ඒකාබද්ධයේ පොදු අපේක්ෂක ලණුව විජේදාස ගිලලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

විජේදාස රාජපක්ෂ මහතා 2020 වසරේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට ඒකාබද්ධ විපක්ෂය දී ඇති ලණුව ගිල අමාරුවේ වැටී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

මිතුරු වෙසින් තම නිවස තුළ සතුරාගේ මිතුරා රැඳී සිටියි නම් එය විශාල හානියක් බවත් නිවසින් පිටමං වී ප්‍රහාර එල්ල කළාට කමක් නැති බවත් නලින් බණ්ඩාර මහතා පවසයි. එහෙත් නිවස තුළ සිට, හදපු යහපාලන රජය ඇතුළේ සිට විවේචනය කිරීමට ඉඩ දිය නොහැකි බව පවසන මන්ත්‍රීවරයා ඔහුව ඉවත් කරන ලෙස ඒකමතිකව ප්‍රකාශ කළේ ඒ නිසා බව අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු විය. රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගී භාවයෙන් නිදහස් කර ගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම රටට ආදරය කරන සියලු මහජන නියෝජිතයන්ගේ

වගකීම බව මෙහි දී ප්‍රකාශ කළ ජයන්ත මාරසිංහ මහතා එම වැඩපිළිවෙළට සහාය පළ කරමින් තවත් විශාල පිරිසක් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටින බව ද ප්‍රකාශ කළේය.

ක්‍රිසන්ති විතාරණ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *