නව ආකෘතියක් සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනිසිටිනවා – නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා

” රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන අයුරින් යහපාලන මූලධර්ම රාජ්‍ය ක්ෂේත්‍රයට තවදුරටත් කාවදින ලෙස ද, ප්‍රාදේශීය නියෝජනය ශක්තිමත් කර ප්‍රාදේශීය වශයෙන් පවතින අසමානතා දුරුවන අයුරින්ද, මානව හිමිකම් ශක්තිමත් කරමින් ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අසමානතා දුරු කර සමානතාව ශක්තිමත් කරන අයුරින්ද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිනිස මීලඟ පාර්ලිමේන්තුවේ සියලු පක්ශ සමග කටයුතු කරනු ඇත “

2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරනලද මැතිවරණ ප්‍රකාශනය උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එසේ ප්‍රකාශ කලේ ,සමාජ සාධාරණත්වය සඳහා ජනතා ව්‍යාපාරයේ මෙහෙය වූ ‘ජනමතයට ගරු කරමු ව්‍යවස්ථාව වෙනස් කරමු, යන මැයෙන් පසුගිය දා කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මන්ත්‍රණයක දීය. එහිදී වැඩිදුරටත් එතුමා මෙසේ  ප්‍රකාශ කලේය .

විධායක ජනාධිපති ක්‍රමය නැති කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධ ගැටලු පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ සමහරුන්ටත් අප ජනතාවගෙන් ලබාගත් වරම කුමක්ද කියා අමතක වී තිබෙනවා . ඒක තමයි යතාර්ථය.

ඇතැම් අය අහනවා ඔබලාට කවුද ජනවරමක් දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න .පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් කරාම ඇති නේද කියලා . යනාදී මතයන් විවිධ ගිහි පැවිදි අය ප්‍රකාශ කරනවා අපට අහන්න දකින්න ලැබෙනවා . එසේ වෙනස් මතයක් දැරීම සම්බන්දව අයිතිය අපි පිලිගන්නවා. නමුත් එජාපයට ජන්දය දීපූ බහුතරයකගේ මතය උනේ නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට . පාර්ලිමේන්තුවේ බහුතරය නොලැබුනත් ප්‍රදානතම පක්ෂය හැටියටත් ආණ්ඩු බලය දරන පක්ෂය හැටියටත් ලැබුණු මේ ජනවරමට පිටුපෑමට හැකියාවක් නැහැ. අපි ඉතාම නිශ්චිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනීසිටියා. ප්‍රජාතන්ත්‍රවාදිව එම ජනවරම අපට ලැබුණා .අපේ මතය දරණ අනෙක් පක්ෂ සමග එකතුකලාම පාර්ලිමේන්තුවේ බහුතර බලය අපට තිබෙනවා .ඒ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම සදහා . මෙරට සිංහල දෙමල මුස්ලිම් හැමෝටම එකහා සමාන අයිතියක් තිබෙන, සියලු දෙනාටම මේ මාතෘ භූමි අපේ කියලා කියන්න පුලුවන් නීතිමය වටපිටාවක් සාදා ගැනීමට මෙම නව ව්‍යවස්ථාවෙන් හැකියාව ලැබෙනවා .

කොටස් කතා වලට අපි එකග නැ .අලුත් ආකෘතියක් සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් පමණයි මමත් අපේ නායකයිනුත් පෙනී සිටින්නේ .නව ව්‍යවස්ථාවක් පිළිබද සාකච්චාවේදී අපි යම් යම් කොන්දේසි වලට එලබුනා .කොන්දේසි පැනවීම සුදුසු නැති උනත් අප සාකච්චා කරන රාමුව කුමක්ද කියා අප තේරුම් ගත යුතුව තිබෙනවා
” ඒකීය රජයක් යටතේ සියලු දෙනාගේ සම්මුතියෙන් සිදුකල හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමට පියවර ගන්නෙමු ” ලෙස මැතිවරණ ප්‍රකාශයේ සදහන් වෙනවා . අපි දැනගත යුතුයි අපේ රටේ ප්‍රයෝගිකව බලය බෙදීමට, යතාර්තවාදිව බලය බෙදීමට ,කාටත් පිළිගත හැකිවන පරිදි බලය බෙදීමට අවශ්‍ය කරන ඒ මොඩලය සකස් කර ගන්නට .

ද්‍රවිඩ සන්ධානයේ නායක සම්බන්දන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා සිංහල ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත නොකරන්නාවූ යමක් පිලිගැනීමට අප කැමති නැහැයි කියලා . මේකෙන් අදහස් වෙන්නේ සිංහල මිනිස්සු දැනගන්න ඕනී සිංහල ,දෙමල ,මුස්ලිම් මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් විදියේ කෙටුම්පතක් හදලා ජනතාව ගෙන් ජනමත විචාරණයකදී අනුමත කරගත හැකි ආකාරයට මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමට .අපේ රටේ අලුත් ව්‍යවස්ථාවක් කරා යනවා නම්, මේ ගමනේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබාගෙන ජනමත විචාරයේ සියයට පනහක් ගන්න අවශ්‍ය කරන විශ්වාසනීය කඩිනම් වැඩපිලිවෙලකට අප යායුතුව තිබෙනවා .

https://www.facebook.com/yukthiyalk/videos/1508696982521862/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *