යහපාලනය කියන්නේ මේකට තමයි – භාතිය බරුකන්ද

‘‘යහපාලනය කියන්නේ මේකද?’’ මේ යහපාලන ආණ්ඩුවට සරදම් කිරීම පිණිස පසුගිය කාලය පුරාම ජනවාරී 08 වෙනසට වෛර කළ වුන් විසින් ඇසූ ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයම ඊට මදක් වෙනස්, එහෙත් සරදම් ස්වරයෙන් / ඔලොක්කුවට මෙන් පසුගිය 02 වැනිදා ඇසුණේය. ඒ වත්මන් ආණ්ඩුවේ බලවත්ම චරිතයක් වන හිටපු මුදල් ඇමැති, වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක මහතාගෙනි. ප‍්‍රශ්නය ඇසුවේ ප‍්‍රතිපත්ති විරහිතව රාජපක්ෂ වන්දනාවේ යන පුරවැසියෙකු නොව බැඳුම්කර කොමිෂම හමුවේ රජය වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ලිවේරා මහතාය.
‘‘ඔබ ආවේ යහපාලනය හදන්නද ?’’ අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ලිවේරා මහතා ඇමැති රවි කරුණානායක මහතාගෙන් ඔලොක්කුවට මෙන් ප‍්‍රශ්න කළේය.
දප්පුල ලිවේරා මහතාගේ මේ ප‍්‍රශ්නයෙන් කොමිසමේ විනිසුරු මඩුල්ල දැඩි අපහසුතාවට පත් වූ බවක් දැකිය හැකිවිය.  ඇමැති රවි කරුණානායක මහතාගෙන් ප‍්‍රශ්න කිරීමේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් දප්පුල ලිවේරා මහතා තම රාජකාරීමය සීමාවෙන් ඔබ්බට ගොස් රවි කරුණානායක මහතා අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරන ආකාරයක් කාටවුවත් මුල සිටම පැහැදිලිව දැකිය හැකි විය.
‘‘ඔබගේ වෘත්තීමය සීමාවෙන් පිට පනින්නේ නැතිව කටයුතු කරන්නැ’යි විනිසුරු මඬුල්ල වහාම දප්පුල ලිවේරා මහතාට අවවාද කළේය.
බැඳුම්කර කොමිෂමේ සාක්ෂි විභාගයේ වැදගත්ම සාක්ෂි විභාගය වශයෙන් සැලකුණ, ජනමාධ්‍ය පමණක් නොව පොදු ජනතාව පවා මහත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් බලා සිටි මෙම සාක්ෂි විභාගයේ දී රවි කරුණානායක මහතා තම සුපුරුදු විචක්ෂණභාවය හා නොසැලෙන බව මනාව ප‍්‍රකට කරමින් දප්පුල ලිවේරා මහතාට පමණක් නොව බැඳුම්කර කොමිෂම දේශපාලන උඟුලක් කර ගැනීමට මාන බලමින් සිටින සියලූ පාර්ශ්වයන්ට වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතු කදිම පිළිතුරක් දුන්නේය. මෙම ලියුම්කරුගේ පමණක් නොව යහපාලනයක් වෙනුවෙන් ඡුන්දය භාවිත කළ 62 ලක්ෂයකගේ ද ඇගයීමට ලක්  වූ, රවි කරුණානායක මහතා විසින් දප්පුල ලිවේරා මහතාට දුන් පැහැදිලි හා ඍජු පිළිතුර වූයේ,
‘‘ඔබට ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගෙන් ඔවැනි ප‍්‍රශ්නයක් අසන්නට හැකි වී තිබෙන්නේ අපි යහපාලනය හැඳු නිසා තමයි’’ යන්නයි.
ඉතිං තව මොනවද ?
ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගෙන් (ප‍්‍රබලම ඇමැතිවරයෙකුගෙන් – අවධාරණය ලියුම්කරුගේය* ප‍්‍රසිද්ධ සාක්ෂි විභාගයක දී, මුළු රටක්, ලෝකයක් බලා සිටින, ඇතැම් විට ආණ්ඩුවේ අනාගතය පවා තීරණය විය හැකි සාක්ෂි විභාගයකදී රජය වෙනුවෙන් ම පෙනී සිටින, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට ම මේ ආකාරයෙන් අවඥා සහගතව ප‍්‍රශ්න කිරීම හැකි පරිසරයක් නිර්මාණය වී තිබෙන්නේ රවී කරුණානායකලා ජීවිත පරදුවට තබා, තම ආත්මගරුත්වය පරදුවට තබා යහපාලන ආණ්ඩුව බිහිකළ නිසා නොවේ නම් කෙසේදැයි අප අපගෙන් ම ප‍්‍රශ්න කළ යුතුය.
2015 ජනවාරී 08 වැනිදා අන්ත ¥ෂිත, නීතියක් ක‍්‍රියාත්මක නොවූ, රාජපක්ෂවරුන්ගේ කැමැත්ත නීතිය වූ යුගයක් පරාජය කරමින් පක්ෂ පාට භේදයකින් තොරව සැමටම නීතිය ක‍්‍රියාත්මක වන යහපාලන යුගයක් බිහි වූයේ එදා  රවී කරුණානායකලා මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව අඛණ්ඩව පෙනී සිටිමින්, රාජපක්ෂ ආණ්ඩුවේ බරපතළ වංචා හා ¥ෂණ (විශේෂයෙන් ආර්ථිකමය වශයෙන්* නිරන්තරයෙන් හෙළි කරමින්, පක්ෂය හා පක්ෂ නායකත්වය අත නොහැර පක්ෂයේ මුළු බරම කරට ගෙන කටයුතු කළ නිසාය. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම සඳහා නොබියව මුළු හදවතින්ම පෙනී සිටි නිසාය.
‘‘මම අද කතා කරන්නේ යම් හිත් වේදනාවකින්. මම විරුද්ධ පක්ෂයේ සිටියදීත් මට පහර දුන්නා. දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදීත් නීතිපති දෙපාර්තමේන්තුව මට පහර දෙනවා. ඒ කාලයේ විදේශ විනිමය උපයා ගත්තා කියලා මට නඩු දාලා මම අවුරුදු 10ක් නඩු කිවුවා. අන්තිමේදී මම නිදහස් වුණා’’ කොමිෂමේ සාක්ෂි දී එළියට පැමිණි විට රවි කරුණානායක මහතාව වට කරගත් මාධ්‍ය හමුවේ ඔහු තමන්ගේ හෘද සාක්ෂිය හෙළි කළේ ඒ ආකාරයෙනි.
බල අරගලයක ගොදුරක් ද?
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සහ එක්සත් ජාතික පක්ෂය හවුලේ පවත්වා ගෙන යන යහපාලන ආණ්ඩුව තුළ දේශපාලන බල අරගලයක් තිබෙන බව රහසක් නොවේ. දිය යට එඹු රබර් බෝලයක් සේ එය හැකි සෑම අවස්ථාවකදීම එළියට එන්නේය. ආණ්ඩුව තුළ පමණක් නොව දේශපාලන කරළිය තුළ ද ක්ෂණික කැළඹීම් ඇති කරන්නේය.
මෙහිදී අපට ඉතා පැහැදිලිව දැකිය හැකි වන්නේ යහපාලන ආණ්ඩුව ගැන කිසිදු ආකාරයක වගවීමක් නැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සැලකිය යුතු පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ  ප‍්‍රබලයින් යැයි කියා ගන්නා කිහිප දෙනකු යහපාලන ආණ්ඩුව ඇතුළතින් ම දුර්වල කිරීමට සියුම් හා තීක්ෂණ කුමන්ත‍්‍රණයක් දියත් කරමින් සිටින බවය. පසුගිය වසර දෙකහමාර තුළ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිදු වූ බොහෝ ඍණාත්මක සිදුවීම් හා ප‍්‍රතිගාමී ප‍්‍රවේශයන් මේ අභ්‍යන්තර කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵල මිස වෙනකක් නොවේ. එහිදී අපට ඉතාමත් හොඳින් නිරීක්ෂණය වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට ප‍්‍රබල දායකත්වයක් ලබාදුන් එජාපයේ වර්ණවත් චරිත සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනකු මේ අභ්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇති බවය.
ඔවුන්ගේ ඉලක්කය සහ අරමුණ පැහැදිලිය. කඩිනමින් හෝ ක‍්‍රමිකව යළි බලය අල්ලා ගැනීමට නම් කළ යුතු ප‍්‍රධාන කාර්යය වන්නේ මේ වර්ණවත් සහ සක‍්‍රීය චරික කෙසේ හෝ නිහඬ කිරීමය. දේශපාලන හා මානසික වශයෙන් බිඳ දැමීමය. පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනය සහ මේ වන විට ප‍්‍රකාශයට පත් වෙමින් තිබෙන ඇතැම් ප‍්‍රවේශයන් මේ පළිගැනීමේ ක‍්‍රියාවලියේ පැහැදිලි ප‍්‍රකාශනයක් වශයෙන් සැලකිය හැකිය.
‘‘පසුගිය ආණ්ඩුව කාලයේදී මට විවිධ ව්‍යාජ චෝදනා එල්ල කළා. දැන්, වර්තමානයේදී ද ව්‍යාජ චෝදනා නගා මගේ චරිතය ඝාතනය කරනවා. මේවා කරන්නේ හතුරන් නොවෙයි මිතුරන්’’
රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවේ හැඟුම්බරව කීවේය. ඇමැතිවරයා ඇඟිල්ල දිගුකර මේ සියලූ කුමන්ත‍්‍රණ පිටුපස සිට මිතුරන් කවුදැයි නොකීවාට එක්සත් ජාතික පාක්ෂිකයින් පමණක් නොව විරුද්ධ පාක්ෂිකයින් පවා එජාපය තුළ සැබෑ මහින්ද විරෝධීන් නිහඬ කිරීමට දිය යටින් ගින්දර ගෙනයමින් සිටින්නවුන් හඳුනන්නේය. මීට පෙර කැබිනට් සංශෝධනයේදී ද රවී කරුණානායක මහතා ‘අෙඟ් ඉදන් කන කමින් සිටින්නවුන් ’ ගැන ජනතාව හමුවේ කරුණු හෙළි කළේය. එනිසා මේ මොහොතේ යහපාලන ආණ්ඩුව ද එක්සත් ජාතික පක්ෂය ද බරපතළ අර්බුදයක් කරා තල්ලූ කරමින් සිටින අභ්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ සැලසුම් වහා ව්‍යාර්ථ කිරීම ආණ්ඩුවේ ප‍්‍රබලයින් අභිමුව පවතින බරපතළ අභියෝගයකි. වගකීමකි.
ඔබට සතුටුයිද ?
යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ඡුන්දය භාවිත කළ පුද්ගලයෙකුගෙන් ‘‘ඔබට සතුටුයිද දැං’’ කියලා ඇසුවොත් ඔහු හෝ ඇය කුමක් කියයිද ? පැහැදිලිව ප‍්‍රකාශ කළ හැක්කේ වත්මන් මාධ්‍ය සංදර්ශන හමුවේ ගිනිකන වැටී සිටියත් ඔවුන්  ඉතා පැහැදිලිව ‘‘ඔව් අපට සතුටුයි’’ කියා කියන බවය. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන් අපේක්ෂා කළ වෙනස මෙය වන නිසාය.
රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි දීම, අතිරේක සොලියිටර් ජෙනරාල් දප්පුල ලිවේරා මහතාගේ සරදම්කාරී වූ ද පීඩාකාරී ප‍්‍රශ්න කිරීම යහපාලන පේ‍්‍රමීන් සලකන්නේ තමන් විසින් ජීවිත පරිත්‍යාගෙන් දිනාගත් යහපාලනය අවභාවිත කිරීමකට වඩා එහි ප‍්‍රායෝගික භාවිතය මනාව ප‍්‍රදර්ශනය කළ සුවිශේෂ අවස්ථාවක් ලෙසටය. ඒ වෙන කිසිවක් නිසා නොව පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ මෙවැනි තත්ත්වයක් සිහිනෙන් පවා සිතාගත නොහැකි වූ නිසාය.
මේ බව ඉතා ජනප‍්‍රිය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් අද රවි කරුණානායක මහතාට එරෙහිව මල්ටිබැරල් ගසන රෝහිත අබේගුණවර්ධන හිටපු ඇමැතිවරයා දැක්විය හැකිය. මහින්ද රාජපක්ෂ යුගයේදී ‘එපා වාහේට හොදි බෙදන්නා සේ’ ගොනු කළ වත්කම් බැරකම් නඩුවකට කට උත්තර බැඳීමට නියම වූ විට ඇමැති රෝහිත අබේගුණවර්ධන නැටූ නාඩගම කිසිවකුට අමතක නොවේ. ඔහු ඉතා නින්දා සහගත හා හාස්‍යජනක ආකාරයෙන් කොමිෂම නොමග යැවීම සඳහා මහා බොරුවක් ගෙතුවේය. ඒ තමාට සර්පයෙකු දෂ්ට කර ඇති නිසා සාක්ෂිදීමට පැමිණිය නොහැකි බවය. මහින්දානන්ද අලූත්ගමගේ ද මීට නොදෙවැනිය.
එපමණක්ද ? අද රවී කරුණානායක බැඳුම්කර කොමිෂම හමුවට යන විට ඉතාම නිර්ලිච්ýත ලෙස මාධ්‍ය අවභාවිත කරන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අදත් කොන්ද කෙළින් තබාගෙන අදාළ පරීක්ෂණ ආයතන හමුවට යන්නේ නැත. ඒ වෙනුවට අත්අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග දිගින් දිගටම ගනිමින් නීතියට ඔච්චම් කරමින් සිටින්නේය. මිග් 28 ගනුදෙනුව, ඇවන්ගාඞ් සිද්ධිය ඇතුළු දැවැන්ත ¥ෂණ ගැන චෝදනා ලැබ සිටින හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලයින් ද එකී සිදුවීම් පරීක්ෂා කරන කොමිෂන් සභා හෝ අධිකරණ හමුවට යන්නේ නැත. හැකි සෑම අවස්ථාවකදීම නීතියේ හිඩැස් සොයමින් කට්ටි පනිමින් සිටින්නේය. සිරිලිය ගිනුම ගැන පරීක්ෂණ සඳහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනපති ආර්යාවගෙන් මේ දක්වා අදාළ අංශවලට හැකියාවක් ලැබී නැත.
තම පාලන යුගයේදී බලය නිසා සියල්ලෙන් සැඟවී සිටි හිටපු පාලකයෝ බලය අහිමි වූ විට යහපාලනය නිසා ඒ සියල්ලෙන් ගැළවී යාමට හෝ සැඟවී සිටීමට සමත් වීමත් යහපාලන යුගයක් උදා කිරීමට ඇපකැප වූවෝ යහපාලනය යටතේම දේශපාලන කුමන්ත‍්‍රණවල පහසු ගොදුරු බවට පත්වීමත් දේශපාලන උත්ප‍්‍රාසයකි.
වල් ඌරෝ කැකුණ තලන විට
‘‘වල් ඌරෝ කැකුණ තලන විට හඹන් කුකුළන්ට රජ මඟුල් කීවා සේ ’’බැඳුම්කර සිදුවීමට අදාළ ජනපති කොමිෂම යහපාලන විරෝධීන්ගේ ද අමන්දානන්දයට පත්ව තිබෙන බවක් දැන් පෙනේ. ඒ ඔවුන්ට අනුව මේ යහපාලනයේ අවසානය පෙන්නුම් කරන සොහොන් ලකුණකි. ඔවුන්ගේ මේ අදහස ප‍්‍රතිපත්තිමය වශයෙන් ද යහපාලනමය වශයෙන් ද ඉතා වැදගත්ය. මන්ද බැඳුම්කර සිද්ධිය සේම තවත් ගැඹුරින්, වේගයෙන් සොයා බැලිය යුතු, වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු පසුගිය ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව තුළ උනන්දුවක් ඇති කළ තවත් දැවැන්ත අක‍්‍රමිකතා සහ ඝාතන සිදුවීම් ගණනය කළ නොහැකි තරම් ප‍්‍රමාණයක් පවතින හෙයිනි.
ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 12,000ක් පමණ අහිමිකළ බව කියන හෙජින් ගනුදෙනුව, ග‍්‍රීක බැඳුම්කර සිද්ධිය, බැසිල් රාජපක්ෂගේ මල්මාන සහ මාතර මාළිඟා, ඇවන්ගාඞ්, ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුව, රාඩා ගනුදෙනුව, සිරිලිය ගිනුමට සම්බන්ධ පරීක්්ෂණ, යෝෂිත හා නාමල් රාජපක්ෂගේ බැංකු ගිනුම් හා දේපොළ උපයා ගැනීම් (ඬේසි ආච්චි* සී.එස්.එන්. නාලිකාව සම්බන්ධ පරීක්ෂණ, වසීම් තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිදුවීම් හා ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් ඝාතනය කිරීම, රතුපස්වල, කටුනායක ඝාතන සිදුවීම්…. ආදි වහාම පරීක්ෂණ සිදුකර යහපාලනය වෙනුවෙන් ඡුන්දය භාවිත කළ ජනතාවට යුක්තිය ඉටුකළ යුතු සිදුවීම් සිය දහස් ගණනක් ආණ්ඩුව හමුවේ තිබේ.
රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිෂම හමුවට පැමිණි පසු අද ජනතාව අපේක්ෂා කරන්නේ බැඳුම්කර කොමිෂම ක‍්‍රියාත්මක වන සද්භාවිතයෙන් ම, එකී වේගයෙන්ම සහ ස්වාධීනත්වයෙන් ම පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බවට වත්මන් පාලකයින් විසින්ම හෙළි කළ සියලූ ආකාරයේ ¥ෂණ ගනුදෙනු, ඝාතන, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම්, මානව හිමිකම් කෙළසීම් සඳහා ද නීතිය ක‍්‍රියාත්මක වන ශක්තිමත් හා ප‍්‍රායෝගික යාන්ත‍්‍රණයක් සකස් විය යුතු බවය.
එසේ නොවුණහොත් සිදුවන ඇත්තේ ‘‘ වල් ඌරෝ කැකුණ තලද්දී හඹන් කුකුළන්ට රජ මඟුල් යැයි’ කී කතාව යළිත් වරක් අවසානාවන්ත ලෙස ඔප්පු වීම ම පමණකි. රවි කරුණානායක මහතා බැඳුම්කර කොමිෂම හමුවට කැඳවා ඔප්පු කළ යහපාලන භාවිතය යථාර්ථයක් වනු ඇත්තේ මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම මගින් ම පමණකි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *