පාන් චූන්

ජිල් මහත්තයා එන විට මහරජා හිටියේ බැනරයක් පාට කරමිනි. බැනරයේ ලියා තිබුණේ ‘මාළු පාන් වලට ජයවේවා!’ කියාය. ලොක්කාට මොකද හදිස්සියේ පාන් චූන් එකක් ආවෙ කියා ජිල් මහතා ඇසූවිට මහරාජා කීවේ, කළුකුම් මස් එක්ක හීනටි හාලේ බත් වලට වඩා හයියක් මාළුපාන් වලට තියනවා කියාය.

එහෙම කියන්න හේතුව මොකක්ද කියා ජිල් මහත්තයා ඇසූවිට මහරාජා කීවේ අපේ සිරිලිය සී.අයි.ඩී. එක ඇතුළට ගිහින් කට උත්තර දීල එන ඩිංගට ජාතියේ අම්මා වුණේ මාළු පාන්වල ශක්තිය හින්දා නෙමේද කියාය.

හිච්චි කුමාරයාගේ ‘සුප්‍රිම් සැට්’ එක තියන තැනක් තාම දැනගන්න සැට් වුණේ නැද්දයි ජිල් මහත්තයා අසූවිට මහරජා කීවේ ඒවා එහෙම ලේසියෙන් සැට් කරන්නට පුළුවන් දේවල් නෙමේ කියාය.

ඇත්තටම ලොක්කා හිච්චි කුමාරයා සුප්‍රිම් සැට් එකෙන් විසන්ධි වුණේ කොයි කාලයේද කියා ජිල් මහතා ඇසුවේ සුප්‍රිම් සැට් එක අභ්‍යාවකාශ ගත කරන්නට මහරජා අමුඩය ගසමින් සිටින කාලයේ ලංකාවටත් සැටලයිටයක් තියනවා කියමින් ගැසූ පම්පෝරි මතක තිබූ නිසාය.

ඔවුනට කෙළවුණු ගමන්ම සුප්‍රිම් සැට් ඇතුළු සැටි සියල්ලම වහා වහා විසන්ධිකර දැම්මේ අනාගතයේ ශරීර සෞඛ්‍යට නරක විදිහට ඒ සැටි සැට් වෙනු ඇති බව කල් තියා වැටහුණු නිසා බව එවිට මහරජා කීවේය.

හිච්චි කුමාරයා සූප්‍රිම් සැට් සමාගමට සැට් කරන්නට එංගලන්තයේ සවුත්හැමින්ටන් විශ්ව විද්‍යාලයට ආ චීනා ගේ නම මොකක්දැයි ජිල් මහතා ඇසූ විට මහරජා කීවේ ඒ චිනාට නමක් තියන්නට උගේ අම්මා තාත්තාට අමතකව ඇත කියාය.

සුප්‍රිම් සැට් ‍එකෙන් ලංකාවට සන්නිවේදනය කළ තො‍රතුරු මොනවාදැයි ජිල් මහතා ඇසුවේය.

එවිට මහරජා කීවේ ඉතුරු අවුරුදු දෙකක් ඉඳලා ඡන්දය තියන්නට ගියොත් මහ කෙළියම කෙළවෙන බව තීරණය කළේ සුප්‍රීම් වැට් එකෙන් එවූ තොරතුරු අනුව කියාය.

අනික් රාජපක්ෂට විරුද්ධව ගෙනා විශ්වාස භංගයටත් විරුද්ධ වෙන්න හිතුවේ ඇත්තටම ගමේ කමට සලකලාද කියා ජිල් මහතා ඇසුවේය.

එවිට මහරජා කීවේ මගේ කමට ඌත් සලකන නිසා උගේ ගමේ කමට මාත් සැලකීමේ වරදක් තියෙනවාද කියාය.

ගමේ කමට ඇද්දානම් ඕකා ඒකාලේ කෝප් හුටපට එළියට දුන්නේ මොකද කියා ජිල් මහතා ඇසුවේය. එවිට රජා කීවේ ඒ කාලෙ මං උට ගමේ කමට සැලකුවා මදි කියා හිතුවවද්ද දන්නැහැ කියාය. ඒ මොක වුණත් ඕකා ඇවන්ගාඩ් එකෙනුත් අපිව ගාඩ් කළා කියා රජා නැවත කීවේ එෆ්.සී.අයි.ඩී. එකෙන් යවපු ෆයිල් ගොන්න අල්මාරියේ දමාගෙන ඉඳිල්ලම සෙල්ලම් වැඩක්ද කියාය.

ලොක්කා ගමේ එකාට මේ තරම් අදින්න ගියොත් රාජ ආණ්ඩුවේ අධිකරණ ඇමතිකමත් ඌටම පට්ටල් කරයි ද කියා ජිල් ට බය සිතුණු නමුත් ඒ වගක් රජාට ‍නොදැනෙන්න වග බලා ගත්තේ සිරිලිය සවියේ ඩිපෙන්ඩරයේ පාට නැවතත් වෙනස් කරයි කියන බය නිසාය.

මහරජා ඒ කාලේ රට පාලනය කළේ කොච්චර දුෂ්කරතා මැද්දේද කියා තමාට තේරුම් ගියේ බිසවත් හිච්චි කුමාරයාත් රහස් හොයන කන්තෝරුවට දුන් ප්‍රකාශයෙන් පසුව යැයි ජිල් මහතා කීවේ දුකෙන් මෙන්ය. ඇත්තටම ලොක්කා ඒ දවස්වල රජ්ජුරුවන්ගෙ ලේකම් කන්තොරුවට වාහනයක් ගන්න තරමටවත් සල්ලියක් නොතිබුණේ ඇයි කියා ජිල් ඇසූවිට මහරජා කීවේ, සන්තකේ තිබුණ අන්තිම ‍සතෙත් ග්‍රීසියේ බැංකුවේ ‍ෆික්ස් ඩිපොසිට් දැමූ නිසා අර්ථිකේ ‍පොඩ්ඩ් අප්සට් වී තිබුණා කියාය.

එච්චර අමාරුකම් තියෙද්දිත් මාළිගාවේ බංකර් වැසිකිළි ආදියත් ඒ.සී. කළේ මොදක කියා ජිල් මහතා ඇසූ විට මහරජා කීවේ රට ගැන හිතලාම ඇඟේ මහන්සියට දාඩිය දාන නිසා ඒ.සී. නැතුව කැසිකිළියට ගිහිං සුළුදිය හළන්නටවත් පුළුවන් කමක් තිබුණේ නැත කියාය.

ඔළුව චැනලයේ ප්‍රවෘත්ති බලන්නට සිතා මහරජා රූපවාහිනිය ක්‍රියාත්මක කළවිට විකාශය කරමින් තිබුණේ සෙල් ෆෝන් විමලයාගේ කතාවකි. පුලතිසි කුමාරයාගේ ආණ්ඩුවේ හොරකම ඇරෙන්නට වෙන කිසිම දෙයක් සැලසුමකට කෙරෙන්නේ නැතැයි ඒ කතාවේ සෙල්ෆෝනයා කීවේය.

මේකගෙ කර නිසා අපිට තවත් අමාරුවක වැටෙන්න වෙයි වගේ ජිලෝ කියා, එය ඇසූ මහරජා කීවේය.

පුලතිසිට බණිනකොට අපි අමාරුවේ වැටෙන්නේ අහවවල් විදිහකටදැයි ජිල් අසුවේ තමාගේ නීති මහාචාර්ය මොළයටත් නොවැටහෙන දෙයක් රජාගේ කුරුවල් මොළයට වැටහුණේ කෙසේදැයි හිතා ගන්නට නොහැකි වූ නිසාය.

ඇයි යකෝ මේකා කියන්නේ ‍අපේ කාලයේ හොරකම විතරක් නෙමෙයි හැමදේම සැලසුමකට කළා කියලා නෙමේ දැයි මහරජා ඇසුවේය.

බයවෙන්න දෙයක් නෑ ‍‍ලොක්කා අපේ සැලසුම් තිතට තියෙනවා. එහෙම නොවුනා නම් මේ වෙනකොටත් රජයි බිසවයි කුමාරයොයි විතරක් නෙමෙයි. උන්ගෙ බාප්පොච්චියලත් තුන් හතර වතාවක් හිරේ විලංගුවේ වැටිලා කියා ජිල් උත්තර දුන්නේය.

පියරජුණි මේ දවස්වල පට්ට සීන් එකක් ජාලයේ හුවමාරු වෙනවා කියා සුවද නම දැත කරගත් මන්ත්‍රී කුමාරයා කීවේ සෙසල් ෆෝනයේ තිරය ඒ මේ අත පිරිදිමින් තාත්තා ආසන්නයට පැමිණෙමිනි.

ලංකාවේ මිනිස්සු වැඩිපුරම සර්ච් කරන ඒවා ‍ජාලයේ හෙවිල්ල මේකා තවමත් නතරකර නැතුවා වගෙයි කියා එවිට මහරජාට සිතුණේය. එක අතකට ඉස්සර වගේ වෙන චාන්සුත් අඩු එකේ ජාලෙන්වත් සතුටු වෙච්චාවේ කියා රජා ඊළඟට සිතුවේය. කොල්ලා සෙල්ෆෝනය පෙන්වන විට රජා මුහුණ නැවත ඉවතට ගත්තේ තාත්තාත් පුතාත් එකට වැඩිහිටියන්නට පමණක් හරියන දේවල් බැලීම සදාචාරයට හරි නැතැයි සිතුව නිසාය. ‘තියන තැන කියපං. මම තනියම බලන්නම්’ මහරජා කීවේ කොල්ලාගේ ඇවිටිල්ල ම්‍ඟ හරින්නට ය.

කැත හිතන්න දෙයක් නැහැ, මේක ධර්මචක්‍ර ලොක්කාගේ භාවනා සීන් එකක් කියා කුමාරයා කීවේ රජා හිතන්නේ කුමක්ද කියා ඉවෙන් වටහාගත් නිසාය.

අලුත් ධර්මචක්‍ර ලොක්කා නරකම නැති වුණත් මාගේ කිරිල්ලී තරම් අල්ලන්නේ නැති බව මහරජා කීවේය.

ඇත්තටම අන්කල් භාවනාවෙයි සිංදුවෙයි වෙනස මොකක් දැයි කුමාරයා ජිල් මහතාගෙන් අසුවේ නොදන්නා කමට ද නැති නම් ඔළොක්කුවටද කියා හරියටම දන්නේ නැත.

සී.සීටී.වී. දර්ශ්‍න වුණත් වෙනස් කරන්න සිංදුවට පුළුවන් භාවනාවට බැහැ. ධර්මචක්‍ර කාර්යාලෙ සටහන් වෙනස් කරන්නත් සිංදුවට පුළුවන් භාවනාවට බැහැ. අනු‍න්ගෙ පරිප්පුකාල අමාරුවෙ වැටෙන්නත් සිංදුවට පුළුවන්. ජිල් මහත්තයා නොනනත්වා කියාන ගියේය.මෛත්‍රී වඩන්න කියල බෙල්ලෙන් අල්ලන්න භාවනාවට පුළුවන්. භාවනා කරන්න කියල හොම්බට අනින්න භාවනාවට පුළුවන්. භාවනා කරන්න කියල රේප්…. නම කැතකරගත් කුමාරයා ද කියන්න පටන් ගත්තේය.

නරසිංහ

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *