රාජපක්‍ෂ කළු දශකයේදී වංචාව-දුෂණය පිළිබඳව පරීක්‍ෂණ කරපු නිලධාරීන් ස්ථාන මාරු කළා; අඩන්තේට්ටම් කළා; තර්ජනය කොට බිය වැද්දුවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ වංචා-දුෂණ සම්බන්ධයෙන් අලූත් සාකච්ඡුාවක් මතුවෙලා තිබෙනවා. රවීගේ පාර්ශ්වයේ කණ්ඩායම එය යහපත් ආණ්ඩු ක‍්‍රමයක ලක්‍ෂණයක් යැයිද පරාජිත රාජපක්‍ෂ කණ්ඩායම එය සිය ජයග‍්‍රහණයක් යැයිද  උත්කර්ෂයට නංවමින් තිබෙනවා.
කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික කි‍්‍රයාවකට හවුල් වෙන මොහොතේ ඔහු දැරූ මුදල් ඇමතිධුරය ඉවත් කොට විදෙස් ඇමතිධුරය ලබාදුන් පමණින් ඔහු නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. විදෙස් ඇමති ඇඳුම ඇන්දවීමෙන් හෝ එම ඇඳුම උණා දැමීමෙන් ඔහුට නිවැරදිකරුවෙක් වෙන්න බැහැ. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම ඔහු සිදුකළ වංචාවට දඬුවමක් නොවේ. ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් එල්ල කළ හැකි කරුණු ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබ. 27 වනවිට ඔහු මුදල් ඇමතිවරයායි. එම ප‍්‍රශ්නසහගත ගනුදෙනුව නිසා අගමැතිවරයා නීතිඥ කණ්ඩායමක් පත්කොට ඒ පිළිබඳ විමර්ශනයක් කෙරෙමින් තිබුණා. එමෙන්ම 2015 අගෝස්තු වනවිට කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කෙරුණා. එම ආන්දෝලනාත්මක ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බවත් එම ගනුදෙනුවෙන් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අයථා මුදල් ඉපයූ බවටත් චෝදනා එල්ල වුණා. එසේ චෝදනාවට ලක්වූවන්ගෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස මසකට රු. ලක්‍ෂ 14.5 බැගින් ගෙවල් කුලිය ලබාගෙන තිබෙනවා. එය අල්ලස් ගැනීමක්.
එමෙන්ම ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වුණා, අර්ජුන මහේන්ද්‍රන්  වෙත රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස දින රහිත ලිපියකින් මුදල් අවශ්‍ය බව දන්වා තිබු බව. එම ලිපිය තිබුණේ අර්ජුන මහේන්ද්‍රන් ළඟ පමණයි. රවී කරුණානායක සිය ඇමතිධුරය අර්ජුන් ඇලෝසියස් බේරා ගැනීම වෙනුවෙන් උපයෝගී කරගත් බවට එය සාක්‍ෂියක්. ඒ වගේම රවී කරුණානායක ඔහු සිටි කුලී නිවස රු. ලක්‍ෂ 1650ක් දී මිලට ගත්තා. ඒ සඳහා ලබාගත් මුදල කිසිදු ලියකියවිල්ලකින් තොරව බැංකුවේ ආරක්‍ෂක සේප්පුවක තැන්පත් කරලා තිබුණා. අඩුම තරමේ සේප්පුවක තැන්පත් කළ බවට රිසිට් පතක් නැහැ. එනිසා එම මුදල කළු සල්ලි බවට සැකයක් තිබෙනවා. එනිසා රවී කරුණානායකට  එරෙහිව අල්ලස් පනත යටතේත් අපරාධ පනත යටතේත් මුදල් විශුද්ධිකරණය යටතේත් නඩු පැවරිය හැකියි. එනිසා අපි ආණ්ඩුවට කියනවා වහාම ඔහුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්න කියලා. නමුත් රවී කරුණානායක ඉල්ලා අස්වූ පසුව ආණ්ඩුවේ ඇමතිවරුන් සිදුකළ කථා අනුව එවැනි කිසිදු නීතිමය කි‍්‍රයාමාර්ගයක් නොගන්නා බවට සහතිකයක් දී තිබෙනවා.
ආණ්ඩුවේ අය කිව්වා රවීගේ මෙම කි‍්‍රයාව ආදර්ශයට ගන්න කියලා. අපි මේ රටේ දරුවන්ට, මහජනතාවට කියනවා රවී කරුණානායක ආදර්ශයට ගන්න එපා කියලා. හොරකම් කරලා ජනතා විරෝධය හමුවේ, විශ්වාසභංග යෝජනා ගෙන ඒමට උත්සාහ දරපු මොහොතේ, බිත්තියට හේත්තු වූ පසුව ඉල්ලා අස්වීමට සිදුවීම යහපත් ආණ්ඩුකරණයක ලක්‍ෂණයක් නොවෙයි. ජනාධිපති කොමිසමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවීමයි. ඒ පිළිබඳව විමර්ශනයේදී රවී කරුණානායක හෙළිදරව් වුණේ අතුරු ඵලයක් ලෙසයි. මුළුමනින්ම ආණ්ඩුවේ ඇමතිවරු ජනාධිපති කොමිසම නියෝජනය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීමට ලක්කළා. ඔවුන් ආණ්ඩුවේ අරමුණ වුණේ, කොමිසම මගින් සැබෑ චූදිතයා හෙළිදරව් වීම වැළැක්වීමට කටයුතු කිරීමයි. මෙම ගනුදෙනුවට චෝදනා ලැබ තිබෙන අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයාගේ අතිජාත මිත‍්‍රයෙක්. මුල සිටම අග‍්‍රාමාත්‍යවරයා ඔහු බේරන්න උත්සාහ කළා. නැවත මහ බැංකු අධිපති ධුරයේ පත්කරන්න උත්සාහ කළා. එනිසා මෙම ගනුදෙනුවට අගමැතිවරයාගේ සෘජු සම්බන්ධයක් තිබෙනවා. එනිසා අපි කොමිසමේ නිලධාරීන්ට කියනවා, ආණ්ඩුවේ මෙම ප‍්‍රයත්නය පසෙකලා නිර්භීතව කටයුතු කොට චූදිතයින් හෙළිදරව් කිරීමට කටයුතු කරන්න කියලා. ආණ්ඩුව කියන විදිහට නීතිපති දෙපාර්තමේන්තුව අනෙකුත් වංචා-¥ෂණ සම්බන්ධයෙන් නිද්‍රාශීලී නම් කළ යුත්තේ ඔවුන් කි‍්‍රයාශීලී කිරීමයි. ඒ වෙනුවට ජනාධිපති කොමිසමේ නිලධාරීන් නිද්‍රාශීලී කිරීම නෙවෙයි කළ යුත්තේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කොට නිද්‍රාශීලී කිරීමට දරන උත්සාහය නතර කළ යුතුයි කියලා.
ඒවගේම මේ ආණ්ඩුව පත්වීමත් සමඟ පහුගිය ආණ්ඩුවේ ඇවන්ගාඞ් ගනුදෙනුව විශාල ආන්දෝලනයකට ලක්වුණා. එම ගනුදෙනුව ආරක්‍ෂා කිරීමට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙක්ම කටයුතු කළා. එවකට පොලීසිය භාර ඇමතිවරයා වූ තිලක් මාරපන පොලිස් නිලධාරීන්ගේ පැත්ත ගන්නවා වෙනුවට ඇවන්ගාඞ් වංචාකරුවන් ආරක්‍ෂා කළා. ඒ නිසාම තිලක් මාරපනට ඇමතිධුරය දාල යන්න සිදුවුණා. පසුව කාලයත් සමඟ ආණ්ඩුව ඔහුට සංවර්ධන කටයුතු ඇමතිධුරයක් ලබාදුන්නා. දැන් රවී කරුණානායකගේ පුරප්පාඩුවට ඔහු විදේශ ඇමති කරන්න උත්සාහයක් තිබෙනවා. ඇවන්ගාඞ් ගනුදෙනුවේ ආරක්‍ෂකයා, බැඳුම්කර ගනුදෙනුවේ ආරක්‍ෂකයා වෙනුවට පත්කරන එක යහපත් ආණ්ඩුකරණයක්ද? ඇත්තටම ආණ්ඩුව අර්බුදයක ඉන්නවා හොරෙක් නොවන ඇමතිවරයෙක් පත් කරන්නේ කොහොමද කියලා. මේ සම්බන්ධයෙන් ජනතාවටත් වගකීමක් තිබෙනවා. ජනතාව කටයුතු කළ යුත්තේ හොරු රහිත පාලනයක් ගොඩනගා ගන්නයි.
රවීගේ ඉල්ලා අස්වීමෙන් පසුව රාජපක්‍ෂ හොරු කණ්ඩායම අමන්දානන්දයට පත්වී පීි‍්‍රති ඝෝෂා නගනවා. මේ හොර මුළත් වංචාව-¥ෂණයේදී කටයුතු කළේ මේ විදිහටමයි. අයථා විදිහට මුදල් එක්රැුස් කරපු රෝහිත අබේගුණවර්ධනට අල්ලස් කොමිසමේන් කැඳවීමක් එනකොට නයෙක් කෑවා කියලා රෝහල්ගත වෙනවා. ඒ වෙලාවේ රාජපක්‍ෂ මොකද කළේ? අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉන් ඉවත් කොට කුරුණෑගලට මාරුකර යැව්වා. කොළොන්නාවේ සභාපතිවරයා පැහැර ගැනීමට සුදු වෑන් එකක් එව්වා. ඒ පිළිබඳව විමර්ශනය කරපු කොළොන්නාවේ  ඕ.අයි.සී. මාරු කළා. රාජපක්‍ෂ සොරමුළේ ඉතිහාසයත් ඒකයි. රාජපක්‍ෂ කළු දශකයේදී වංචාව-¥ෂණය පිළිබඳව පරීක්‍ෂණ කරපු නිලධාරීන් ස්ථාන මාරු කළා; අඩන්තේට්ටම් කළා; තර්ජනය කොට බිය වැද්දුවා. අද රවී කරුණානායක ගෙවල් මිලදී ගැනීම ගැන තමන් දන්නේ නැහැ කියලා රඟ දැක්වූ නාඩගමම තමයි එදා රාජපක්‍ෂ සොරමුලේ යෝෂිත  රාජපක්‍ෂත් නාමල්  රාජපක්‍ෂත් විමල් වීරවංශත් සිදුකළේ. ඒ නිසා අපේ රටේ ජනතාව තේරුම් ගත යුත්තේ රටේ ජනතාවගේ රාජ්‍ය දේපොළ හොරකම් කරන සොරමුළක් තමයි හැමදාමත් අපේ රට පාලනය කළේ කියලා.
අද මේ වංචනිකයින් සැඟවෙන්න උත්සාහ කරන්නේ කොහෙද? රවී කරුණානායක ප‍්‍රකාශයේදී බුදු රජාණන් වහන්සේගේ වැකි උපුටා දැක්වුවා. ජේසුස් වහන්සේගේ චරිතයේ ඇතැම් අවස්ථා තමන්ගේ හොරකම වසා ගැනීමට උපයෝගී කරගත්තා. කුරාණයේ වැකි තමන්ගේ හොරකම වසාගැනීම වෙනුවෙන් උපායෝගී කරගත්තා. කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ නම සඳහන් නොකළත් ඔහුගේ වැකි තමන්ගේ හොරකම වසා ගැනීමට යොදා ගත්තා. අද අපේ රට යමින් තිබෙන්නේ කොතැනටද? බුදු රජාණන් වහන්සේගේ දේශනා, ජේසුස් වහන්සේගේ දේශනා කුරානයේ වැකි හොරකම් වසා ගැනීමට තක්කඩි හොරුන් විසින් උපයෝගී කර ගනිමින් තිබෙනවා. විටෙක මේ හොරු සුදුවතින් සැරසිලා බෝධිය වන්දනා කරනවා. තවත් විටෙක විහාරය වන්දනා කරනවා. තව විටෙක දෙවියන් වඳිනවා. හොරකම් වසා ගැනීමට ආගමික ශාස්තෲන් වහන්සේ යොදා ගන්නවා. අපි සියලූම ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා, මහජන දේපොළ හොරා කාපු හොරුන්ට තමන්ගේ හොරකම වසා ගැනීම වෙනුවෙන් ආගමික නායකයින්ගේ දේශනා යොදා ගැනීමට ඉඩ දෙන්න එපා කියලා.
ඒ වගේම මේ සෑම හොරෙක්ම තමාගේ හොරකම් වසා ගැනීම වෙනුවෙන් තමන්ගේ බිරිඳ පිටුපස සැඟවෙනවා. තව විටෙක දරුවන් පිටුපස සැඟවෙනවා. අපේ රටේ ජනතාවගේ සිත්තුළ තිබෙන තෙතමනය හොරකම වසා ගැනීමට උපයෝගී කර ගන්නවා. හොරකමක් සිදුවීමෙන් පසුව හොරු අධිකරණය වෙත යාමේදී අල්ලස් කොමිසමට යාමේදී මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත යාමේදී බිරිඳ සුදු වතින් සැරසී කඳුළු පෙරනවා. එසේ නැත්නම් දරුවා සොරාගේ අතේ එල්ලී දඟලනවා. නැත්නම් දරුවා අසාධ්‍ය වුණා කියලා ප‍්‍රවෘත්ති හදනවා. පීතෘත්ව බැඳීම, සිය පවුලේ බැඳීම මේ වංචනිකයින් ලාභ වෙන්දේසියේ දමනවා. මේ නාටකය තමයි අපි වීරවංශගෙන් දැක්කේ. මේ නාටකය තමයි යෝෂිත රාජපක්‍ෂ සිරගත කරන විට ශිරන්තිගෙන් දැක්කේ. මේ නාටකය තමයි අද අපි රවී කරුණානායකගේ කථා තුළින් දකින්නේ. අපේ රටේ ජනතාවගේ සංවේදී හැඟීම් මේ වංචනිකයින් තමන්ගේ හොරකම් වසා ගැනීමට යොදා ගන්නවා.
අපේ රටේ ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා, මේ වංචනිකයින් හොරකම් කරන්නේ මොනවද කියලා. ඔබේ දරුවාට රෝගයක් වැළඳී රෝහල්ගත කළ පසු ඉන්න ඇඳක් නැහැ. දෙන්න බෙහෙත් ටිකක් නැහැ. පාසැලේ පහසුකම් ටික නැහැ. පාසැලට නිසි වැසිකිලි පද්ධතියක් නැහැ. ඉවතලන කුණු ඉවත් කරගන්න ක‍්‍රමවේදයක් නැහැ. මාර්ග පද්ධතියක් නැහැ. ජීවත් වීමට ආදායම් මාර්ගයක් නැති ජනතාව බෙලහීන තත්වයට පත් වෙලා. ඒ වෙනුවෙන් තිබෙන ධනය තමයි මේ වංචනිකයන් හොරකම් කරලා යටිමඩි ගහගන්නේ. නමුත් මේ ජනතාවම ගිහින් සොරන්ගේ අත් සිඹිනවා. මුහුණු සිඹිනවා. හොරු සිප වැළඳගන්නවා. නාමල් රාජපක්‍ෂ හිරෙන් නිදහස් වී එළියට එන විට එන්නේ කැබ් රථයක වහලට නැගී රැුජිනි කාන්ත් චිත‍්‍රපටයක රඟපානවා වගේ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු බන්ධනාගාරයට ගෙනයන විට මිනිස්සු ගිහින් බන්ධනාගාර බස් රථය වට කරනවා. වංචාවක් කරලා බිත්තියට හේත්තු වූ පසු ඉල්ලා අස්වීමට සිදුවූ රවි කරුණානායකට සූත‍්‍ර පිටකයේ වැකි දේශනා කරන හාමුදරුවරු ඉන්නවා. බදාගෙන සිප වැළඳගන්නා ජනතාවක් ඉන්නවා. අපි තේරුම් ගත යුතුව තිබෙනවා අපේ රට මොන තරම් ගැඹුරු ආගාධයක ගිළිලා තිබෙනවාද කියන එක. මහජන දේපොළ හොකරම් කරලා සිරගත වන හොරුන්ට පිරිත් නූල් බඳින, හොරකම් කරලා රෝහල්ගත වනවිට කිරි වීදුරු පොවන තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රට කොයි තරම් ගැඹුරු සමාජ අර්බුදයක් ගිලී තිබෙනවාද? මේ විදිහට හැසිරෙන ජනතාව දැක්කාම අපේ රටේ දරුවන්ට හිතෙන්නේ මොනවද? ඔවුන් අනාගතයේ තමන්ගේ වෘත්තීය ලෙස හොරකම් කිරීම තෝරා ගත්තොත් එය පුදුමයක් නෙවෙයි නේද?.
අපේ රටේ ජනතාව කළ යුත්තේ, මහජන දේපොළ හොරා කාපු හොරුන්ට ආශිර්වාද කිරීම හෝ ඔවුන් සිප වැළඳ ගැනීම නෙවෙයි. එවැනි දේශපාලන සංස්කෘතියකට එරෙහිව මේ රටේ ජනතාව නැගිටින්න  ඕනෑ. ¥ෂණයට, වංචාවට එරෙහිවත් කෑ ගහන්න  ඕනෑ. මහජන දේපොළ පොදි බඳිනවට එරෙහිව හඬ නගන්න  ඕන. එවැනි දේශපාලන සංස්කෘතියක් අපේ රටට  ඕනෑ. එනිසා මේ වංචාව-¥ෂණය පිළිබඳව මතු වෙමින් තිබෙන මෙම නාඩගම නතර කළ යුතුයි. කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන දේපොළ හොර කාලා සුවසේ සිටින පාලකයින්, වංචාව-¥ෂණයෙන් කරවටක් ගිලිලා තමන්ගේ ජීවිත හප බවට පත්වුණු ජනතාවක් සිටින මෙම සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් අපේ රටේ ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *