මහින්ද රාජපක්‍ෂ බලයට ආවොත්, රට දෙකඩ වීමේ අනතුරක් ඇති වෙන්න පුළුවන් – දයාපාල තිරානගම

මහින්ද රාජපක්ෂ දයාපාල තිරානගම කියන නම විවිධ ක්‍ෂේත‍්‍ර කිහිපයක කාලයක් තිස්සේ වරින්වර ඇසෙන නමක්. ඔබ ම ඒ පිළිබඳව පැවසුවොත්.

මම බාල කාලයේ ඉඳලම දේශපාලනයේ නිරත වෙච්ච කෙනෙක්. විශ්වවිiාල ජීවිතයේදී සටන්කාමී සංවිධානත් එක්ක වැඩකරපු කෙනෙක්. ඒ වගේම කොමිනියුස්ට් පක්‍ෂය වගේ පක්‍ෂත් එක්ක වැඩකරල විශාල අත්දැකීම් ලබාගත්තා. සන්නද්ධ මාවතට පිවිසීමේ උවමනාවකුත් දැක්කා. ඒ කාලේ යම් යම් කණ්ඩායම් එක්ක එකතුවෙලා සටන් කරලා හිරේ යන්න සිද්ධ වුණා. අවුරුදු පහක්, හයක් තරම් කාලයක් හිරේ හිටියා.

ඒ කියන්නේ ඔබ 1971 ජ.වි.පෙ. කැරැුල්ලට සම්බන්ධ වෙලා හිටියා කියලද?

නැහැ. අපි ඊට කලින් සන්නද්ධ මාවතට පිවිසෙනවා. ජ.වි.පෙ.න් කඩාගෙන ගිය කණ්ඩායමක් විදිහට සන්නද්ධ මාවතට පිවිසුණා. ඒ කණ්ඩායමත් එක්ක වැඩකෙරුවා.  ඞී.අයි.ජී. ධර්මසේකර කණ්ඩායම එක්ක තමයි මම වැඩකෙරුවේ. ඒ කාලේ තවත් ඒවගේ කණ්ඩායම් හිටියා. ගාමිණි යාපා වගේ. අවුරුදු පහක් හයක් හිරේ ඉන්න සිද්ධ වුණා.

ඇයි ඔබලා සන්නද්ධ මාවතට පිවිසුනේ?

අපි ඒ කාලේ දැක්කේ නෑ පාර්ලිමේන්තු මාවත සමාජවාදය උදාකරගන්න පිටුවහලක් වෙයි කියල.

දැන් දැන් සමාජවාදි ව්‍යාපාර ක‍්‍රමයෙන් තම මාවතෙන් ඈත්වෙන බවක් පේනවා. වාමාංශික ව්‍යාපාර දැන් ඉන්නේ මහින්දත් එක්ක. වාමාංශික ව්‍යාපාරයෙන් කැඞී ගිය වඩාත් වමට නැඹුරුයි කියන පිරිස ඉන්නේ දක්‍ෂිණාංශික යූ.එන්.පී. එකත් එක්ක. ඒ පිළිබඳව ඔබතුමාට කියන්න තියෙනනේ කුමක්ද?

අද සමාජයවාදය පිළිබව කතාකරන්නේ නෑ. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකව්‍යාප්තව ඇති දෙයක්. සමාජවාදයට වඩා වැදගත්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය. මිනිසුන්ට කතා කිරීමේ නිදහස, ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ නිදහස අවශ්‍යයි. එය පවත්වාගෙන යාහැකි  ඕනම ක‍්‍රමයකට අපි කැමතියි. සමාජවාදය යටතේ පවා අපි හිතුවේ නෑ එය නැතිවෙයි කියල. නමුත්, සමාජවාදී ව්‍යපාරවල පවා කතාකිරීමේ නිදහස, රැුස්වීමේ නිදහස, අනිකුත් හු`ගක් නිදහස් වලට තහංචි දැමීමක් තියෙනව. සන්නද්ධ අරගලය තුළින්ම ඒක සිද්ධ වෙනවා. ඒක නිසා අපට අවශ්‍ය සමාවාදය පිහිටෙව්වාට පස්සෙ පවා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්නාවූ සමාජ ක‍්‍රමයක්.

1971, 1989 ජ.වි.පෙ. ආයුධ සන්නද්ධ සටන් ව්‍යාපාරයට පිවිසුනා. 1971 ට පෙර ඔබතුමන්ලා ආයුධ සන්නද්ධ සටන් ව්‍යාපාරය ගැන විශ්වාසය තිබ්බා. ඒ වගේම උතුරේ තරුණ කොටස් ආයුධ අතට ගත්තේ සම අයිතිවාසිකම්, හා ඔවුන් වෙත මුදාහැර තිබුණ පීඩනය නිසා කියලා හිතනවද?

කොටි සන්විධානය ආයුධ අතට ගත්තේ ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂාකරගැනීම සඳහා. නමුත් කොටි සංවිධානයට බැරිවුණා ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂාවන් සාක්ෂාත් කරගන්න. ඒකට හේතුව තමයි ඒ ගොල්ලො ද්‍රවිඩ සමාජය තුළ පවා ඒ ගොල්ලන්ගෙ මතවලට ගරු නොකරපු මිනිස්සු ඝාතනය කෙරුවා. ඒක පැසිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් හඳුන්වන එක නිවැරදියි කියල මම හිතන්නේ. ඒ කියන්නේ ප‍්‍රභාකරන් තමන්ගේ ක‍්‍රමයක් තුළ තමයි පාලනය කරන්න බලාපොරොත්තු වුණේ. ඒ අය අනිත් මිනිස්සුන්ගේ නිදහස, අනිත් මිනිස්සුන්ගේ පැවැත්ම පිලිබඳ සැලකුවෙ නෑ. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් යාපනයෙන් පිටමන් කිරීම මේකට හොඳ උදාහරණක්.

ඔබතුමාත් ඒ වකවානුවේ කණගාටුදායක ඉරණමකට මූණදෙනවා, ඔබගේ ආදරණීය බිරිඳ රාජිනී තිරණාගම ඝාතනය වීමෙන්. මොකක්ද ඒකට පසුබ්ම් වූ හේතුව?

ඇත්තටම රාජිනී මරන්න මූලිකම හේතුව වුණේ එයා සහ තව විශ්වවිiාලයේ හිටපු කථිකාචාර්යවරු තිදෙනෙක් පොතක් ලිව්වා බිඳුණු තල් රුක  :ඊරදනැබ ඡු්කපහර්* කියලා. එක් ලිවීමට දායක වීමේ කර්තව්‍යයක් වශයෙන් තමයි එයාව ඝාතනය කෙරුවේ. ඒ ඝාතනය මටත්, මගෙ දරුවන්ටත් පෞද්ගලික වශයෙන් පාඩුවක් සිද්ධ වුණා. ඒ වගේම එම  සිද්ධීන් තුළින් ද්‍රවිඩ විමුක්ති ව්‍යාපාරය කියන එකේ තිබුණ මර්ධනකාරී ව්‍යාපාරය තේරෙන්න ගත්තා. ඒගොල්ලන්ට එක`ග නොවූ පිරිසව තමයි එයාලා මැරවේ. බොහෝවිට කොටි සංවිධානයට පක්‍ෂපාතී නොවූ අය ඒ ගොල්ල ඝාතනය කෙරුවා. උදාහරණයකට ගත්තොත් අද රාජිනී එක්ක හිටපු තව පිරිසක් ඝාතනය කෙරුවා. ඒ ගොල්ලන්ගෙ නම් තාම එළියට ආවේ නෑ. ඒ ගොල්ල කඳවුරුවලදි මැරුවා.

එතකොට දකුණෙ ජේ.වී.පී. සන්නද්ධ අරගලයෙදිත් සිද්ධ වෙන්නේ ඒ වගේම දෙයක් නේද? විජය කුමාරණතුංග, දේව බණ්ඩාරසේනාරත්න ඇතුළු තවත් දේශපාලන ක‍්‍රියාකාරීන් රාශියක් ඝාතනය වෙන්නේ ජ.වි.පෙ. සන්නද්ධ පිරිස් අතින් කියන මතයක් සමාජයේ තියෙනව.

ප‍්‍රචණ්ඩ අරගලයේ තියෙන ස්වභාවය තමයි  ඕක. ඒ කියන්නේ ප‍්‍රචණ්ඩ විදිහට දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා වලිකන කණ්ඩායම් තමන්ට විරුද්ධවෙන සියලූම දෙනා මරලා දානවා. ඒක ලෝකය පුරා පවතින ලක්‍ෂණයක්. හැම විප්ලවයකදිම ඒක සිද්ධ වුණා. විප්ලවය ජයග‍්‍රහණය කළත් තමන්ට විරුද්ධ අයගේ අදහස් මර්ධනය කිරීම සඳහා තවදුරටත් ඒක කරගෙන යනවා. ඒක මාක්ස්වාදයටවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයටවත් එක`ග කාරණයක් නෙමෙයි ඒක.

දැන් වර්තමානය තත්ත්වය ගැන කතා කළොත් රටේ වෘත්තීය කණ්ඩායම්, වාමාංශික පිරිස්, සමාජ ක‍්‍රියාකාරිකයින් මේ සියල්ලම එකතුවෙලා තියෙන්නේ අන්ත දක්‍ෂිණාංශක කියලා ඔවුන් විසින් හඳුන්වපු එක්සත් ජාතික පක්‍ෂයට උදව් කරන්න නේද? එය නිවැරදි දේශපාලන තීන්දුවක් ද?

මම හිතන්නේ නෑ එකේ එච්චර වැරැුද්දක් තියෙනව කියල. අපි සංසන්ධනාත්මකව බලනවනම්, මහින්ද රාජපක්‍ෂ හා ඔවුන්ගේ සහචර කල්ලිය ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි දූෂිත පාලනය දිහා බලනකොට, ඒක පරාජය කරන එක, යළි කරළියට පැමිණීමට ඉඩ නොදෙන එක තමයි අද තියෙන මුඛ්‍ය පරමාර්ථය. ප‍්‍රධානම ඉලක්කය විය යුත්තේ ඒකයි.

මෛත‍්‍රීපාල වැනි විශ්වාසය තැබිය හැකි ජනාධිපතිවරයෙක් එක්ක තමයි යූ.එන්.පි. ය බලයට ආවත් වැඩ කරන්න වෙන්නේ. ඒ අනුව යූ.එන්.පී. එකට ජනතා මර්ධන ක‍්‍රියාවකට යන්න ඉඩක් නෑ. ඒ තත්ත්ය තුළ මහින්ද රාජපක්‍ෂ යළි බලයට ගෙන ඒම වැලැක්වීම සඳහා යහපාලන පෙරමුණට ඡුන්දය දීම කාගෙත් යුතුකමක් කියල මම හිතනව.

ජාතිවාදය ගැන ඔබේ අදහස කුමක්ද? දේශානුරාගයෙන් එය වෙන්වෙන්නේ කොහොමද?

ජාතිවාදය කියන දෙය හු`ගක් නිර්වචනය කළයුතු මාතෘකාවක්. දේශපේ‍්‍රමය කියන එක, මහින්ද රාජපක්‍ෂ කතාකරන දේශපේ‍්‍රමය සම්පූර්ණයෙන්ම වෛරී දේශප්‍රේමයක්. ඒක ජාතිවාදය මත පදනම් වෙච්ච, ද්‍රවිඩ ජනතාවට විරුද්ධව ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකාම් මර්ධනය කිරීම සඳහා කරන දේශපේ‍්‍රමයක්. ඒ හින්දා ඒ දේශපේ‍්‍රමය වැරදි දේශපේ‍්‍රමයක්. දේශප්‍රේමය නම් වෙන්න  ඕනැ ද්‍රවිඩ ජාතීන්ගේ අයිතීන් පිළිබඳව යම්කිසි සාකච්ඡුාමය එක`ගතාවයකට එන එක. ඒකට මේ යහපාලන පෙරමුණ දැනටමත් පොරොන්දු දීලා තියෙනව. ඒක නිසාම අපි ඒ ගොල්ලන්ට ඡුන්දය දෙන්න  ඕන. මොකද, එහෙම නොකළොත් නැවතත් මහින්ද රාජපක්‍ෂ බලයට ආවොත්, ඒගොල්ල ද්‍රවිඩ ජනතාව නැවතත් මර්ධනය කිරීම තුළ රට දෙකඩ වීමේ අනතුරු භාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ අනතුර නැතිකිරීම සඳහා තමයි යහපාලන පෙරමුණ නැවත පත්කළ යුත්තේ.

අපිට හිතන්න බැරිද සියලූදෙනාම ශ‍්‍රී ලාංකික ජාතියක් කියලා. එහෙම චින්තනයක් ඇති කරන්න බැරිද?

එහෙම චින්තනයක් ඇති කරන්න අපේ රටේ පීඩා වුණ ජන කොටස්වලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දෙන්න  ඕන. එහෙම දෙන තෙක් අපිට ඒක ලාංකීය ජාතියක් බිහිකරන්න අමාරුයි.

එතකොට මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකම තේමාව වන්නේ ජාතිවාදය. මම සිංහල, මම බුද්ධාගමේ, මට තමයි රට ආරක්‍ෂා කරන්න පුළුවන් කියන තේමාව. එතුමාගෙන් පිට නායකයෙකුට බලය ගියොත් රට ආරක්‍ෂා වෙන්නේ නැද්ද? එතුමා රට ආරක්‍ෂා කරනවා කියන පදනම මොකක්ද?

එයා රට ආරක්‍ෂා කරනවා කියන එකේ පදනම තමයි වැඩිපුර ඡුන්දය ලබා ගැනීමට උත්සාහ දැරීම. වැඩිපු ඡුන්දය ලබාගෙන දිණුවොත් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රජාතන්තවාදී අයිතීන් නැතිකරල දාන එක. ද්‍රවිඩ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්නෙ නැත්නම්, සිංහල ජනතාවටත් ප‍්‍රජාතන්තවාදය ලැබෙන්නේ නෑ. ඒක තමයි පහුගිය කාලේ ක‍්‍රියාත්මක වුණේ. ඒක නිසා මහින්ද රාජපක්‍ෂව පරාජය කිරීම අංක එකේ අවශ්‍යතාවය බවට පත්වෙනවා.

මනෝජ් රූපසිංහ,
077 6196555.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *