දූෂණයට විරුද්ධ වෙන්න බැරිනම් ඒ ගැන කතා කරන්න එපා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

දූෂණයට විරුද්ධව නැගී සිටින්න සූදානම් නැත්නම් ඒ ගැන කතා කරන්නට එපා, යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ව්‍යපරික පරජාව අමතා පරකාශ කළේය. තමන් දූෂණ ක්‍රියාවලට දායක වෙමින් දූෂිත කරමයට ඇඟිල්ල දික්කිරීමෙන් වළකින ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. කොළඹ දී දැන් පැවැත්වෙන 2017 ශ්‍රී  ලංකා ආර්ථික සමුළුව අමතමින් ඒ මහතා මෙම ප්‍රකාශය කළේය.

කමන්ගේ වැඩ කරගන්නට රජයේ නිලධාරින්ට අල්ලස් නොදුන් ව්‍යාපාරිකයෙක් සිටීන්නේ නම් නැගී සිටින්නැයි කී හර්ෂ ද සිල්වා මහතා එලෙස දූෂණ ක්‍රියාවලියට තමන්ම දායක වී දූෂිත ක්‍රමයක් ගැන කතා කිරීම නිෂ්ඵල බවද පැවසීය. ශ්‍රී  ලංකාවේ දුප්පත් කමට හේතව අප දූෂිත ජාතියක් වීම බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා, දූෂණයට විරුද්ධ වීම පහළ සිට ඉහළටම සිදුවිය යුත්තක් බවද පෙන්වා දුන්නේය. දූෂණයෙන් මිදීමට අපට නොහැකිකම් දූෂණය ගැන කතා කිරීමේ තේරුමක් ඇත්දැයි හර්ෂ ද සිල්වා මහතා ව්‍යාපාරික පරජාවගෙන් ප්‍රශ්න කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *