පට්ට කෙප්ප කෙලින මහින්ද 17 දාට ගෙදර යවමු – ගැමුණු විජේරත්න

“සාමාන්‍යයෙන් කියමනක් තියෙනනේ ඇග පුරාම මොළේ කියලා. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ ඇගපුරා තිබුණේ ජාතිවාදය, ක්‍රෝධය, වෛරය, භීෂණය, වංචාව හොරමැරකම්, සුදු වෑන් සංස්කෘති මේ සියල්ලම ඇග පුරා තිබුණා.”

යහ පාලනයක් සඳහා වූ පුරවැසි බලය විසින්, එළඹෙන මහ මැතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කරන ලද ජනහමු මාලාවේ අවසන් ජනහමුව  කොළඹ පිටකොටවු, බැස්ටියන් මාවතේ දී පවත්වන ලද අතර එම ජනහමුවේ දී පුද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා එසේ පැවසීය. තවදුරටත් කතා කළ ඒ මහතා,

මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ ගෝලය කරපු පට්ට දූෂිත ක‍්‍රියාමාර්ග ටිකක් තියෙනව. ඒක ඔබලගෙ ඇස් පනාපිට පේනවා. මම පෙන්නල දෙන්නම්, ඔයගොල්ලන්ගෙ දකුණු පැත්ත බලන්න කළු පාට බෝඞ් එකක් තියෙනව. ඉස්සරල්ලා බෝඞ් දෙකක් තිබුණා. දැන් තියෙන්නේ එකයි. මේ බෝඞ් හදන්න මහින්ද රාජපක්‍ෂ උන්නැහැගෙ ඇම්බැට්ටයො කෝටී ගාණක් වංචා කළා. රටේ ජනතාවගේ සල්ලි නාස්ති කෙරුවා. මේ මංකොල්ල කෑවේ රටේ සල්ලි. ඒ අද වැඩකරන්නෙ නෑ. අක‍්‍රියවෙලා තියෙනව. මේ තමයි ඇස්පනාපිට මහින්ද රාජපක්‍ෂගෙ මංකොල්ල කෑම්.

මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ පට්ට හොර උපදේශකයෙක් ඉන්නවා. ඒ තමයි විමල් වීරවංශ. ඇද බාන්නේ බොරු. කියන්නේ බොරු. පට්ට කෙප්ප. අද දවලූත් මම දැක්ක කියනව, පිටරට පෙළපාලියක් ගියාලූ මේ රට බෙදන්න හදනවා කියල 17 වෙනිදගෙන් පස්සේ. මුගෙ කටේ මහගෙඩි දාන්ඩ  ඕනෙ. මෙයයි මයාගේ මහ එක්කෙනයි පපුවට ගහගන්නවා මම තමයි රටට ආදරේ කියල. පොළොවට වඳිනව මම තමයි රටට ආදරේ කියල.

මම උදාහරණයක් කියන්නම්, අපි ටිකක් පරක්කුවෙලා ගෙදර යනකොට නෝනා පොඞ්ඩක් කෑගහනව. ටිකක් වෙලා ගියහම ඒවා ෂේප් වෙලා බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනව. ඒක තමයි ඇත්ත ආදරේ. මේකත් කියන්න  ඕනේ. මේ තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙයි කේවට්ටයින්ගෙයි ආදරේ රටට පෙන්න කරන එකක්. පිටට පේන්න බොහොම ආදරෙන් ජීවත් වෙනව. නමුත් දෙන්නට දෙන්න හොරා කනව.  ඕකයි තත්ත්වෙ. මේක තමයි විමල් වීරවංශ උන්නැහැගෙයි, මහින්ද රාජපක්‍ෂ උන්නැහැගෙයි රගපෑම. මේ රුගපෑමට මේ රටේ ජනතාව අහුවෙන්නේ නෑ. අපි ඒකට 17 වෙනිදා තිත තියනව.  මේ පට්ට කෙප්ප කියන මහින්ද රාජපක්‍ෂ වගේම පට්ට කෙප්ප කියන විමල් වීරවංශ 17 වෙනිදට පරාජය කළ යුතුමයි.

මේ විමල් වීරවංශ රටට විනාශයක්. රට ජාතිවාදයට අදින්න බොරු බේගල් කිව්වා. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, මහින්ද රාජපක්‍ෂ පරාජය කරනව වගේම මේ රටේ ජාතික හතුරෙක් වගේම මේ රටේ අවලංම දේශපාලඥයෙක් වන මේ විමල් වීරවංශව පරාජයට පත්කරලා 17 වෙනිදා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයක් පිහිටුවන්න සහයෝගය දෙන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව. ස්තූතියි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *