හඳුනා ගනිමු – තුශාල් විතානගේ

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එදින පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත විවාදයට ගැනීමට වැඩි කාලයක් ගත වු නිසා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්ගියා. එය සැප්තැම්බර් මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කරනවා.
මේ පනත සම්මත වූ විට ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ප‍්‍රබල ධනාත්මක වෙනසක් සිදුවනු ඇති බවයි මුදල් ඇමැතිවරයා කියන්නේ. මෙම පනත මගින් සිදුවන බව කියන ඉතාම වැදගත් වෙනස වක‍්‍ර බදු ගෙවමින් ජාතික ආර්ථිකයේ බදු ආදායමින් වැඩි ප‍්‍රතිශතයකට කර ගසන සාමාන්‍ය ජනතාවට විශාල සහනයක් ලබාදීම බව ඇමැති මංගල සමරවීර අවධාරණය කරනවා. ඒ වගේම ආදායම් බදු සීමාව මාසික ආදායම රුපියල් 100,000 දක්වා ඉහළ දැමීමට නියමිත බව ද මුදල් ඇමැතිවරයා කියනවා.
මුදල් ඇමැතිවරයා මේ ගැන වඩාත් ධනාත්මක පැතිකඩකින් කරුණු පැහැදිලි කරද්දී ඒකාබද්ධ විපක්ෂය සහ සම්ප‍්‍රදායක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශීය ආදායම් සංශෝධන පනත දෙස වපර ඇසින් බලන බවක් පෙනෙන්න තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය දැවටමත් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් දේශීය ආදායම් සංශෝධන පනතට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන බවයි. ජනතා විමුක්ති පෙරමුණ තවත් ඔබ්බට ගිහින් රටපුරාම දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයකුත් ආරම්භ කරලා තිබෙනවා.
ජනතාවට බරක් වූ බදු ක‍්‍රමය
ලංකාවේ බදු ක‍්‍රමය සම්බන්ධයෙන් කාලයක් පුරා ජනතාව අතර මෙන්ම වානිජ ප‍්‍රජාව අතරත් ප‍්‍රබල විවේචනයක් පවතිනවා. ජනතාවගේ පැත්තෙන් ප‍්‍රකාශ වන්නේ සාමාන්‍ය ජනතාව, අඩු ආදායම්ලාභීන් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ඉතාමත් අසාධාරණ බදු බරකට කර ගසන බවයි. හදිසි ලෙඩකට දුකකට බොන පැරසිටමෝල් පෙත්තේ සිට නොකානොබී මිලදී ගන්නා යතුරු පැදිය, ත‍්‍රීරෝද රථය දක්වා අධික බදු බරක් තමන් මත පැටවී ඇති බවයි. මේ අතර වානිජ ප‍්‍රජාවත් දැඩිව අවධාරණය කරමින් සිටින්නේ ආණ්ඩුවේ සංකීර්ණ බදු ක‍්‍රමය මගින් තමන් දැඩි අපහසුතාවට පත් වන බවයි. මේ අතර රටේ බදු අයකරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන පද්ධතිය තුළත් බදු අයකර ගැනීම සම්බන්ධයෙන් කලක සිට මැසිවිල්ලක් තිබෙනවා. ඔවුන්ට අනුව අදායම් බදු ගෙවීම් පැහැර හැරීම, බදු සැඟවීම, බදු වංචා කිරීම වැනි ඍණාත්මක සිදුවීම් රැුසක් කාලයක් පුරා සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා වහාම වත්මන් බදු ක‍්‍රමයේ සාධනීය ප‍්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව ඔවුන් ද අවධාරණය කරනවා.
බදු පැනවීම අත්‍යවශ්‍යද ?
බදු ක‍්‍රමය ගැන නිරවුල් අවබෝධයක් තිබෙන්නේ ඉතාම සුලූ පිරිසකට පමණයි. වානිජ ක්ෂේත‍්‍රයේ පවා බොහෝ ව්‍යාපාරිකයින් මේ ගැන නිසි අවබෝධයකින් තොරයි. ඒ නිසා රටේ ජීවනාලිය වැනි බදු ක‍්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය වගේම වානිජ ප‍්‍රජාවගේ දායකත්වයත් නිසි ලෙස නොලැබෙන තත්ත්වයක් තිබෙනවා.
ඕනෑම රජයක් පවත්වා ගෙන යාම සඳහා ආදායම් අවශ්‍යයි. රජයට තමන්ගේ ආදායම් උපයා ගැනීම සඳහා අසීමිත නිදහසක් නැහැ. තිබෙන්නේ ප‍්‍රධාන වශයෙන් මාධ්‍ය දෙකක් පමණයි. ඒ,
1ග බදු ආදායම
2ග බදු නොවන ආදායම, යන ද්විත්වයයි.
මෙහිදී ඕනෑම රජයක ප‍්‍රධාන ආදායම් මාධ්‍ය වන්නේ බදු ආදායමයි. (බදු නොවන ආදායම් සාපේක්ෂව පහළ අගයක් ගැනීම ඊට හේතුවයි* උදාහරණ වශයෙන් ශ‍්‍රී ලංකාවේ 2015 වසරේදී රජයේ මුළු ආදායම වුණේ රුපියල් මිලියන 1,454,878ක් පමණයි. එයින් බදු ආදායම රුපියල් මිලියන 1,355,799ක් වුණා (ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2016* බදු නොවන ආදායම වුණේ රුපියල් මිලියන 99,099ක් පමණයි.
බදු ආදායම උපයා ගැනීම සඳහා බදු වර්ග කිහිපයක් ආණ්ඩුව විසින් පනවනු ලැබෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව (2016* ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ප‍්‍රධාන ශීර්ෂ පහක් යටතේ බදු පනවා තිබෙනවා.
1ග විදේශීය වෙළඳාම මත බදු
2ග දේශීය භාණ්ඩ හා සේවා මත බදු
3ග ශුද්ධ ආදායම හා ලාභ මත බදු
4ග මුද්දර/සෙස්/ සමාජ වගකීම්/ ජාතිය ගොඩනැගීමේ හා අනෙකුත් බදු.
5ග හර බදු
බදු පනවන්නේ ඇයි ?
ඕනෑම රටක මහජන සේවා (පොදු සේවා* පවත්වා ගෙන යාම සඳහා ආණ්ඩුව මුදල් සපයා ගන්නේ බදු පැනවීම මගිනුයි. උාහරණයක් ලෙස ඔබට හොඳ මාර්ග පහසුකම්, පාසල්, ආරක්ෂාව වැනි සමාජයක් ලෙස මුදල් ගෙවීමකින් තොරව (අයිතිකර ගැනීමට නොහැකි වුවත්* පොදුවේ බුක්ති විදින්න පුළුවන පහසුකම් ලබාදීමට රජයට හැකියාව ලැබෙන්නේ රටේ ජනතාවගෙන් විවිධාකාර ක‍්‍රම තුළින් අයකර ගන්නා බදු මගිනුයි. එවැනි බදු එකතු කරගැනීමකින් තොරව කිසිම ආණ්ඩුවකට ජනතාවට පොදුවේ පරිහරණය කළ හැකි පොදු පහසුකම් ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඇතුළු මුළු සමාජයම පොදුවේ බුක්ති විඳින සියලූම පොදු පහසුකම් සඳහා මුළු රටේම ජනතාව විවිධාකාරයේ බදු ගෙවමින් තමන්ගේ දායකත්වය ලබාදීලා තිබෙනවා. මේ තත්ත්වය තුළ බදු ගෙවීම ජනතාවගේ වගකීමක් වගේම යුතුකමක් වශයෙන් ද සැලකිය හැකි වෙනවා.
හිතූමතේ බදු පනවන්න පුළුවන්ද ?
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයකට හිතූමතේ බදු පැනවීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අනුමැතිය අවශ්‍යයි. ලංකාවේ තත්ත්වය අනුව රාජ්‍ය මූල්‍ය සම්බන්ධ ප‍්‍රධාන වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා රාජ්‍ය මූල්‍ය සම්බන්ධ සියලූම පනත් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුයි. මෙය බදු ගැනීම සම්බන්ධ වන විටත් අදාළයි. සියලූම බදු ක‍්‍රමයන්, ප‍්‍රතිශතයන් පාර්ලිමේන්තුවේදී බහුතර ඡුන්දයෙන් සම්මත විය යුතුයි. එහෙත් පාර්ලිමේන්තුව විසින් සම්මත කළත් එය ජනතාවට අගතියක් කරන්නේ නම් එම බදු පනත අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණය යාමේ හැකියාව ජනතාවට තිබෙනවා. පසුගිය 2016 වැට් බදු සංශෝධනවලට එරෙහිව විපක්ෂය මේ ආකාරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණට ගොස් තීන්දුවක් ලබා ගැනීමට සමත් වුණා. බදු සඳහා ජනතාවගේ අනුමැතිය සහ සහභාගීත්වය කොතරම් අත්‍යවශ්‍යද යන්න පැහැදිලි වන ඉතා වැදගත් සිදුවීමක් ද මේ සමග දැක්විය හැකියි. 1776 ඇමෙරිකානු නිදහස් අරගලයට පවා මූලික හේතුව වුණේ එවකට ඇමේරිකානු ප‍්‍රාන්ත රාජ්‍ය පාලනය කළ මහා බි‍්‍රතාන්‍ය විසින් අත්තනෝමතිකව ඇමෙරිකානු භාණ්ඩ මත බදු පැනවීමයි. ‘‘නියෝජනයක් නැතිනම් බදු පැනවිය නොහැකියි’’ යන මූලධර්මය යටතේ එදා ඇමෙරිකානුවන් බි‍්‍රතාන්‍ය බදුවලට එරෙහි වුණා.
බදු ජනතාවට බරක් ද ?
මේ ප‍්‍රශ්නය මානව ඉතිහාසය පුරාම තිබෙනවා. බුදුන් වහන්සේ පවා ‘මල නොතලා රොන් ගන්නාසේ’ පාලකයින් විසින් ජනතාවගෙන් බදු අයකළ යුතු යැයි දේශනා කළේ ඕනෑම බදු පැනවීමක් ජනතාවට අමතර බරක් වන නිසයි. පුද්ගල මානසිකත්වය අනුව ද ඔවුන් ඕනෑම බද්ධක් අමතර බරක්, පීඩනයක් සේ සලකන නිසයි.
ඒත් බොහෝ පාලකයින්, ආණ්ඩු මේ ගැන ඒ හැටි තැකීමක් නොකරන බව ඉතිහාසය තුළින් ද පැහැදිලි වෙනවා. ලංකාව උදාහරණයට ගතහොත් යටත් විජිතවාදී ඉංග‍්‍රීසි ආණ්ඩුව 1848 දී ලංකාවේ ජනතාව මත විවිධාකාර බදු පැනවීම මගින් ඔවුන්ව සූරාකෑමට පියවර ගත්තා. ඇඟ බද්ද, තුවක්කු බද්ද පමණක් නොවෙයි බලූ බද්දක් පවා ඔවුන් විසින් පැනවීම තුළ අපට එදා පැවැති තත්ත්වය මනාව පැහැදිලි කරගත හැකියි. මේ අසාධාරණ බදු පැනවීම්වලට එදා එරෙහි වුණ ජනතාව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසුවා. අවසානයේ මේ අසාධාරණ බදු අයින්කර ගැනීමට එදා පාලකයින්ට සිදු වුණා.
බදු ජනතාවට බරක් ද ? යන්න ගැන කතා කරන කොට නිතර අවධාරණය කරන්නේ බදු මගින් දුප්පතුන්ට, අඩු ආදායම්ලාභීන්ට අසාධාරණයක් සිදුවන බවයි. ඇත්ත, මේ තත්ත්වය ප‍්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ ‘වක‍්‍ර බදු’ එහෙම නැතිනම් ජනතාවට එදිනෙදා භාවිතයට ගන්නා පාරිභෝගික භාණ්ඩ හා සේවා මත බදු පනවන අවස්ථාවේදී. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව ඞීසල්, පෙට්ට‍්‍රල් මත බදු පනවා තිබෙනවා. මේ බදු නිසා මේවායේ මිල සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී ජනතාව අතර විරෝධයක් ඇතිවන්නේ තමන්ගේ ජීවිකාව සඳහා ත‍්‍රිරෝද රථය පදනවන පුද්ගයාත්, බිලියන ගණනක් ආදායම් ලබනමින් විනෝද ගමන් යාම සඳහා තමන්ගේ ජීප් එකට පෙට්ට‍්‍රල් ගහන පුද්ගලයාත් එකම මිලක් ගෙවමින් පෙට්ට‍්‍රල් මිලදී ගැනීමයි. මෙහිදී ත‍්‍රිරෝද රථ රියැදුරා තමන්ගේ දෛනික ආදායමින් විශාල ප‍්‍රතිශතයක් පෙට්ට‍්‍රල් මිලදී ගැනීම සඳහා වැය කළත් ධනවතා ඒ සඳහා වැය කරන්නේ තමන්ගේ ආදායමින් නොසැලකිය යුතු ප‍්‍රතිශතයක් පමණයි. පරිප්පු, කරවල, අල, ළුැණු ආදියට බදු ගසන විට අඩු ආදායම්ලාභීන් දැඩි සේ පීඩාවට පත්වන්නේ මෙම පදනම තුළයි.
මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පැනවීමට එරෙහිව ලෝකයේ බොහො රටවල ප‍්‍රබල විරෝධයක් පවතිනවා. එහි තාර්කික අදහස වන්නේ රටේ අඩු ආදායම්ලාභීන් වක‍්‍ර බදු (භාණ්ඩ හා සේවා බදු* සඳහා තමන්ගේ ආදායමින් වැඩි ප‍්‍රතිශතයක් වැය කරන බවයි. ඒ වගේම රජය විසින් නිර්මාණය කරන බොහෝ පොදු පහසුකම්වල වැඩි වටිනාකමක් තිබෙන්නේ ඉහළ ආදායම්ලාභීන්ට කියලා චෝදනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වැය කරන මුදල්වලින් වැඩි ප‍්‍රතිශතයක් ප‍්‍රධාන ධාරාවේ පාසල්වලට වෙන් වන ආකාරයක් අපි දකිනවා. මාර්ග, ආරක්ෂාව ඇතුළු පහසුකම් සම්බන්ධයෙන් ද මේ විවේචනය දැකිය හැකියි. ඒ නිසා ‘රටේ බදු බර උසුලන්නේ සාමාන්‍ය ජනතාව’ කියන කතාවට පදනමක් තිබෙනවා.
හොඳ බදු ක‍්‍රමයක් කියන්නේ කුමක්ද ?
හොඳ බදු ක‍්‍රමයක තිබිය යුතු ගුණාංග හතරක් (4* ගැන ආර්ථික විද්‍යාවේ සඳහන් වෙනවා. මේවා ‘බදු මූලධර්ම’ යනුවෙන් ද නිර්වචනය වෙනවා.
1ග යුක්ති සහගත බවේ මූලධර්මය හෙවත් සාධාරණත්වයේ මූලධර්මය : මෙයින් අදහස් කරන්නේ බදු ගෙවිය හැකි පුද්ගලයින් මත පමණක් බදු බර පැටවිය යුතුය’ යන්නයි. බද්දක් සාධාරණ වන්නේ බදු ගෙවිය හැකි අය වෙත පමණක් බදු පැනවීමෙන් පමණක් බවයි මෙයින් අදහස් වන්නේ.
2ග සානුබල මූලධර්මය : රටක නිෂ්පාදනය හා ආයෝජනය ධෛර්යවත් වන පරිදිත්, අධෛර්යට පත් නොවන පරිදිත් බදු අය කළ යුතු බව මෙම මූලධර්මයේ පදනමයි.
3ග සරල බවේ මූලධර්මය : බදු ගෙවන්නාට තමා ගෙවන බදු ප‍්‍රමාණය ගණනය කර ගැනීමට තරම් එය පැහැදිලි විය යුතු බව මෙමගින් අදහස් වෙනවා.
4ග පිරිමැසුම් මූලධර්මය : බදු අය කිරීමට වැය කරන මුදල බදු ආදායමෙන් ඉතා සුළු කොටසක් විය යුතු බව මින් අදහස් කරනවා.
ඉහත සඳහන් කළ බදු මූලධර්ම අනුගමනය කළහොත් ආණ්ඩුවට ඵලදායී ආකාරයෙන්, ජනතාවගේ, වානිජ ක්ෂේත‍්‍රවල සහාය ලබා ගනිමින් වඩාත් ප‍්‍රශස්ත බදු ක‍්‍රමයක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙනවා.
ජනතාව මත බර නොපැටවෙන බදු ක‍්‍රමයක්
ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මගින් පොදු ජනතාව උසුලා සිටින අධික බදු බර සැහැල්ලූ කරන සැලසුම් අන්තර්ගත වන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කියනවා. මෙහිදී ජනතාවට තිබෙන ප‍්‍රශ්නය වන්නේ මෙය සිදුවන්නේ කුමනාකාරයෙන් ද යන්නයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් වාර්තා වන තොරතුරුවල සඳහන් වන්නේ නව බදු සංශෝධන තුළින් ‘වක‍්‍ර බදු’ අඩු කර ‘ඍජු බදු’ අනුපාතය ඉහළ දැමීමට සූදානමක් පවතින බවයි. ඒ නිසා අප ප‍්‍රථමයෙන්ම මේ වක‍්‍ර බදු සහ ඍජු බදු අතර වෙනස වටහා ගත යුතුයි.
බදු බර අන් අයෙකුට පැවරිය හැකි නම් එවා ‘වක‍්‍ර බදු’ ලෙස ද නොහැකි නම් ඒවා ‘ඍජු බදු’ ලෙස ද හැඳින්වෙනවා. මේ අනුව භාණ්ඩ හා සේවා සඳහා පැනවෙන බදු වක‍්‍ර බදු ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ වක‍්‍ර බදු මත පනවන බදු මුළුමනින්ම හෝ කොටසකින් හෝ භාණ්ඩයේ හෝ සේවාවේ මිලට එකතු කර පාරිභෝගිකයා මත පැටවීමට හැකි වීමයි.
කෙනෙකුගේ ආදායම මත පනවන බදු ‘ඍජු බදු’ ලෙස සැලකෙන්නේ බදු ගෙවන්නාට එය වෙනත් අයෙකුට පැවරිය නොහැකි නිසයි. එය අදාළ පුද්ගලයා විසින්ම දරාගත යුතු නිසයි. එහෙත් මේ සාම්ප‍්‍රදායික නිර්වචනය මේ වන විට යම්කිසි සංශෝධනයකට ලක්ව තිබෙනවා. ඊට හේතුව වන්නේ මේ ආකාරයෙන් බදු වර්ග කිරීමට නම් ‘බදු බර පැවරීම’ හෙවත් ‘බදු විතැන් කිරීම’ ගැන සම්පූර්ණ දැනුමක් තිබිය යුතු වීමයි. බදුකරණයේදී මෙය අපහසු දෙයක් ලෙස සලකනවා. ඒ නිසා වර්තමානයේදී බදු වර්ගීකරණය සිදුවන්නේ ‘බදු බර පැවරීම’ ගැන සලකා බලා නොවෙයි.
වර්තමානයේ බදු වර්ගීකරණය සිදුවන්නේ, අදායම මත පැනවෙන බදු ‘ඍජු බදු’ වශයෙන් ද, භාණ්ඩ හෝ වියදයම් හෝ මත පැනවෙන බදු ‘වක‍්‍ර බදු’ වශයෙන් ද සැලකීමයි. මේ අනුව ආදායම් බද්ද, ප‍්‍රාග්ධන බද්ද, ලාභ බද්ද, ආදිය ඍජු බදු වශයෙන් ද ආනයන බදු, අපනයන බදු, අලෙවි බදු ආදිය වක‍්‍ර බදු වශයෙන් ද සැලකෙනවා.
ආදායම් බදු ප‍්‍රමුඛවීම ප‍්‍රායෝගික වෙයිද ?
දේශීය ආදායම් සංශෝධන පනත මගින් ආදායම් බදු රටේ බදු ක‍්‍රමයේ ප‍්‍රමුඛ අංශයක් බවට පත් කිරීමට සූදානමක් තිබුණත් ප‍්‍රායෝගිකව එය ඉටු කළ හැකිද යන්න ප‍්‍රශ්නයක් බව ආර්ථික විශේෂඥයින් කියනවා. ඊට හේතු වන්නේ ලංකාවේ ආදායම් බදු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලූයි. උදාහරණයක් විදිහට ලංකාවේ සමස්ත බදු ආදායමෙන් ඍජු බදු ප‍්‍රතිශතය පවතින්නේ සියයට 10කට ආසන්න අගයක. මේ තත්ත්වය 2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව පැහැදිලි කළහොත් 2015 වසරේ බදු ආදායම රුපියල් මිලියන 1,355,779ක් වන විට ශුද්ධ ආදායම හා ලාභය මත බදු ප‍්‍රමාණය රුපියල් මිලියන 262,583ක් පමණයි. මෙය කිසිසේත් ප‍්‍රමාණවත් තත්ත්වයක් නොවෙයි.
උදාහරණයක් විදිහට මහා බි‍්‍රතාන්‍යයේ ආදායම් බදු ප‍්‍රතිශතය සියයට 33.3ක් වන අතර නෝර්වේ රාජ්‍යයේ එය සියයට 40.2ක් වැනි අගයක්. සමස්ත යුරෝපීය කලාපයේ එය සියයට 30.1ක් වැනි ඉහළ අගයක්. ලංකාවට මෙවැනි ප‍්‍රශස්ත තත්ත්වයකට යාමට තවත් බොහෝ කාලයක් ගත වන බව පැහැදිලියි.
අනෙක් කරුණ වන්නේ ලංකාවේ ආදායම් බදු ගෙවිය හැකි මට්ටමේ ජනතාව සිටින්නේ ජනගහණයෙන් කුඩා ප‍්‍රතිශතයක් පමණයි. ජනගහණයෙන් අති බහුතර රාජ්‍ය සුබසාධනය මත (සමෘද්ධිය වැනි* යැපෙන අඩු ආදායම්ලාභීන්. ඒ වගේම ලංකාවේ කොපමණ නීති තිබුණත්, දිරිදීම් තිබුණත් ආදායම් බදු පැහැර හැරීම විශාල වශයෙන් සිදු වෙනවා. ආදායම් බදු දැලට පහසුවෙන් හසුකර ගැනීමට හැකියාව තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්, බැංකු ගනුදෙනුකරුවන් වැනි පිරිස් පමණයි. එහෙත් අනියම් ආකාරයෙන් විශාල ආදායම් උපයන පිරිස් (උපකාරක පන්ති ගුරුවරු, පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරු, නීතිඥයින්, ගෘහ නිර්මාණශිල්පීන් ආදි* බදු දැළට හසුකර ගැනීම ඉතාම අපහසුයි. ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයින් ඉතාම කූඨ ආකාරයෙන් බදු ගෙවීම පැහැර හරින අවස්ථාත් ලංකාවේ සුලභයි. මෙවැනි තත්ත්වයක් තුළ බදු ක‍්‍රමය කාර්යක්ෂම හා ඵලදායී නොකොට බදු ක‍්‍රමයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම අපහසු විය හැකියි.
ජයගත යුතු අභියෝග
ලංකාවේ බදු ක‍්‍රමයේ විප්ලවීම වෙනසක් සිදු වීම අනිවාර්යය කරුණක් වුවත් ඒ සමග අති සංකීර්ණ යාන්ත‍්‍රණයක් බැඳී පවතින නිසා එකී ක්ෂේත‍්‍ර තුළ ද සමගාමී වෙනසක් සිදුවීම අනිවාර්යය කොන්දේසියක් බව ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. උදාහරණයක් වශයෙන් ‘විගණන පනත’ කඩිනමින් ගෙන එන බව යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක්. ඒත් තවමත් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැහැ. එය කොතැන හෝ සිරවී ඇති බව ඉතාම පැහැදිලි කරුණක්.
ඒ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන බදු යෝජනා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක නොවීම තවත් ගැටලූවක්. උදාහරණක් ලෙස අගමැතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ සිගරැුට් සම්බන්ධයෙන් පසුගිය අයවැය ලේඛනයේ බදු සංශෝධන සම්බන්ධ පනත් කෙටුම්පතක් නීතිපතිවරයා ළඟ තවමත් තිබෙන නිසා එමගින් අපේක්ෂිත රුපියල් කෝටි 4000ක පමණ බදු ආදායමක් පසුගිය වසර තුළ රජයට නොලැබී ගිය බවයි. මෙවැනි උදාහරණ තවත් විශාල ගණනක් අපට දැක්විය හැකියි. මෙය කිසිසේත්ම බදු ක‍්‍රමය සම්බන්ධයෙන් යහපත් දෙයක් නොවෙයි. ඒ වගේම රජය අපේක්ෂා කළ තරම් බදු ආදායමක් නොලැබී ගිය විට එවා වෙනත් තැන්වලින් ඍණාත්මක ප‍්‍රතිවිපාක ඇති කරනවා. එය ආර්ථිකයට මෙන්ම රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ද හානිකරයි.
අනෙක් අතින් ආණ්ඩුව පසුගිය කාලය පුරාම දැවැත්ත බදු ආදායමක් උපයා ගත්තේ විදේශ වෙළඳාම මත බදු පැනවීම මගිනුයි. ඒ තුළින් සිදු වුණේ ලංකාවට සිදුකරන ආනයන වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමයි. ජනතාවට අමතර බරක් දැරීමට සිදුවීමයි. මේ තත්ත්වය වෙතින් විතැන්වීමේ හැකියාවක් වර්තමානයේ දී ලංකාවට තිබේද යන්න ගැටලූ සහගතයි. විශේෂයෙන් ආනයන වේගයෙන් වර්ධනය වන වාතාවරණයක් තුළ මේ තත්ත්වය සංකීර්ණ විය හැකියි.
ඒ වගේම මත්පැන්, සිගරැුට්, ඛනිජ තෙල් හා මෝටර් රථ හා අනෙකුත් බදු ආදායම ආණ්ඩුවේ බදු ආදායම තුළ තවමත් විශාල ප‍්‍රතිශතයක් නියෝජනය කරනවා. මේ සිදු ආකාරයන්ගෙන්ම දැවැන්ත බදු ආදායමක් ආණ්ඩුවට ලැබුණත් ඒ වෙනුවෙන් දැරීමට සිදුවන සමාජ පිරිවැය ගණනය කළ නොහැකි තරම්. විශේෂයෙන් මත්පැන්, සිගරැුට් වැනි ආදායම් බදු වැඩි වැඩියෙන් රැුඳී සිටීම ආණ්ඩුවේ වත්මන් ප‍්‍රතිපත්ති සමග ඍජු ගැටීමක් ද ප‍්‍රකාශ කරනවා.
බදු ක‍්‍රමය සංකීර්ණ වීම තුළ කූඨ ව්‍යාපාරිකයින්ට නිලධාරීන් සමග එක්වී මහා පරිමාණ ජාවාරම් කළ හැකි බවට ලංකාව තුළ උදාහරණ ඕනෑ තරම් තිබෙනවා. දකුණු ආසියාවේ දැවැත්මක බදු වංචාව වශයෙන් සැලකෙන කුප‍්‍රකට වැට් බදු වංචාව (කෝටි 350ක් පමණ* සිදු වුණේ ලංකාවේ බදු ක‍්‍රමයේ පවතින අති සංකීර්ණභාවය නිසයි. එනිසා වහාම බදු ක‍්‍රමය සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් රට හමුවේ තිබෙනවා. එනිසා ආණ්ඩුව මේ මොහොතේ ගෙන තිබෙන පියවර පැහැර හැරිය නොහැකි වගේම පමා කළ නොහැකි දෙයක් වශයෙන් සැලකිය හැකියි. එනිසා ඊනියා ඒකබද්ධ විපක්ෂයේ හෝ ජන පදනමක් නැති වාමාංශික පක්ෂවලට බිය වී මේ පනත හකුලා නොගැනීමට ආණ්ඩුවට වගබලා ගත යුතුයි. මොකද ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුව තුළම සිටින ප‍්‍රතිගාමීන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ඉදිරිපත් කරන සාධනීය පනත් හැකි සෑම ආකාරයෙන්ම දියාරු කිරීමට හෝ කඩාකල්පල් කිරීමට බව අප පසුගිය කාලය පුරාම දැක තිබෙනවා. එනිසා අවස්ථාවාදයට හා අන්තවාදයට යට නොවීමට ආණ්ඩුව වග බලා ගත යුතුයි.
මේ සමගම ඇතිවන අනෙක් ප‍්‍රශ්නය වන්නේ ආණ්ඩුව කොතරම් සාධනීය පියවර ගනු ලැබුවත් ඒ සමානව ප‍්‍රතිලාභ ලබා ගැනීමට සමත් යාන්ත‍්‍රණයක් රට තුළ තිබේද ? යන්නයි. උදාහරණයක් වශයෙන් පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පත ප‍්‍රධාන පුවත ලෙසින් වාර්තා කළ ‘බදු සහන ලබාදීම නිසා රටට අහිමි වූ ආදායම රුපියල් කෝටි 20,000 යි ’ යන්න සැලකිය හැකියි.
ආණ්ඩුව යම් යම් අවස්ථාවල දීර්ඝ කාලීනව සලකා බැලීමකින් තොරව ජනතා ඉල්ලීම හමුවේ ක්ෂණිකව බදු සංශෝධනවලට යන අවස්ථා අති සුලභ බවක් දැකිය හැකියි. මේ තත්ත්වය බදු ක‍්‍රමය සම්බන්ධයෙන් ජනතාව තුළ මෙන්ම වානිජ ප‍්‍රජාව තුළ ද බදු ක‍්‍රමය සම්බන්ධ විශ්වාස හීන කරන බව ආණ්ඩුව වටහා ගත යුතුයි. එමෙන්ම මේ තුළින් කූඨ ව්‍යාපාරිකයින්ට හා ජාවාරම්කරුවන්ට ජනතාවට ලබා දෙන බදු සහන ගසා කෑමට පහසු අවස්ථාවක් ලැබෙන බව ද ආණ්ඩුව වටහා ගත යුතුයි.
අවසානය වශයෙන් සඳහන් කළ යුත්තේ බදු ක‍්‍රමයේ මෙන්ම ආණ්ඩුවේ ආදායම් ඉපයීමේ ක‍්‍රියාවලියේ ද දැවැන්ත ප‍්‍රතිසංස්කරණයකින් තොරව ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බවයි. ඒකාබද්ධයේ හෝ ඊනියා වාමාංශිකයින්ගේ මවාපෑම් නොසලකා ඉදිරියට ම යා යුතු බවයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *