යහපාලන ආණ්ඩුව මෙතැනින් කොතැනටද ?දෙවසරක ගමන් මග පිළිබඳ විමසුමක් – භාතිය බරුකන්ද

යහපාලන පාර්ලිමේන්තුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වුණේ පසුගිය 21 වැනිදා. ඒ 2017 අගෝස්තු මාසේ 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වූ එකඟතාවයෙන් පස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීම සමගයි. අලූත් ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය පදවිය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමි වුණා. කැබිනට් මණ්ඩලයේ, රාජ්‍ය ඇමැති පදවි සහ නියෝජ්‍ය ඇමැති පදවි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සම සමව වාගේ බෙදී ගියා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර වගේම එජාපය හා ශ‍්‍රීලනිපය අතර බල තුලනයත් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා වගේම අගමැතිවරයත් දැඩි පරිශ‍්‍රමයක යෙදී තිබුණ ආකාරය අමාත්‍යාංශ බෙදීමේදී පැහැදිලිව පෙනුනා.
2015 අගෝස්තු 21 පිහිට වූ ආණ්ඩුව සැලකිය හැක්කේ ලංකා දේශපාලනයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට. ඒකට හේතු කිහිපයක් තිබුණා. ඒ අතර ප‍්‍රධාන වුණේ ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්ව ආණ්ඩු කිරීමේ අවස්ථාව ප‍්‍රථම වරට සිදුවීමයි. මෙවැනි තත්ත්වයන් ලෝක දේශපාලනයේ ද අතිශයින් විරල බවයි දේශපාලන විශ්ලේෂකයින් කියන්නේ. උදාහරණයක් විදිහට ප‍්‍රධාන පක්ෂ දෙකේම සහභාගිත්වයෙන් පිහිටුවන ‘ජාතික ආණ්ඩුවක්’ මහා බි‍්‍රතාන්‍යයේ පවා බිහි වී තිබෙන්නේ එකම එක අවස්ථාවක පමණයි. ඒත් ඒක සිදු වුණේ මුළු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයම දැඩි ආනාරක්ෂිතභාවයක මුහුණ දී සිටි පළමු වැනි ලෝක යුද සමයේදීයි. ලංකාවේ යහපාලන ආණ්ඩුව බිහිවීම සුවිශේෂී වන්නේ මේ තත්ත්වය තුළයි.
ජාතික ආණ්ඩුව අහම්භයක්ද ?
යහපාලන ආණ්ඩුව හුදු දේශපාලන අහම්බයක් වශයෙන් අර්ථකථනය කිරීමට ඇතැම් පිරිසක් බලවත් පරිශ‍්‍රමයක යෙදෙනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පාර්ශ්ව මේ ගැන වඩාත් උනන්දුයි. ඒත් ජනාධිපතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කරමින් සිටියේ ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කළ පසු පිහිටුවන ආණ්ඩුව අනිවාර්යයයෙන්ම ජාතික ආණ්ඩුවක් වන බවයි. එහිදී එජාප නායකයා වැඩි දුරටත් සඳහන් කළේ රටේ සියලූ ප‍්‍රශ්න විසදීම සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලූ පාර්ශ්වයන්ගේ සහාය ලබා ගැනීම සඳහා ඩොනමෝර් යුගයේ (1931-47* ක‍්‍රියාත්මක වූ ‘විධායක කාරක සභා’ ක‍්‍රමයේ ආණ්ඩුවක් පිහිටුවීම තමන්ගේ අපේක්ෂාව වන බවයි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කර ගැනීම, ආර්ථික ප‍්‍රතිසංස්කරණ, ජාතික ගැටලූවට තිරසාර දේශපාලන විසඳුමක් සෙවීම, ජාතීන් හා ආගම් අතර සංහිඳියාව ගොඩනැගීම වැනි ප‍්‍රමුඛ ජාතික අවශ්‍යතා හා අභියෝග ඉටුකර ගත හැකි වන්නේ එවැනි සර්ව පාක්ෂික ප‍්‍රවේශයකින් පමණක් බව එජාප නායකයා ජනාධිපතිවරණයට පෙර සිටම දැඩිව අවධාරණය කළා.
2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කිරීම සමග අනපෙක්ෂිතව නිර්මාණය වූ දේශපාලන සංකීර්ණතා හමුවේ එජාප නායකයාගේ ජාතික ආණ්ඩු සංකල්පය දේශපාලන අවශ්‍යතාවක් බවට පත් වුණා. ඒ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව කිසිවකු අපේක්ෂා නොකළ ආකාරයෙන් (අනපේක්ෂිතව* ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය භාර ගැනීම සමගයි.
මේ සමග සිදු වුණේ ජනපතිවරණය ජයග‍්‍රහණය කළ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කඩිනම් මහ මැතිවරණයකට ගොස් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට / ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තිබූ ස්වර්ණමය අවස්ථාව ඉතාමත් අවාසනාවන්ත ලෙස මගහැරී යාමයි. ජනපතිවරණ උණුසුම සමග කඩිනම් මහ මැතිවරණයකට යාමට එදා පියවර ගත්තේ නම් අද පාර්ලිමේන්තුවේ සංයුතිය සම්පූර්ණයෙන් වෙනස්වීම පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනකු පාර්ලිමේන්තුව තුළ නොසිටීමේ අවස්ථාවක් ද තිබුණා. එවැනි තත්ත්වයක් සිදු වුණා නම් අද ලංකාවේ දේශපාලනය මේ ආකාරයේ වියවුල් සහගත නොවීමට බොහෝ දුරට අවස්ථාව තිබුණා.
ආණ්ඩුව පඹ ගාලක ද ?
යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම මුහුණ දුන් අනපේක්ෂිත දේශපාලන අර්බුදයන්ගේ වත්මන් ප‍්‍රකාශනය ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුවීම මෙන්ම රවි කරුණානායක, විජේදාස රාජපක්ෂ ආදි එජාපයේ ප‍්‍රබල ඇමැතිවරුන් මුහුණ දී සිටින අර්බුදය දැකිය හැකියි. මේ කිසිවක් යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදී අපේක්ෂා නොකළ දේශපාලන අර්බුද වශයෙන් සැලකිය හැකියි.
මේ සමග යහපාලන ආණ්ඩුවේ සාමුහික වගකීම සම්පූර්ණයෙන් බිඳ වැටෙන හෝ නොසලකා හරින තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඉතා පැහැදිලිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින ඇමැතිවරුන් අති බහුතරයක් ආණ්ඩුව සමග කිසිදු වගකීමක් හෝ වගවීමක් නොමැති ආකාරයෙන් කටයුතු කරන ස්වභාවයක් දැකිය හැකියි. මේ තත්ත්වය තුළ යහපාලන ආණ්ඩුව තුළ සිදුවන සියලූ ඍණාත්මක දේවල වගකීම එජාපය වෙත පැටවීමේ නැඹුරුවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් තුළ තිබෙනවා. ඔවුන් ඉතා පැහැදිලිව ආණ්ඩුව සම්බන්ධයෙන් වන වගවීමෙන් මිදුණු ස්වභාවයක් ප‍්‍රදර්ශනය කරනවා. මේ තත්ත්වය ආණ්ඩුවේ පැවැත්මට මෙන්ම තීරණ ගැනීමේ හා ඒවා ක‍්‍රියාත්මක කිරීමේදී ද ඍණාත්මක ආකාරයෙන් බලපානවා. ‘ආණ්ඩුව කරන දෙයක් නෑ’ කියන හුදු කතාව අද ජනතාව තුළ දැඩිව තහවුරු වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ හරි අඩක් ආණ්ඩුව කෙරෙහි කිසිදු ආකාරයක වගවීමකින් තොරව කටයුතු කරණ මේ කුහක වෑයම තුළයි.
මේ දේශපාලන උභතෝකෝටිකය අපට පහසුවෙන් තේරුම් ගත හැකියි. ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉතාම සද්භාවයෙන් හා වගවීමකින් යුතුව එජාපය සමග ගැට ගැසූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිසේත් එජාපයට ලකුණු වැටෙන, ජනතා ප‍්‍රසාදය හිමිවන ක‍්‍රියාවලියකට සහයෝගය දෙයි කියලා අපට හිතන්න බැහැ. ඔවුන්ගෙන් අති බහුතරයක් ආණ්ඩුව සමග එක් වුණේ දේශපාලන පැවැත්ම සඳහා මිස මෛත‍්‍රී-රනිල් දර්ශනයට අනුව යහපාලනය බිහිකිරීමට නොවන බව ආරම්භයේ සිටම දැකිය හැකි වුණා. අද ඔවුන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද අගමැති කරන අලූත් ආණ්ඩුවක් පිහිටුවීම ගැන පාරම්බාන්නේ, පුවත් මන්නේ මේ දේශපාලන වුවමනාව නිසයි. ‘ආණ්ඩුව අද වැටෙයි’ ‘ආණ්ඩුව තව මාසයෙන් වැටෙයි’ ‘ශ‍්‍රීලනිපයේ සම්මේලනයෙන් පස්සේ වැටෙයි’ කියලා ජනතාව අතර වගේම රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ තිගැස්මක් ඇති කරවන්නේ යළි ශ‍්‍රීලනිපයට බලය අත්පත් කොට ගෙන රාජපක්ෂවරු සමග හවුල් වීමට ඇති වුවමනාව නිසයි. අද යහපාලන ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන උභතෝකෝටියක මේ තත්ත්වයයි. මෙය ආණ්ඩුව අවුරුදු දෙකක් ගත වන විට සිදු නොවිය යුතු අනවශ්‍ය තත්ත්වයක්. මොකද මෙවැනි ප‍්‍රවේශ හරහා දේශපාලනය සමග බොහෝ දේ බැඳී පවතින ලංකාව වැනි රටවල්වල නිලධාරීන් වගේම ව්‍යාපාරික ප‍්‍රජාව, රාජ්‍ය තාන්ත‍්‍රිකයින් පවා යම්කිසි හිරවීමකට, තීන්දු ගන්නා විට දෙවරක් නොව කිහිප වරක් සිතා බලන තැනකට පත් වෙනවා. අද ලංකාවේ ¥ෂණ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පමණක් නොවෙයි රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය වැදගත් තීන්දු පවා අනවශ්‍ය ප‍්‍රමාණයට ප‍්‍රමාද වෙමින් හෝ දියාරු වෙමින් පවතින්නේ මේ පීඩාකාරී දේශපාලන අසහනය නිසයි. ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් වන ව්‍යාජ භීතිය නිසයි. බැලූ බැල්මට ආණ්ඩුව පඹ ගාලක පැටලී සිටින ස්වභාවයක් දැකිය හැකි වන්නේ මේ නිසයි.
ශ‍්‍රීලනිපයට හානියක් නැහැ
මේ තත්ත්වය ආණ්ඩුව තුළ සිටින ශ‍්‍රීලනිප පාර්ශ්වයට කිසිසේත් බලපෑමක් කරන්නේ නැහැ. මොකද ශ‍්‍රීලනිප ඇමැතිවරු ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව අර්ථකථනය කරන්නේ ‘රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවක්’ විදිහටයි. ඒ නිසා සියලූම ඍණාත්මක දේ රනිල්ගේ, එජාපයේ ගිනුමට ගොඩ පිටින් බැර වීම අපට නොකතා හරින්න බැහැ. මොකද ශ‍්‍රීලනිපයේ කෙටිකාලීන ඉලක්කය වන්නේ මීළඟ පළාත් පාලන මැතිවරණය. රනිල් වික‍්‍රමසිංහ සමග හවුලේ ආණ්ඩු කළා කියලා ජනතාව හමුවට යන්න ඔවුන්ට බැහැ. ඒකට හේතුව ශ‍්‍රීලනිපයේ අති බහුතරය මහින්දගේ ඡුන්ද මල්ල තුළ තවමත් තිබීමයි. ඒ නිසා 2015 අගෝස්තුවේ තමන් ගත්ත දේශපාලන අවදානම යළිත් නිමල් සිිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා ආදීන් ගනියි කියලා අපට හිතන්න බැහැ. ඔවුන්ට අද අවශ්‍ය කරලා තියෙන්නේ ආණ්ඩුව තුළ සිටිමින් එජාප ආණ්ඩු විරෝධී දේශපාලනයක් කළා කියලා ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හමුවට ගිහින් සර්ව සාධාරණීකරණය වීමට පමණයි. අද යහපාලන ආණ්ඩුව මුහුණ දෙන දේශපාලන අභියෝගය මේකයි.
යහපාලනේ කළ දෙයක් ඇත්තේම නැද්ද ?
ආණ්ඩුව පිළිගත්තත් නොගත්තත් යහපාලනය වෙනුවෙන් ඡුන්දය භාවිත කළ සැලකිය යුතු පිරිසක් යහපාලනේ පසුගිය දෙවසරක කාලය දැඩිව ප‍්‍රශ්න කරනවා. ඒ වගේම තවත් සැලකිය යුතු පිරිසක් දැඩි අපේක්ෂාභංගත්වයට පත්ව සිටිනවා. උදාහරණයක් වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ තිබෙන්නේ සම්පූර්ණ එජාප ආණ්ඩුවක් නොවීම තුළ දීර්ඝ කාලයක් පුරා මුහුණ දුන් ගැටලූ වලට ආණ්ඩුවෙන් හෝ දේශපාලනමය වශයෙන් පිළිසරණක් නොලැබීමේ කනස්සල්ල. එය ඔවුන්ව දැඩි පීඩාවකට පත්කර තිබෙනවා.
¥ෂිතයින් අත්අඩංගුවට ගැනීම පමාවීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කටයුතුවල පවතින ප‍්‍රමාදය වැනි යහපාලන විෂයෙහි තීරණාත්මක වැඩපිළිවෙළ ප‍්‍රමාද වීම නිසා මධ්‍යම පාන්තිකයින් ඇතුළු සිවිල් සමාජය තුළත්, දේශපාලන විසඳුම, මානව හිමිකම් යාන්ත‍්‍රණය, උතුරේ යළි පදිංචිකිරීම්, හමුදාකරණය අඩු කිරීම වැනි කටයුතුවල තිබෙන ප‍්‍රමාදය ගැන දමිළ ජනතාව තුළත්, සිංහල බෞද්ධ අන්තවාදය යළි හිස එසවීම වැනි ජාතිවාදි හා ආගම්වාදී ගැටලූ ගැන මුස්ලිම් ජනතාව ඇතුළු අන්‍යාගමිකයින් තුළත් බලවත් කණස්සල්ලක් මේ වන විට වර්ධනය වෙමින් තිබෙනවා. සයිටම්, වැඩවර්ජන රැුල්ල, ගංවතුර, නිඟය, දිගින් දිගටම සිදු වන වැඩවර්ජන, ජීවන වියදම ඉහළ යාම වැනි ගැටලූ ගැන පොදුවේ සමස්ත සමාජය තුළ කිසියම් පීඩාකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබෙන බවක් අපට නිරීක්ෂණය කළ හැකියි.
ඊට සමගාමීව ආණ්ඩුව තුළ ඇතිවෙලා තිබෙන අසහනකාරීත්වය, විශේෂයෙන් විජේදාස රාජපක්ෂ මහතා විසින් ඇති කරමින් තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය මේ මොහොත වන විට ජනතාවගේ කණස්සල්ල වර්ධනය කිරීමට හේතු වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ සියලූ ආකාරයේ සාධනීය ක‍්‍රියා යටපත් වෙමින් විපක්ෂයේ, විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ දේශපාලනය යළි වේගයෙන් හිස ඔසවමින් තිබෙන ආකාරයක් අපට දැකිය හැකියි.
මේ ඍණාත්මක තත්ත්වය තුළ සිදුවන නියත කාරණය වන්නේ ආණ්ඩුව කිසියක් නොකර තමන්ගේ නොහැකියාව වසා ගැනීමට ‘රාජපක්ෂ පවුල දඩයම් කරනවා’ යන ප‍්‍රවාදය වඩාත් හොඳින් ජනතාව තුළ තහවුරු කිරීමට අවස්ථාව රාජපක්ෂ පවුලට හිමිවීමයි. අද නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ දිගින් දිගටම අවධාරණය කරමින් සිටිනේනේ මේ කාරණයයි. කොටින් 2015 ජනවාරී 08 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව තීරණාත්මකව පරාජය කිරීමට බලපෑ සකලවිධ කාරණා වේගයෙන් නිශේධනය කරමින් යළි රාජපක්ෂ පවුල ඔසවා තැබීම, ආණ්ඩුවේ සියලූ සාධනීය ක‍්‍රියාකාරකම් අවතක්සේරු කිරීමට පහසු අවස්ථාවක් මේ වටපිටාව තුළ විරුද්ධ පක්ෂයට නිර්මාණය කොට තිබෙනවා. ආණ්ඩුව නොදැන සිදුවන මේ තත්ත්වය කිසිසේත් යහපාලන ආණ්ඩුවට හිතකර වන්නේ නැහැ.
ආණ්ඩුව මෙතැනින් කොතැනටද ?
ඉහත සඳහන් කළ කාරණා තුලනාත්මකව විමසා බලන විට අපට පැහැදිලිව ප‍්‍රකාශ කරන්න හැකියාව ලැබෙන්නේ ජනතාව තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළින්ද ක‍්‍රමයෙන් මෝරා එමින් තිබෙන ආණ්ඩු විරෝධය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ පහසු අවස්ථාවක් තමත් ආණ්ඩුව හමුවේ පවතින බවයි.
විපක්ෂය හෝ ආණ්ඩුව තුළ සිටින ශ‍්‍රීලනිප ඇමැතිවරු කවර කතා කළත් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින අනෝන්‍යාවබෝධය බිඳ වැටෙනු ඇතැයි අපට කිසිසේත් විශ්වාස කළ නොහැකියි. රවි කරුණානායක ඇමතිවරයාගේ සිදුවීම මේ සඳහා අපට නිදසුන් වශයෙන් දැක්විය හැකියි. ජනපතිවරයා සහ අගමැතිවරයා අතර බල සංවරණයක් හා තුලනයක් පවතින බවයි අපට පැහැදිලිව දැකිය හැකි වන්නේ. ජනාධිපතිවරණයට තව වසර 2 2/1 ක් ද මහ මැතිවරණය සඳහා අවුරුදු හතරක් ද තිබෙන වාතාවරණයක් තුළ මහින්ද රාජපක්ෂ කල්ලිය අපේක්ෂා කරන ආකාරයේ හදිසි මැතිවරණයක් කිසිසේත් අපේ්ක්ෂා කළ නොහැකියි.
ඒ වගේම මේ අවස්ථාවේ දැකිය හැකි වන්නේ යහපාලනය බලයට පත් කිරීම සඳහා ඡුන්දය භාවිත කළ ජනතාව තවත් වටයකින් යළි මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීමට ඡුන්දය භාවිත කිරීමේ කිසිදු ආකාරයක තාර්කිකභාවයක් නොමැති බවයි. විශේෂයෙන්ම සුුළුජනතාව, වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ඉල්ලා සිටින මධ්‍යම පන්තිය, එජාප පාක්ෂිකයින් යළිත් රාජපක්ෂ පාලනයකට අවකාශය සලසයි කියා සිතිය නොහැකියි.
දේශපාලන වශයෙන් මේ ආකාරයේ අපේක්ෂාවන් පවතින විට ආණ්ඩුව අවධාරණය කරන්නේ පසුගිය ආණ්ඩුවේ ¥ෂිතයින් ඇල්ලීම සඳහා වන ආණ්ඩුවේ වැඩපිළිවෙළ කිසිසේත් හකුලා ගෙන නැති බවයි. පසුගිය දා රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ ආකාරයට නාමල්, බැසිල් ඇතුළු හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලයින්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට සූදානමක් තිබෙනවා. ශිරන්ති රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනකුට එරෙහිව පරීක්ෂණ කඩිනම් වන තත්ත්වයක් තුළ ¥ෂණ විමර්ශන ප‍්‍රමාද වීම ගැන චෝදනාවෙන් පහසුවෙන් ගැළවීමට ආණ්ඩුවට අවස්ථාව ලැබෙන බවක් පේනවා.
ආර්ථිකය ශක්තිමත් කිරීමට අගමැතිවරයා ගන්නා දැඩි ප‍්‍රයත්නය සාර්ථක වන ආකාරයක් දැකිය හැකියි. විපක්ෂයේ සහ අවස්ථාවාදින්ගේ තර්ජන ගර්ජන හමුවේ කිසිදු බියකින් තොරව හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීම හරහා ආර්ථික ප‍්‍රතිසංස්කරණ විෂයෙහි ආණ්ඩුවේ සැලසුම් ඉටුවීම සමග රැුකියා දස ලක්ෂයේ සැලසුම ඇතුළු ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපායන් ඉටුවනු ඇතැයි සිතිය හැකියි.
මහින්ද රාජපක්ෂ යුගයේ මෙන් මහා ප‍්‍රදර්ශනකාමයක් පළ නොකළත් ආණ්ඩුවේ සංවර්ධන කටයුතු වේගයෙන් සිදුවන ස්වභාවයක් අපට දැකිය හැකියි. මධ්‍යම පළාත් අධිවේගී මාර්ගය, කොළඹ වරාය නගරය, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය, පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන, වයඹ ඇළ සංවර්ධන වැඩසටහන ආදී සංවර්ධන වැඩසටහන් වගේම පසුගිය දා ප‍්‍රකාශයට පත් කළ බදු සහන මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වන බදු සංශෝධන හරහා යළිත් ආර්ථික සංවර්ධනය සක‍්‍රීයභාවයට පත් වන බවක් දැකිය හැකියි. අගමැතිවරයා දිගින් දිගටම අවධාරණය කරන පරිදි ජීඑස්පී ප්ලස් බදු සහනයේ පුර්ණ වාසිය ලංකාවට ලබාගත හැකි වන්නේ රට තුළ දැවැන්ත ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක් දියත් වුවහොත් පමණයි. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය හරහා සිදුවන ආර්ථික සංවර්ධනය මේ සඳහා වඩාත් උත්තේජනයක් වන බවක් දැකිය හැකියි.
දෙවසර මූසල වුණේ කාටද ?
මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කල්ලිය ආණ්ඩුව බිඳ දැමීමක් ගැන හෝ ආණ්ඩුවේ පිපිරීමක් ගැන දිගින් දිගටම ගොබොල්ස්වාදී ප‍්‍රචාර ගෙන යන්නේ යළි බලය අත්පත් කර ගැනීමේ වුවමනාවට වගේම පසුගිය කාලයේ කළ කී දෑ සම්බන්ධයෙන් නීතියෙන් ගැළවීම සඳහා බව ඉතාම පැහැදිලියි. මේ තත්ත්වය ආණ්ඩුව වගේම ජනතාවත් මනාව වටහා ගත යුතුයි. අද ආණ්ඩුව කිසිවක් නොකර රාජපක්ෂවරු දඩයමේ යන බව කියන කතාව තුළ ඇත්තේ නීතිය සම්බන්ධයෙන් වන භීතිය පමණයි.
ඒ නිසා 2016 දී ‘වෙනස සැපද ?’ කියලා ඇසුව රාජපක්ෂවරු 2017 ‘මූසල දෙවසර ’ කියලා රටපුරා පෝස්ටර් ගහන්නේ පසුගිය දෙවසර වෙන කාට නැතත් ඔවුන්ට නම් මූසල වුණ නිසා බව පැහැදිලියි. කිසිමදාක පුටුවෙන් ඇඳ නොවැටෙයි කියා මුළු ආණ්ඩුවම පවුලේ බූදලයක් කරගත් පවුලකින් හා ඒකට උඩගෙඩි දෙමින් වහළුන් වූ කල්ලියකින් ඊට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකි බව අප වටහා ගත යුතුයි.

සටහන

භාතිය බරුකන්ද

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *