රාජපක්ෂලා අධිකරණ ඇමැති ගැන කිඹුල් කඳුළු හෙළන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘අඟේ ඉඳන් කන කනවා’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ කතාවෙන් අදහස් වෙන්නේ ඉතාම සමීපයේ සිට හතුරුකම් කිරීමයි.  ඕනෑම සමාජයක් අඟේ ඉඳන් කන කෑම සලකන්නේ අතිෂයින්ම බරපතළ හතුරුකමක් විදිහටයි. එවැනි පුද්ගලයින්ට සමාවක් දීමට කිසිවෙක් සූදානම් වන්නේ නැහැ.
එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයට වඩා දේශපාලනයේදී නම් අඟේ ඉදන් කන කෑම ඉතාම බරපතළ දෙයක්. එමගින් ආණ්ඩුව අනාගතය, පැවැත්ම පවා තීරණය වෙන්න පුළුවන්. එ වැනි කතාවලින් දේශපාලන ඉතිහාසය පිරිලා තියෙනවා.
අද අධිකරණ හා බුද්ධ සාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂය වෙතින් එල්ල වන දැවැන්ත චෝදනාවක් වන්නේ විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ලෙස සිටිමින් ම ආණ්ඩුව විනාශ කරන සැලසුමක කොටස්කරුවෙක් වී ඇති බවයි. ඒ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂය තුළින්ම,  (එජාපයේ පසුපෙළ* විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ගැන කතා වෙනවා. ඒ වගේම එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මෙන්ම අජිත් පී පෙරේරා වැනි නියෝජ්‍ය ඇමැතිවරුන් ද විජේදාස රාජපක්ෂ මහතාව දැඩිව විවේචනය කරමින්, ඒ මහතාගේ ක‍්‍රියාකාරීත්වය හෙළා දකමින් කතා කරනවා අපිට නිරතුරුව දැකිය හැකියි.
මෙවැනි තත්ත්වයක් දීර්ඝ කාලීන කැබිනට් සංස්කෘතියක් ඇති ලංකාවේ මීට පෙර වාර්තා වුණේ නැහැ. විශේෂයෙන් ම තම පක්ෂය ම නියෝජනය කරන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට එරෙහිව එම පක්ෂය විසින්ම දෝෂාභියෝගයක් ගෙන ඒම ලංකාවේ පමණක් නොව ලෝකයේ කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සිදු වී තිබේද යන්න ප‍්‍රශ්නයක්. මොකද ආණ්ඩුවේ ඇමැතිවරයෙකුට යම් කිසි ආකාරයකින් දෝෂාභියෝගයක් ඉදිරිපත් වී එය සම්මත වුණොත් එය මුළු ආණ්ඩුවටම එරෙහි දෝෂාභියෝගයක් විදිහටයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය සලකන්නේ.
කොහොම වුණත් මෙවැනි ගැඹුරු හැදෑරීමකින් හෝ අවදානම ගැන නිසි තක්සේරුවකින් තොරව වුවත් අධිකරණ ඇමැතිවරයාට එරෙහිව එජාපයෙන් ම ඉදිරිපත් වන දෝෂාභියෝගය පිළිබඳ අදහස අද දේශපාලන කරළිය කැළඹීමට සමත් වෙලා තිබෙනවා. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා ඉදන්ම නොනිමී තිබෙන දේශපාලන උණුසුම, නිමක් නැතිව සිදුවන විපක්ෂයේ කයිවාරු කතා මේ සමග යළි යළිත් සාමාන්‍ය ජනතාවගේ ඉහමොළ රත්කරන්න සමත් වෙලා තිබෙනවා.
විජේදාස රාජපක්ෂ යනු
අද එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු පිරිසකට විජේදාස රාජපක්ෂ මහතාට වහ කඳුරු වෙලා තිබෙන කොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඇමැති ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසට විජේදාස රාජපක්ෂ වීරයෙක් වෙලා තිබෙනවා. මේක ‘‘මගේ හතුරාගේ හතුරා මගේ පරම මිතුරාය’’ ‘‘දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැත’’ ‘‘කන්න වුවමනා වුණාම කබර ගොයත් තලගොයා කර ගන්න පුළුවන්’’ වාගේ කොයි කතාවට වුණත් නිසි පරිදි ගළපා ගන්න පුළුවන්.
විජේදාස රාජපක්ෂ මහතා දේශපාලනයට එන්නේ 2004 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. 2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති පදවියක් ද විජේදාස රාජපක්ෂ මහතාට හිමි වෙනවා. ඒ රාජ්‍ය බැංකු සංවර්ධන ඇමැති පදවිය. කොහොම වුණත් මහින්ද රාජපක්ෂට එරෙහිව මංගල සමරවීර, ශ‍්‍රීපති සූරියආරච්චි, අනුර බණ්ඩාරනායක පක්ෂය තුළ දියත් කළ අරගලයේදී විජේදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂය (විපක්ෂය* සමග එකතු වුණා.
විජේදාස රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ වඩාත් කතා බහට ලක්වන්නේ 2006 වසරේ ජූලි මාසයේ දී කෝප් කමිටුවේ සභාපතිවරයා බවට පත්වීම සමග. රාජ්‍ය අංශයේ දැවැන්ත ¥ෂණ හෙළිකළ කෝප් වාර්තාව 2007 වසරේ අපේ‍්‍රල්වලදී ඉදිරිපත් කිරීමට විජේදාස රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණා. එය සැලකෙන්නේ කෝප් ඉතිහාසය තුළ ඉදිරිපත් වූ ප‍්‍රබල වාර්තාවක් විදිහට.
එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි දශකයකට ආසන්න කාලය පුරාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව විජේදාස රාජපක්ෂ මහතා තීරණාත්මක වැඩ කොටසක් කළ බව කිසිවකුට අමතක කළ නොහැකියි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයින් වගේම දුබලයින් ද ඉවක් බවක් නැතිව මහින්ද රාජපක්ෂ මහතාගේ සැලූන් දොරින් ආණ්ඩුවට රිංගන කොට, එජාපය තුළම ඉඳන් මහින්දගේ වුවමනා එපාකම් ඉටු කරන කොට රනිල් වික‍්‍රමසිංහ මහතාව ආරක්ෂා කළේ, මතවාදීව ප‍්‍රබල ලෙස රාජපක්ෂ ආණ්ඩුව සමග ගැටුණේ විජේදාස රාජපක්ෂ, රවි කරුණානායක වැනි කිහිප දෙනකු පමණයි. එනිසා අද දෙයාකාරයකින් මේ ප‍්‍රබල චරිත දංගෙඩියට ගෙන යාම දෛවෝපගත සිදුවීමක් වශයෙන් සැලකිය හැකියි.
විජේදාස රාජපක්ෂ එපා වුණේ ඇයි ?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීම සඳහා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ විජේදාස රාජපක්ෂ මහතාව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත‍්‍රීවරුන්ට සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට පමණක් නොවෙයි යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ සිවිල් සමාජයට පවා අද වහ කඳුරු වෙන්න බලපෑ හේතු මොනවාද ? කියලා අප සොයා බැලිය යුතුයි.
මෙහිදී විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන ප‍්‍රධාන චෝදනා කිහිපයක් දැකිය හැකිියි.
1ග    මහින්ද රාජපක්ෂ පවුලට එරෙහිව අධිකරණය හමුවේ නඩු ගොනු කිරීම දිගින් දිගටම පමා කිරීම,
2ග    පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්රියයාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කරන බවට වන චෝදනාව ( ඇවන්ගාඞ් විශේෂයි*
3ග    ගෝඨාභය රාජපක්ෂගේ ද නම ගෑවී ඇති ඇවන් ගාර්ඞ් සමාගම සම්බන්ධ සිදුවීමේදී එම සමාගම ආරක්ෂා කරන ස්ථාවරයකට යාම.
4ග    ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සුවිශේෂ බැඳීමක් ප‍්‍රදර්ශනය කිරීම හා ඒ සම්බන්ධ පක්ෂග‍්‍රාහී බවක් දක්වන බවට වන චෝදනාව. (වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් ඝාතනය කිරීමට අදාළ පරීක්ෂණ වාර්තාව සඟවා ගෙන සිටින බව ආදි…*
5ග    බොදුබල සේනා සංවිධානය ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ හා සම්බන්ධයෙන් දක්වන ලිහිල් පිළිවෙත.
6ග    සිංහල බෞද්ධ අන්තවාදයට උඩගෙඩි දෙන බවට වන චෝදනාව (ඉරිදා ටියුෂන් පන්ති තහනම් කිරීමට පනතක් ගෙන ඒමේ සූදානම වැනි*
7ග    පසුගිය ආණ්ඩුවේ ¥ෂණ, අපරාධ ඇතුළු නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දක්වන මන්දගාමී ස්වභාවයට විෂයභාර ඇමැතිවරයා වශයෙන් වගකිව යුතු බවට වන වෝදනාව.
8ග    සිවිල් සමාජය, (විශේෂයෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් සම්බන්ධයෙන්* අනුගමනය කරන ස්ථාවරය.
9ග    කැබිනට් සාමුහික වගකීම කඩ කිරීම.
10ග    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ස්ථාවරය ( හම්බන්තොට වරාය චීනයට බදු දීම දැඩි ලෙස විවේචනය කරමින් ,හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ*
මේ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පස ුපෙළින් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගෙන් ද එල්ල වන චෝදනා. මේ චෝදනාව අඩු වැඩි වශයෙන් සිවිල් සමාජ, පුරවැසි බලය වැනි යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මතවාදී වේදිකාව සකස් කළ පාර්ශ්ව වෙතින් එල්ල වෙනවා. මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් ද ඉහත චෝදනා මත විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව දැඩිව චෝදනා කරනු දැකිය හැකියි.
චෝදනා පිට චෝදනා
අධිකරණ හා බුද්ධ සාසන ඇමැති විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පමා කිරීම, රාජපක්ෂ පවුලට, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂට හිතවත්ව කටයුතු කරමින් රාජපක්ෂ පවුල බේරා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම, වැනි චෝදනා එකපිට එක ගොනු වෙමින් තිබෙන වත්මන් වාතාවරණය තුළ ඔහුට මුලින්ම ප‍්‍රබලම චෝදනාව එල්ල කළේ පුරවැසි බලය ඇතුළු සිවිල් සමාජ සංවිධාන විසිනුයි.
ඇවන්ගාඞ් – වැලිකඩ
ඒ ඇවන්ගාඞ් සිදුවීමේදී අධිකරණ ඇමැතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ මහතා ක‍්‍රියාකළ ආකාරය සම්බන්ධයෙනුයි.  එහිදී සිවිල් සමාජයේ දැඩි බලපෑම් හමුවේ එවකට පොලිසිය භාරව කටයුතු කළ තිලක් මාරපන මහතාට ඉල්ලා අස් වුවත් විජේදාස රාජපක්ෂ මහතා එවැනි යහපාලන ප‍්‍රවේශයකට ගියේ නැහැ. මේ තත්ත්වය මේ දක්වා සිවිල් සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එමෙන්ම ආන්දෝලනාත්මක සිදුවීමක් වන වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් පිරිසක් ඝාතනය කිරීම හා සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අධිකරණ ඇමැතිවරයාට භාරදී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඒ හා සම්බන්ධ කිසිදු නෛතික පියවරක් නොගත් බවට චෝදනා එල්ල වෙනවා. මේ සිදුවීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දැඩිව චෝදනා එල්ල වන නිසා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමේ ප‍්‍රයත්නයක විජේදාස රාජපක්ෂ මහතා යෙදී සිටින බවට ප‍්‍රබල චෝදනාවක් තිබෙනවා. පසුගිය කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ විමර්ෂණ සිදුවන මන්දගාමී ආකාරය අනුව මේ චෝදනා කිසිසේත් බැහැර කළ නොහැකියි.
නඩු පමාවීම
බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබා දුන් විදේශ ඇමැති රවි කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉවත් වීමට සිදුවීම සමග එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ මතය වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ දැවැන්ත ¥ෂණ, ඝාතන හා අක‍්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණ ඉබි ගමනෙන්වත් සිදුනොවන බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ පසුගිය ආණ්ඩුවේ ප‍්‍රබලයින්ට, විශේෂයෙන් රාජපක්ෂ පවුල හා සම්බන්ධ ද පරීක්ෂණ වාර්තා ද ඇතුළත් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක නඩු පැවරීම් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රමාද කරමින් තිබෙන බවයි.
මෙය ඉතාම පැහැදිලිව යහපාලන ආණ්ඩුව ජනතාවට ලබා දුන් ප‍්‍රධාන පොරොන්දුවක් කඩ කිරීමකටත් වඩා ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. අධිකරණමය නොවන බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදුන් රවී කරුණානායක මහතාට ඇමැති පදවියෙන් වන්දි ගෙවීමට සිදු වුවත් පසුගිය ආණ්ඩුවේ දැවැන්ත ¥ෂකයින් තවමත් නිදැල්ලේ සිටිමින් ආණ්ඩුව බිඳ දැමීම ගැන පාරම්බෑමින් නොනැවතී ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ක‍්‍රියාත්මක වීම අද ජනතාවට විශාල ගැටලූවක් වෙලා තිබෙනවා.
මේ ගැන එජාපයේ ප‍්‍රබලයින් පසුගිය දා ප‍්‍රසිද්ධියේ අදහස් දක්වා තිබුණා. මෙහිදී මුලින්ම වෙඩිල්ල පත්තු කළ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා රූපවාහිනී වැඩසටහනකදී ප‍්‍රසිද්ධියේ චෝදනා කළේ පසුගිය කාලයේ සිදුවූ වංචා හා දුෂණ පිළිබඳ නඩු කල් යාමට අධිකරණ ඇමතිවරයා වගකිව යුතු බවයි.
පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න දැඩිව අවධාරණය කළේ අධිකරණ ඇමැතිවරයා යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ වංචා හා ¥ෂණ පිළිබඳ නඩු සම්බන්ධයෙන් ඇල් මැරුණු ස්වරූපයකින් කටයුතු කරන බවයි.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය ඉරිදා ‘සිළුමිණ’ පුවත්පත සමග සමග පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී කියා තිබුණේ ‘‘ ඔව්, ප‍්‍රමාදයක් තියෙනවා කියලා මමත් දකිනවා. අවුරුදු දෙකහමාරක් තිස්සේ අපිත් බලන් හිටියා. මේවා ඉස්සර වෙයි කියලා. මමත් දන්නේ නෑ මොකද කියලා. ප‍්‍රමාදයක් තිබෙන බව නම් ඇත්ත. ජනතාවක් තියනවා ප‍්‍රමාදයක් තිබෙන බව. බරපතල චෝදනායි එල්ල වෙලා තිබෙන්නේ. ඒවාට මොන විදිහකින් හරි නීතිය ක‍්‍රියාත්මක වෙන්න  ඕනේ. මේවා කඩිනම් වෙනවා නම් හොඳයි’ යනුවෙනි.
ආණ්ඩුවේ ප‍්‍රබලයින් වහෙන්  ඕරෝ භාෂාවෙන් මෙසේ කියද්දී පසුපෙළ මන්ත‍්‍රීවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් නමින්ම චෝදනා කරන්නේ මේ ආකාරයෙන් දිගින් දිගටම නඩු ප‍්‍රමාද වීම ඡුන්දය පරාජය වූ වහා රටින් පළාගිය බැසිල් රාජපක්ෂලා යළිත් රටට පැමිණ යහපාලනයට වින කැටීමට බරටම වැඩ කරන බව ඔවුන් පැහැදිලිව දන්නා නිසාය. යළි රාජපක්ෂලා බලයට පත් වුවහොත් මුළු රටට ම ගෙවන්න සිදුවන වන්දිය ගැන දන්නා නිසාය.
නඩු කල් යාම
බැඳුම්කර සිදුවීම සම්බන්ධ පරීක්ෂණ පුදුමාකාර වේගයකින් සිදුවෙද්දී ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම සම්බන්ධයෙන් ඉතා වැදගත් නඩු විශාල සංඛ්‍යාවක් විස්මිත ආකාරයෙන් දිගින් දිගටම කල් යෑම ගැනත් සමාජය තුළ දැඩි විවේචනය කිරීමක් තිබෙනවා. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලට සම්බන්ධ නඩු, ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හා සම්බන්ධ නඩුව, ලලිත් වීරතුංග, ගාමිණි සෙනරත්, ටිරාන් අලස් ආදී හිටපු ප‍්‍රබලයින්ගේ නඩු විභාග මේ අතර ප‍්‍රධානයි. ඒ වගේම මහින්නදා නන්ද අලූත්ගමගේ, විමල් වීරවංශ හා ඔහුගේ බිරිය සම්බන්ධ පරීක්ෂණ, කිසිදු තර්කානුකූල හේතුවකින් තොරව දිගින් දිගටම කල් යාම ජනතාවට දැවැන්ත ප‍්‍රශ්නයක්. අද ඇමැති විජේදාස රාජපක්ෂ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවට මේ ගැන ඍජුව චෝදනා එල්ල වන්නේ පදනමක් ඇතිව බවයි බොහෝ දෙනකුගේ විශ්වාසය වන්නේ.
හම්බන්තොට ගින්න
විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වන තවත් ප‍්‍රබල චෝදනාවක් වන්නේ කැබිනට් සාමුහික වගකීම නොකතා හරිමින් ආණ්ඩුව අර්බුදයට යන ප‍්‍රකාශ කිරීමයි. ඒ අතර විශේෂම සිද්ධිය වන්නේ හම්බන්තොට වරාය කළමනාකරණය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා දක්වන දැඩි රාජපක්ෂවාදී ස්ථාවරයයි. පසුගිය දා ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් ,හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නැහැ, යනනුවෙන් කළ මේ මේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය විජේදාස රාජපක්ෂ මහතා ඊට පසුවත් යළි යළිත් තැන්තැන්වල අවධාරණය කරනවා දකින්න ලැබුණා.
අවස්ථාවාදී හා අන්තවාදී ලෙස හම්බන්තොට ගිවිසුමට එරෙහි වෙමින් ආණ්ඩුව අර්බුදයකට තල්ලූ කිරීමට කැසකවන රාජපක්ෂ කල්ලියේ අමන්දානන්දයට මෙම ප‍්‍රාශය හේතු වී තිබෙනවා. මේ ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කොතරම් සතුටට පත්ව සිටින්නේද යන්න පසුගිය දා මිනුවන්ගොඩදී කළ කතාවෙන් ම තහවුරු වෙනවා. එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, ‘‘මොනවටද අපි සහාය දෙන්නේ. එයා අපේ ගමේ මිනිහා. එයා ඒක අගේට කරගෙන යනවා. හම්බන්තොට වරාය යළි ගන්න  ඕනෑ’’ කියලයි. ඒ වගේම ඇමැති ඩිලාන් පෙරේරා පසුගිය දා හාලිඇළදී කිවුවේ විජේදාස රාජපක්ෂ මහතා කියන කතාවල ගොඩක් ඇත්ත තියෙනවා කියලයි. අපේ සහයෝගය විජේදාස රාජපක්ෂ මහතාටයි’ කියලයි.
මේ ආකාරයෙන් අද විජේදාස රාජපක්ෂ මහතාව ආරක්ෂා කරන්න මහින්ද කල්ලිය කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඔවුන්ගේ මේ ප‍්‍රකාශ ඉතා පැහැදිලිවම ආණ්ඩුව අර්බුදයට තල්ලූ කරන හුදු ප‍්‍රකාශ වුණත් මේ කතාවලින් ආණ්ඩුවට සහයෝගය දක්වන ජනතාව දැඩිව කැළඹිලා ඉන්නවා. මොකද විජේදාස රාජපක්ෂ මහතා යහපාලන ආණ්්ඩුව පිහිටුවීමට පෙර කොතරම් සාධනීය දේ කළත් ආණ්ඩුව බලයට පත් වූ විගස ඇවන්ගාඞ් සිදුවීමේ සිට මේ දක්වා සිදුකළ බොහෝමයක් දේවල් යහපාලනයට අගතියක් කළා මිස සුගතියක් කළා කියලා ඔවුන් නොසිතන නිසයි.
එජාප පාක්ෂිකයින්ගේ පිළිකුළ
සමස්ත ආණ්ඩුවම අර්බුදයට ලක් වන බව දැන දැනත් විජේදාස රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශයට එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ අපමණ පිළිකුළට මෙන්ම කෝපයට ද හේතු වී තිබෙනවා. ඔවුන් ඉතා පැහැදිලිව ම විජේදාස රාජපක්ෂ මහතාගේ මේ ප‍්‍රකාශය දකින්නේ යහපාලන ආණ්ඩුවට හතුරුකම් කිරීමක් වශයෙනුයි. අෙඟ් සිට කන කෑමක් වශයෙනුයි. එනිසා එජාපය විසින්ම අද හෝ හෙට විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝගයට එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් පූර්ණ ආශිර්වාදය ලැබෙන බවට නම් සැකයක් නැහැ. එය ඔවුන් දකින්නේ යහපාලනය ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් හා අත්‍යවශ්‍ය පියවරක් වශයෙනුයි. රවි කරුණානායක මහතාට මුහුණ දීමට සිදු වූ අභාග්‍යසම්පන්න සිදුවීම සමග ජනතාව අතර මේ සම්බන්ධයෙන් වන කෝපය තවත් වර්ධනය වෙමින් තිබෙනවා.
එක්සත් ජාතික පාක්ෂිකයින් සහ එජාපයේ මන්ත‍්‍රීවරු බහුතරයක් අතර ‘‘රවි වෙනුවට විජේදාස / දතට දත’’ කියලා ඉල්ලීමක් වර්ධනය වෙමින් පවතින්නේ යහපාලනය වගේම එජාපය බිල්ලට දෙන සිදුවීම් ජාලයක ප‍්‍රධාන සැකකරුවෙක් බවට අධිකරණ ඇමැතිවරයා පත්ව සිටින නිසයි. මේ තත්ත්වය හමුවේ අපට යළිත් අවධාරණය කිරීමට සිදුවන්නේ තමන්ගේ නිර්දෝෂිභාවය පක්ෂයට හා පාක්ෂිකයින්ට ප‍්‍රදර්ශනය කරමින් යළි නිවැරදි වීමට විජේදාස රාජපක්ෂ මහතා තවත් අවස්ථාව තිබෙන බවයි. ඒත් එය කොතරම් දුරට ප‍්‍රායෝගික වේද යන්න විජේදාස රාජපක්ෂ මහතාගේ වර්තමාන ක‍්‍රියාකාරීත්වය සහ අනාගත දේශපාලන සැලසුම් අනුව තීරණය වේවි.
අවසාන වශයෙන් අපට අවධාරණය කිරීමට තිබෙන්නේ අද රාජපක්ෂලා විජේදාස රාජපක්ෂ වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නේ නිකම නිකං නොවන බව පමණයි. ඒ කඳුළු වලට මිලක් වගේම කලගුණ සැලකීමකුත් තිබෙන බව නම් පැහැදිලියි.
සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *