රවී කරුණානායක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක සිය පදවියෙන් ඉල්ලා අස්විය.

මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ඇමතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.  අගෝස්තු 10 පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීම ආරම්භ කළ ඇමතිවරයා, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා සිටියේය. තවදුරටත් කරුණු දැක් වූ හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය සහ සහ ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත් සඳහන් කළේය. එසේම ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරන බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පසුගියදා පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මාස නවයක කාලයක් පදිංචිව සිටියේ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීම සම්බන්ධයෙන් මහා විවාදයකට තුඩු දී සිටින අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක බව තමන් නොදැන සිටි බව ප්‍රකාශ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *