අධිකරණය තලතාට බුද්ධ ශාසනේ ගාමිණීට

අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ අධිකරණ අමාත්‍ය තනතුරට වත්මන් රජයේ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (25) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ  දිවුරුම් දී තිබේ. එමෙන්ම  තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා ද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇත. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමේ චෝදනාව මත විජේදාස රාජපක්ෂ මහතා  ධුරයෙන් ඉවත් කිරීමට  අගමැතිවරයා කර තිබූ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පස් රාජපක්ෂ මහතා තමන් එතෙක් දැරූ අමාත්‍යාශ දෙකෙන්ම ඉවත් ව ගියේය. නව අධිකරණ අමැති ධුරයට පත් වු තලතා අතුකෝරළ මහත්මිය වෘත්තියෙන් නීතීඥවරියකි.  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයකු වූ ගාමිණී අතුකෝරළ මහතාගේ නැගනිය ද වන ඇය. ඔහුගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්  රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.   බුද්ධ ශාසන ඇමතිවරයා දිවුරුම් දුන් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයකි. 1977 ජේ. ආර්. ජයවර්ධන රජය සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් කීප දෙනා අතුරින් ද කෙනෙක් වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *