”හැටදෙලක්ෂය සීරුවෙන් ” මහා සත්‍යග්‍රහය හෙට

‘2015 ජනවාරි8’ දේශපාලන වෙනසේදී හැට දෙලක්ෂයකට අධික ජනතාවකගේ දේශපාලන න්‍යාය පත‍්‍රය ඉටු කරන ලෙසට ආණ්ඩුවට බල කෙරෙන මහා සත්‍යග‍්‍රහයක් හෙට (15) සවස 3.00ට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී ආරම්භවේ. ‘‘හැට දෙලක්ෂය සීරුවෙන්’’ මැයෙන් නම් කරනු ලැබ ඇති මෙම සත්‍යග‍්‍රහය සංවිධානය කොට ඇත්තේ ‘හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය’ විසිනි. සාදාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, වමේ කේන්ද්‍රය, පුරවැසි බලය, වීදියේ විරෝධය, එක්සත් වාමාංශික පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ, ලක්බිමේ මවුවරු සහ දියණියෝ, සමගි බලය, සාදාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ඊට ඇතුළත්ය.

x විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු
x ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ නොදෙනු
x දූෂිතයන් අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවනු
x දූෂිත ඇමැතිවරුන් ඉවත් කරනු
x ඡන්ද කල් නොදමා වහා පවත්වනු
x බලය බෙදා ජාතික ප‍්‍රශ්නය විසඳනු
x බැඳුම්කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු

යන සටන් පාඨ පෙරටුකොට ගෙන පැවැත්වෙන මෙම සත්‍යග‍්‍රහයට සහභාගි වන ලෙස ‘ජනවාරි8’ ගෞරවනීය පුරවැසි සැමට ආරාධනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *