ඒකාබද්ධ විපක්‍ෂය කියන්න හදන්නේ ඔවුන් කරපු හොරකම්වලට වඩා මහබැංකු බැඳුම්කර වංචාව ලොකුයි කියලා – ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

2015 ජනාධිපතිවරණයේත් මහ මැතිවරණයේත් ප‍්‍රධාන සටන් පාඨය බවට පත්වී තිබුණේ වංචාවට හා ¥ෂණයට එරෙහිව පියවර ගන්නා බවට සහ යහපාලනය ඇතිකරන බවට වූ පොරොන්දුවයි. නමුත් මේ ආණ්ඩුව ඒ ප‍්‍රධාන පොරොන්දුවම බලයට පත්වෙලා මාසයක් යනකොට උල්ලංඝනය කළා. ලංකා ඉතිහාසයේ මහ බැංකුවේ විශාලම බැදුම්කර වංචාව මේ ආණ්ඩුව යටතේ සිදු කළා. එය මුලින්ම මේ රටේ ජනතාව හෙළිදරව් කළේ, ජනතා විමුක්ති පෙරමුණයි. අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ වගේම මාධ්‍ය සාකච්ඡුාවක් තියලා මේ බව රටට හෙළිදරව් කළා. නමුත් ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැතුවා විතරක් නෙමෙයි පහුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් පවා පරීක්ෂණ සිදුනොකොට ඒ හොරුන් සමගත් අත්වැල් බැඳගෙන ආණ්ඩුව පිහිටවූවා.
පසුගිය පාලන සමයේ සිදුවූ කුප‍්‍රකට ඇවන්ගාඞ් සිදුවීම ආරක්ෂා කිරීමට ප‍්‍රබල ඇමතිවරු තිදෙනෙක්ම එම වංචාව යටගහන්න කටයුතු කළා. අපි ඒ ඇමතිවරුන් පිළිබඳව ජනතාවට හෙලිදරව් කළා. ඒවායේ ප‍්‍රතිඵලයක් විදිහට තිලක් මාරපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. තාවකාලිකව එහෙම කරලා සිදුවීම යටපත් කරලා දැන් නැවතත් ඔහුට ඇමතිකමක් දී තිබෙනවා. ඇවන්ගාඞ් හොරුන්ට තවමත් නීතිය කි‍්‍රයාත්මක වෙලා නැහැ. එවැනි සිදුවීම් ගණනාවක් ආණ්ඩුව විසින් යටපත් කරමින් සිටිනවා. පසුගිය ආණ්ඩුවේ හොරු වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර අරගෙන සුවසේ සිටිනවා. ඔවුන් පිළිබඳ පරීක්ෂණත් නිසි ලෙස සිදුවන්නේ නැහැ. යටපත් වෙමින් තිබෙනවා.
මහ බැංකු බැ\ුම්කර වංචාව ගත්තොත් දැන් සියල්ල හෙළිදරව් වී අවසන්. උසාවියෙන් අහවලා වැරදිකාරයා කියා කිව්වෙ නැති වුණාට, ජනතා අධිකරණයෙන් මේ වරදකරුවො කවුදැයි තීන්දු කර අවසානයි. මේ පිළිබඳ පළමු පරීක්ෂණය පැවැත්වුණේ කෝප් කමිටුවේදීයි. එහිදී සත්‍ය තොරතුරු එළියට ගන්න අරගලයක් කරන්න සිදුවුණා. ඒ කමිටුව ඇතුළෙත් මේ වංචාව යටගන්න උත්සාහ කරපු බොහෝ අය හිටියා. අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුව පාවිච්චි කරලා මේ වංචාව සිදුකරපු දේශපාලන අධිකාරිය කෝප් කමිටුව තුළ එය යටපත් කරන්න හැදුවා. එහෙත් එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති සහෝදරයත් තවත් මන්ත‍්‍රීවරුත් එකතු වෙලා මෙහි විමර්ශන කටයුතු සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව නීතිපති දෙපාර්තමෙන්තුව නඩු දැමිය යුතුව තිබෙනවා. ඒත් තවමත් අධිකරණයේ නඩු පවරා නැහැ.
දැන් ජනාධිවරයා විසින් පත් කරන ලද කොමිසම හමුවේත් අලූත් කරුණු හෙළිදරව් වෙමින් තිබෙනවා. රවි කරුණානායක ඇමතිවරයා පිළිබඳ බොහෝ කරුණු හෙළිවුණා. තවත් කරුණු හෙළිවෙමින් තිබෙනවා. ඒත් කෝප් කමිටුව ඇතුළෙ වගේම කොමිසමේදිත් එජාපය මෙම වංචාව සැඟවීමට උත්සාහ කරමින් සිටිනවා. එදත් කෝප් කමිටුවේ ෆුට් නෝට් කල්ලියක් මේක ආරක්ෂා කරන්න හිටියා. මෙතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන්න කිසිම හිරිකිතයක් නැතිව ෆුට් නෝට් කල්ලිය මාධ්‍ය ඉස්සරහට ආවා. අද කොමිසමේ ක‍්‍රියාවලිය ඇතුළෙ මෙම වංචාව තවත් හෙළිදරව් වෙමින් තිබෙනවා.
රුපියල් කෝටි 5500කට වැඩි මුදලක් මේ සිදුවීමෙන් ජනතාවට අහිමි වුණා. පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව දුක් මහන්සියෙන් එකතු කරපු අරථසාධක අරමුදලේ මුදල් මේ හරහා අහිමි වුණා. රටේ ජනතාවගේ දහඩිය මහන්සිය ආණ්ඩුවේ ප‍්‍රධානීන් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පාවිච්චි කර තිබෙනවා. මේ වංචාවේ වරදකරුවන්ට අනිවාර්යයෙන් ද`ඩුවම් පැමිණවිය යුතුයි. එහි ප‍්‍රමාණය කවරක් වුවත් කමක් නැහැ. රාජිත ඇමතිවරයා පසුගියදා කියා තිබුණා, රාජපක්ෂ ආණ්ඩුවේ හොරකම් එක්ක බැලූවාම මේක ළුෑණු බිකක් කියලා. ඔහුත් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. රවීගේ වැරැුද්ද ළුෑණු බිකක්නම් ඒ කාලයේ ඔවුන්ගේ, ඔවුන්ගේ ආණ්ඩුවේ හොරකම් කොහොමදැයි ජනතාවට සිතාගත හැකියි. ඔහු ධීවර ඇමති ලෙස හිටපු කාලයේ මෝදර ධීවර වරාය විදෙස් සමාගමකට බදු දීමේදී සිදු කරන ලද වංචාව රුපියල් කෝටි 47ක් පමණ වෙනවා. ඒවත් ලොකු හොරකම්. මේවත් ලොකු හොරකම්.
ඇත්තටම එදා රාජපක්ෂ ආණ්ඩුව සිදුකරපු හොරකම් අභිභවා යන්න මේ ආණ්ඩුව තරගයට හොරකම් කරමින් ඉන්නවාදැයි අපට හිතෙනවා. අපිට හොරකම්වල ලොකු පොඩිකම් මනින්න බැහැ. ලොකු හොරුන්ගෙයි පොඩි හොරුන්ගෙයි වෙනසක් නැහැ. මේ ඉන්නේ නැව් ගිලපු හොරුන්ට මේක ළුෑණු බිකක් වුණාට මේ හොරකම් කරලා තියෙන්නෙ රටේ ජනතාවගේ මුදල්. එදා සහ අද වෙන සියලූ හොරකම්වලට එරෙහිව වෙනසකින් තොරව නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි.
ෆයිසර් මුස්තාපා ඇමතිවරයා කියනවා, හොරකම් නැති ආණ්ඩුවක් මේ රටේ තිබිලා නැහැ කියලා. ඔහු පිළිගන්නවා, මෙච්චර කල් තිබුණෙ හොරුන්ගෙන් පිරුණු ආණ්ඩු කියන එක. ඒ කියන්නේ, මේ රටේ ජනතාව ඡුන්දෙ දීලා තියෙන්නෙ හොරුන්ගෙ ආණ්ඩුවලට. එහෙනම් ජනතාව අලූතෙන් හිතා බලන්න  ඕනෙ තවදුරටත් හොරුන්ගේ ආණ්ඩුවලට ඡුන්දෙ දෙනවද කියන එක. දෙගොල්ලන්වම කිරලා මැනලා බලන්න අවස්ථාවක් දැන් ජනතාව හමුවේ තිබෙනවා. දැන් බැසිල් කියනවා, එයාලා හොරෙන් ප්ලේන්ටියක්වත් බීවේ නැහැ කියලා. එහෙනම් මල්වානේ මාළිගය හැදුවේ කොහොමද? ඒ සල්ලි ආවේ කොහොමද? ඒ ඉඩම ගත්තේ කොහොමද? ඒවා ඉබේ ඉදිවුණාද? මේ මහබැංකු බැඳුම්කර හොරකමෙන් රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ හොරකම් වහන්න බැහැ. අද මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ එවැනි චෝදනා තියෙන අයයි. ඔවුන්ට ඒ සඳහා සදාචාරාත්මක අයිතියක් තියෙනවාද කියන ප‍්‍රශ්නේ තියෙනවා. මේ ඇතිවී තියෙන තත්වය හමුවේ එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුව තියෙනවා. අපි කිව්වා, එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි කියලා. නමුත් මේ කණ්ඩායම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් තියෙනවා. ඔවුන් කියන්න හදනවා, ඔවුන් කරපු හොරකම්වලට වඩා මහබැංකු බැඳුම්කර වංචාව ලොකුයි කියලා. ඒකේ ඇත්තක් නැහැ. දෙගොල්ලම කරපු හොරකම් එකයි. ඒ දෙකේ වෙනසක් නැහැ. මේක හරියට කේතලේ මුට්ටියට වඩා කළුයි කිව්වා වගේ වැඩක්. කේතලෙත් කළුයි. මුට්ටියත් කළුයි. රටේ ජනතාව බලන්න  ඕන දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා. දෙකම එකයි. එක වරදක් තවත් වරදකින් වහන්න බැහැ. එක වරදක් තවත් වරදකින් ශුන්‍ය වෙන්නේ නැහැ. කෙනෙක් දෙක දෙකෙන් බෙදුවාම බිංන්දුවයි කිව්වා වගේ ශුන්‍ය වෙන්නේ නැහැ. දෙක දෙකෙන් බෙදුවාම බිංදුව වෙන්නේ නැහැ. පාලනයන් දෙකේම වරදවල්වලට අදාළව නීතිය කි‍්‍රයාත්මක වෙන්න  ඕනැ. ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් කි‍්‍රයාමාර්ග ගතයුතුව තියෙනවා.
ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් විදිහට වංචා ¥ෂණ හොරකම් සම්බන්ධයෙන් කටයුතු කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවන බව කිව්වා. අදූ අජිත් පෙරේරා ඇමතිවරයා කියනවා විශේෂ අධිකරණයක් පිහිටුවන්න බැරිව ඉන්නේ තමන්ගේ ආණ්ඩුවේ විජේදාස රජපක්ෂ අධිකරණ ඇමතිවරයා හින්දා කියලා. එහෙත් ආණ්ඩුවට  ඕන වුණ තීන්දු ගන්න ඇමතිවරයාගේ පෞද්ගලික අදහස සලකන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට තීන්දුවක් අරගෙන කි‍්‍රයාත්මක කළ හැකියි. දැන් වරාය විකුණන්න අදාළ හිටපු ඇමතිවරයා එපා කිව්වා කියලා වරාය විකුණන එක නතර වුණාද? අධිකරණ ඇමතිවරයා පිට පටවලා ආණ්ඩුවට ඇඟ බේරගන්න බැහැ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තියෙනවා නම් එවැනි දෙයක් කළ හැකියි. විශේෂ අධිකරණයක් පිහිටුවන්න ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වෙනවා නම්, ඒක දුෂ්කර නම් ආණ්ඩුවට වෙනම අධිකරණයක් පිහිටුවන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ දැනට තියෙන උසාවිවලින්ම එක උසාවියක් වෙන් කරලා මේ සියලූ වංචා-¥ෂණ සම්බන්ධ නඩු ඒකට යොමු කරන එක. එහෙම පිහිටුවලා මේ නඩු කඩිනම් කරන්න පුළුවන්. එහෙම  නොවුණොත් මේ වංචා-¥ෂණ කොයි තරම් එළිදරව් වුණත් නීතිය කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාද වෙනවා.
දැන් බැඳුම්කර කොමිසම මේ පරීක්‍ෂණය මෙහෙයවනවා. ඔවුන්ගේ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. ඔවුන් නැවත මෙය අධිකරණය වෙත යොමුකළ යුතුයි. මේ කි‍්‍රයාවලිය අවසන් වෙනකොට තව අවුරුදු දෙක-තුනක් යනවා. ඒ වෙනකොට මේ ආණ්ඩුවේ ආයුෂ ඉවරයි. ඒ කියන්නේ කිසිදු චූදිතයෙකුට මේ ආණ්ඩුවේ කාලය ඇතුළත දඬුවම් ලැබෙන්නේ නැහැ කියන එක. එතකොට දේශපාලනය වෙනස් වෙලා. පහුගිය කාලයේ සිද්ධ වුණේ එහෙම දේවල්. ඒ නිසා දැනට මෙහෙයවන නඩු කටයුතු පවා වෙනම අධිකරණයක් මගින් කි‍්‍රයාවලිය වේගවත් කරලා වරදකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුයි.
දැන් විශ්වාසභංගය පාර්ලිමේන්තුව හමුවේ තියෙනවා. ආණ්ඩුව ප‍්‍රාදේශීය සභා ඡුන්දේ කල් දැම්මා. දැන් පළාත් සභා ඡුන්දේ කල් දාන්න හදනවා. ඒ වගේ විශ්වාසභංගෙට අදාළ ඡුන්දෙත් කල් දාන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ ඒවට ඉඩ දෙන්න බැහැ. එය වහාම විවාදයට ගත යුතුයි. අපේ පැත්තෙන් අපි අවධාරණය කරන්නේ, මෙය ඉක්මනින් විවාදයට අරගෙන ඉක්මනින් ඡුන්දය තියන්න කියලා. මේ විශ්වාසභංගයේදී අපි පැහැදිලි ස්ථාවරයක ඉන්නවා ජනතා විමුක්ති පෙමරමුණ විදිහට ඊට පක්‍ෂව ඡුන්දය දෙන්න. රවී කරුණානායක තමන්ගේ මුදල් අමාත්‍ය ධුරය පාවිච්චි කරලා බැඳුම්කර ගනුදෙනුව ආශි‍්‍රතව කරපු ඒ ¥ෂිත ගනුදෙනුව වැරදි සහගතයි. ඒ නිසා ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතුයි. ඔහු විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළත් ඔහු මෙම ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ මුදල් ඇමතිවරයා විදිහට. ඔහු මුදල් අමාත්‍යාංශයේ යාන්ත‍්‍රණය පාවිච්චි කළා මේ ගනුදෙනුවට. මේ රටේ ජනතාවගෙන් ඔහු සමාව ගත යුතුයි.
දැන් ආණ්ඩුව උත්සාහ කරනවා, මේ සිද්ධිය රවී කරුණානායක ඇමතිවරයාගේ පිටින් තියන්න. නිධානය ගන්න බිල්ල බවට රවීව පත්කරන්න උත්සාහ දරනවා. නිධානය ගත්ත කට්ටිය පැත්තක ඉන්න පුළුවන්. ඒකට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. ඔහුත් ඇතුළත්ව නිධානය ගත්ත මුළු හොරු කණ්ඩායමටම දඬුවම් ලැබිය යුතුයි. මේ නිධානයේ තියෙන්නේ ජනතාවගේ සල්ලි. ඒව නැවත ජනතාවට ලැබිය යුතුයි. හොරුන්ට දඬුවම්  දීලා ජනතාවට ඒ සල්ලි ආපසු ලැබිය යුතුයි. දැන් ආණ්ඩුව හදනවා රවීට ඉල්ලා අස්වෙන්න කියලා මේක ගොඩින් බේරගන්න. අපි කියන්නේ ඔහු ඉල්ලා අස්වෙලා හෝ වෙනත් කිිසිදු පියවරකින් මේ බැඳුම්කර වංචාව යටපත් කරන්න දෙන්න බැහැ. තිලක් මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වෙලා ඇවන්ගාඞ් සිද්ධිය යටපත් කළා වගේ කවුරු හරි ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙලා බැඳුම්කර සිද්ධිය යටපත් කරන්න දෙන්න බැහැ. අපි දැඩිව එම ස්ථාවරයේ ඉන්නවා. එහි වරදකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. මෙම සිදුවීම සමඟ තවත් අයගේ නම් කියවෙනවා. ආණ්ඩුවේ ප‍්‍රධානින්ගේ නම් කියවෙනවා. මේ සිදුවීමේ ඇත්ත සැලසුම්කරුවෝ, ප‍්‍රබලයෝ හෙළිදරව් කරගත යුතුයි. ඒ සඳහා අපේ බලපෑම දිගින් දිගටම සිදුකරනවා. අපි අවධාරණය කරන්නේ, විශ්වාසභංගයට අදාළ විවාදය කඩිනමින් ගත යුතුයි. අපි ඊට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *