ආණ්ඩුවේ ඉදිරි අට වසරේ දර්ශනය ලබන 4දා ජනතාවට

ඉදිරි වසර අට (2018 – 2025) සඳහා වූ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ දර්ශනය ජනපති – අගමැති දෙදෙනා එක්ව ලබන මස 4වැනි දා ජනතාව හමුවේ තබන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.

‍වසර 2015න් ඇරඹි නව සම්මුතිවාදී රජයේ ඉදිරි දැක්ම මේ අන්දමට රට හමුවේ තැබීමත් සමඟ ශීඝ්‍ර සමාජ ආර්ථික දියුණුවක් ඇරඹෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඉරාන් වික්‍රමරත්න මහතා එසේ සඳහන් කෙළේය.

නව දෙස් විදෙස් ආයෝජන සහිතව රටේ සමාජ, ආර්ථික, යටිතල පහසුකම් දියුණු කිරීම සිදු කරන බව කී රාජ්‍ය ඇමැතිවරයා නව රජය ගත වූ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, සහජීවනය ඇති කිරීම යනාදියට මූලිකත්වය ලබාදී කටයුතු කළ බව කීය.

ඉදිරි කාලය මුළුමනින්ම සංවර්ධනය, ජනතා සුබසාධනය සැලැසීම ඉලක්ක කොට සංවර්ධන වැඩ ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් ගනු ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

ජයසිරි මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *