හඟුරන්කෙත අප්පු

‘‘දුරකථනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා…

ජිල් මහත්තයා යන විට මහරජා සිටියේ ගීතයක් ගායනා කරමිනි.

මොකද ලෝක්කා චූන් පාරක් දාගෙන, පරණ සෙල්ලමක්වත් මතක් වුණා ද? ජිල් මහතා ඇසුවේය.

කෑගහන්න එපා මිනිහෝ බිසව ඇතුළේ ඉන්නවා. මහරජා කීවේ දෙතොල හරහා ඇඟිල්ලක් තබා පෙන්වමිනි.

දැන් කාටද ඔය දුරකතනයෙන් අමතන්නේ? එවර ජිල් මහතා ඇසුවේ හඬ බාල කරමිනි.

මම කල්පනා කළේ හඟුරන්කෙත අප්පුට කෝල් එකක් දාන්න, එවිට මහරජා කීවේය.

ඒ මොකද බර්ත්ඩේ එකට විෂ් කරන්නවද්ද? ජිප් ඇසුවේය. උපන්දිනවලට සුබ පැතීමත් ලොක්කාගේ කූට බෝධිසත්ත්ව ගුණයක් බව දන්නා නිසාය.

මිනිහා මේ දවස්වල විසිල් ගහන හැටියට බල්ටියකුත් ගහන්න බැරිකමක් නැහැ. යැයි මහරජා කීවේය.ලොක්කා ඔය කියන්නේ මොන විසිල්එක දැයි ජිල් එවිට ඇසුවේ, හඟුන්කෙතායා සමෘද්ධියටත් සයිටම් එකටත් තවත් මොක මොකටදත් විසිල් කීපයක්ම ගැසූබව මතක තිබුනු නිසාය.

රටට ඕනැන්නෙ ඉඩිඅමීන් කෙනෙක් කියල ඟුරන්කෙතයා කියනු ඔළුව රූපවාහිනියේ දෙතුන් විටක් පෙන්නූ බව එවිට එහරජා කීවේය.

හඟුරන්කෙතයා විසිල් ගහන තරමට බල්ටිත් ගැහුවනම් පෙලහකට කොන්දත් කැඩිලා යැයි එවිට ජිල් කීවේ ඌ මෙලෝසමමජ්ජාතියේ විශ්වාස කළ හැකි එකෙක් නොවන බව දන්නා නිසාය.

එහෙම කියන්නත් එපා. සැටලයිට් නොනගේ කාලේ ඕක ගහපු බල්ටියෙන් රජ සභාවත් කණපිට ගැහුවා උඹට මතක නැද්දැයි එවිට මහරජා ඇසුවේය.

සැටලයිට් නෝනට බෝම්බ පත්තුවෙච්ච වෙලාවේ ඕක හොටු පෙර පෙර අඬපු හැටියට ඒ කරණම ගහයි කියල කවුරැවත් විශ්වාස කළේ නැහැ, කියා ජිල් එවිට කීවේය.

රවී මාරැ වෙලා හින්දා දැං ඕකලාගේ මුකපූට්ටුවෙලා ඇත්තේ, හගුරන්කෙත මාලගාමේ කේස් එකත් ඇදුනොත් ඌට වැලිකඩ ඉඳල ලීව පොතේ ඉතුරැටිකත් ඇතුළෙ ඉඳගෙනම ලියන්න සිද්ධ වෙයි කියල බය ඇති යයිථ මහරජා කීවේය.

ඇත්නාවල කෙල්ල පස්සෙ ඕක කාලයක් දුවපු දිවිල්ල ඔලිම්පික්වලට දිව්වනම් හුසේන් බෝල්ට් වුණත් පරද්දන්න තිබුනා කියා ජිල් මහතා කීවිට මහරජා කීවේ, දැන්නම් මම හිතන්නේ ඌට බැරිය වෙණ ගායනා පෙරසේ කියාය.

හැබැයි ලොක්කා උගෙ ඡන්ද මැෂින් එක හයිකර ගත්තොත් අපේ නොපිපෙන පාටියට පොඩි ගෝ එකක් ගන්නත් බැරිවෙන එකක් නැහැයි ජිල් නැවතත් කීවේය.

උගෙ මැෂිම දැන් ඉස්සර වගේ හොඳට දුවන්නේ නැහැ. කළු දුමත් වැඩියි, අන්ඩ කොම්ප්‍රෙෂර්ථ කන්ඩම් එකට මිසක් බොර් කරලවත් ගන්න අමාරුයි. රජා කීවේය.

ඕකා ඒකාධිපති ගැටිය පොළිෂ් කන්නෙත් මැෂිම ලොක ලොක ගාස බව දන්න නිසා වෙන්න පුළුවනි කියා ජිල් ද කීවේය.

අනේ මහතුනේ මටවන් දුක බලලා…

සෙනේ සිතින් අනුකම්පා උපද්දලා…

ගේට්ටුවට එපිටින් කවියක් ඇසී ඒ කැලණි හිඟන්නා මොකාද බලපං කියා මහරජා කියන විටත් ෆෝන් විමලයා හොටු පෙරමින් අඬමින් වැනි වැනි ආවේය.

සිව් මහ බඹුන් පෑ පෙළහරින්

අපෙනුත් දෙකක්

ගැලවී ඇතේ

වෙරි සොරි වේවා

මහාරජාණෙනි,

රජා දුටු ෆෝන් විමලේ තැටිය මාරැ කළ විට රජාට මල පැන්නේය.මොකද යකෝ බොට වෙලා තියෙන්නේ? තවත් කොල්ලෙක් මැරිලද? මදන මෝදක කැවිලද?  සීනු මල්ලිලා හීනෙන්  පෙනුණද? මහරජා ඇසුවේය.

වෙරි සොරි වේවාථ මහරජාණනි, තුනෙන දෙකක් අරගෙන විශ්වාස භංග ගහන්න අපි අඹුඩෙ හිර කරනකොට පුලතිසි කුමාරයා අපෙන් දෙකක් ගලවලා පට්ටම් දෙකකුත් දීලා. නිව්ස් ඇහුවෙ නැදද? ෆෝන් විමලේ කීවේය.

ඌට මෝ ගන්ඩ මොකාද ඒ බල්ටි ගයපු අලුගුත්තේරුවා? මහරජා ඇසුවේය.

එකෙක් නෙමේ දෙකෙක්. අයියත් ගියා මල්ලිත් ගියා. දෙන්න දෙපැත්තෙන් ගිහින් තානාත්තර දෙකකුත් ගත්තා. ෆෝන් විමලයා කීවේය. ආරංචියේ හැටියට තවත් තුන හතරක් පුලතිනි කුමාරයා වටේ හොරගල් අහුලනවලු. මෙහෙම ගියොත් වෙන්නෙ අනුන්ගෙ ලබ්බ හොරකම් කරන්න හදද්දි අපේ බල්බත් අරන් හොරෙන්ම ගියා වගේ වැඩක්.

උඹල පලෑන් කර කර හිටියෙ සුබ යස තියරියට ඔළුගෙඩි මාරු කරල මාව සිංහාසනේ තියංඩ නේද?මෙව සේරම උඹලගෙ වැරදි. මහරජා කීවේය.

අනේ මරජාණනි, අපි ඔබතුමාට හීනෙන්වත් වැරැද්දක් කරල නෑ. ජිලුත් මිමලෙත් එකහඬින් කීවේය.

උඹල විතරක් නෙමෙයි පිවිතුරුවත් මේවට වගකියන්න ඕන මහරජා කීවේය.

අපට තේරෙන්නේ නෑ රජතුමනි, අපේ වැරැද්ද මොකක්ද? ගිය දෙන්නා ගියාම ඉන්න අපි වැරදිද? ෆෝන් විමලේ ඇසුවේ වඳින්න ආපු දේවාලය ඉහේ කඩා වැටෙන්න යන හේතුව නොදන්නා නිසාය.

පළාත් පාල ඡන්දෙ තිබ්බෙ නැත්නම් පුලතිසිගෙ මන්දිරේ වටකරනව කියල පිවිතුරුවා කීවද නැද්ද?

කීව,

උඹලත් බකමුණෝවගේ හුම් හුම් කියල උගේ කතාව අනුමත කළාද නැද්ද?

‘බෑ කියන්න බැරි කමට අපිත් හා කිව,

අවුරුදු දෙකක් තියාන කලින් ඡන්දෙට ගිහිං රජ වෙකා හිටපු වෙච්ච දේ මතකද?

බලු වුණා කියන්න අපට හිතෙන්නෙ නෑ රජතුමනි.

ඊළඟ සැරේ උඹල රජත් එක්ක හිටගමු කියල අගමැති කරන්න ගිහිල්ල, නතර වුණේ මම නිකම්ම මන්ත්‍රි කට්ටෙක් කරල නේද?

පිළිගන්නවා රජතුමනි,

අවුරැදු දෙකක් කලින් තරඟෙට ගිහින් පසස් අටක් ගත්තු මට ඊළඟ වතාවෙ එකත් නැති වුණා කියල දන්නව නේද?

තතක නෑ රජතුමනි

ලබනසැරේ තොපිත් එක්ක ගියොත් මට සිද්ධවෙන්නෙ නගර සභාවක පිළිකන්නෙ ඉඳගෙන ඉන්න. තොපේ ඔය මළ ඉලව් මැතිවරණ ඉල්ලිල පැත්තකින් තයල සුදානම් වෙයව් 2020ට කලින් ඡන්ද නොතබවු කියල උපවාසයක් කරන්න.

මරාන්තික එකක් ද සිල්ලර එකක්ද මහරජතුමනි,

සිල්ලර එකක් පටන් ගනිල්ල. උපවාසෙ සිල්ලරයි ඡන්දෙ මාරාන්තිකයි

 නරසිංහ

 

 

 

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *