රණවිරුවන් මිස මිනීමරුවන් රකින්නේ නැහැ – නව හමුදාපති මහේෂ් සේනානායක

 

රණවිරු නාමයට මුවා  වී ආරක්ෂා වීමට හදන කිසිදු මිනිමරුවකුට තමන් ආරක්ෂාව නොදෙන බව නව හමුදාපති මහේෂ් සේනානායක මහතා ඊයේ (4දා) මහනුවරදී ප්‍රකාශ කළේය . මහා නා හිමිවරුන් හමු වී ආශීර්වාද ලබාගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් හමු වූ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .

සටන් බිමේ කැපකිරීම් කළ සැබෑ රණවිරුවන් රැක ගන්නා බවත් එසේ වුවද හමුදාවේ සිටිමින් මිනීමැරුම් කළ කිසිවකුට තමන්ගේ ආරක්ෂාව නොලැබෙන බවත් ඒ මහතා පැවසීය . ” හමුදාවේ සිටින අපි අපරාධ නිතිය හා හමුදා නිතිය යන දෙකටම යටත් වනවා ” යයි හමුදාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය . යුද කාලයේ හෝ පසුව හමුදා නිල ඇදුම ඇදගෙන කිසිවකු මිනීමැරුම් කල නම් ඔහු රණ විරුවකු නොවේ යයිද  සේනානායක මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *