තාජුදීන් ඝාතනයේ තොප්පිය ඩිලාන් දාගෙන

රගර් ක්‍රීඩක තජුදීන්ගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ කරන්නේ නම් අතීතයේ මියගිය විජයදාස ලියනාරච්චි , තේමිස් ගුරුගේ , විජය කුමාරතුංග අදීන්ගේද සිරුරු ගොඩගත යුතුයයි ඩිලාන් පෙරේරා හිටපු ඇමතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයෙන් තාජුදීන් ඝාතනය සන්ධාන රජයේ බලවතුන්ගේ ක්‍රියාවක් බව පිළිගෙන ඇතිබව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

ඩිලාන් පෙරේරා මහතා මාධ්‍යයට කීවේ මෙම ඝාතන සොයනවානම් එජාප රජයෙන් කළ ඝාතනද සෙවිය යුති බවයි . එයින් අදහස් වන්නේ මෙම ඝාතන සන්ධාන රජයේ ඝාතන බවය .

පසුගිය රජය සමයේ තාජුදීන්ගේ සිරුර වලදමා තිබුණේ එම මරණය හදිසි අනතුරකින් සිදුවූ බවට නිගමනය කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *