විජයදාස සමුදෙයි – අධිකරණ ඇමැතිකම තලතාට

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. ජනපතිවරයා විසින් විජයදාස මහතා අද උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත.

විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේ දී ඒකමතිකව යෝජනාවක් සම්මත විය.

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

තලතා අතුකෝරල මහත්මියට  අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය.කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර  සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම ප්‍රමාධ වී ඇත්තේ නව ඇමැතිවරුන් දෙදෙනා නම් කර යැවීමට ප්‍රමාධ වීම නිසා බව ද දැනගන්නට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *