සයිටම් සටන ලෙඞ්ඩුන්ගෙ යහපත සඳහා කරන සටනක් ද? වෙනත් අරමුණකින් කරන සටනක් ද කියල ප‍්‍රශ්නයක් තියෙනව. – වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස
මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම සිදුවුනා. එයින් සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඇරඹී තිබෙන විරෝධයට විසඳුමක් ලැබෙයිද?
මම හිතන්නේ නෑ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් උද්ගතව ඇති සයිටම් ප‍්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියල. මට පෙනෙන විදිහට ඒ සටන යන්නේ මූලික ප‍්‍රශ්න උඩ හෝ මූලික විසඳාගැනීම් උඩ නෙමේ. එතන වෙන මොකක් හරි එකක් තියෙනව.
ඇතැමුන් චෝදනා කරන්නේ වෛද්‍යවරු වැඩි වීමෙන් වෛද්‍යවරුන්ගේ අගය පහල යන නිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අලූතෙන් වෛද්‍යවරුන් බිහිවෙනවට කැමති නැහැ කියලයි.
බොහොම පැහැදිලිව කියන්න ඕනෑ ලංකාවට වෛද්‍යවරු මදි. අද ගණන් හදල බැලූවොත් ජනගහනයෙන් 1350 – 1500 කට එක දොස්තර කෙනෙක් තමයි ඉන්නේ. දියුණු රටක, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියන රටක, කියුබාව, එමරිකාව, එංගලන්තය වගේ රටක ජනගහනයෙන් 300කට, 350කට එක වෛද්‍යවරයෙක් ඉන්නව.
ඔබ එසේ කීවත් වෛද්‍යනිලධාරි සංගමය කැඳවූ පවත්පත් සාකච්ඡුාවකදි වෛ්‍යවරියක් ප‍්‍රකාශකරනව, මෙපමණ රෝගින් සංඛ්‍යාවකට මෙපමණ වෛද්‍යවරුන් සිටිය යුතුයයි නියමයක් නැහැ කියල.
එහෙම නියමයක් නෙමේ. කොහොම උනත් රටේ වෛද්‍යවරු හිගයක් තියෙනව. ආණ්ඩුවේ ඕ.පී.ඞී. එකට ගියත් පෝලිමේ ඉන්න ඕන. පෞද්ගලික අංශයට ගියත් පෝලිමේ ඉන්න ඕන. හොඳ වෛද්‍යවරු, අවංකව සේවය කරන වෛද්‍යවරු දවසකට බලන ලෙඞ්ඩු ගණන සීමා කරල තියෙනව. ඔවුන් ලෙඞ්ඩු 20ක් පමණ තමයි බලන්නේ. සමහරු ලෙඞ්ඩු 100ක් බලනව. කොච්චර දක්‍ෂයෙකුට උනත් තම රාජකාරි වෙලාවෙන් පිටත ලෙඞ්ඩු 100ක් බලන්න පුළුවන්නම්, ඒ අයගෙ ප‍්‍රමිතිය මොකක්ද?
වෛද්‍යවරු හදනවා තමන්ගෙ මාර්කට් එක තියාගන්න. ඔවුන් අකමැතියි වැඩියෙන් වෛද්‍යවරු බිහිවෙනවට. ඉස්සර වෛද්‍යවරුන්ට සහය වෙන්න හිටිය, ඇපොතිකරි එහෙම නැත්නම් ආර්.එම්. ඕ. කියල වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලබාපු අය. ඒ ගොල්ලන්ගෙ අතිනුත් සෑහෙන්න සේවයක් සිද්ධ වුනා. ඒ සේවය වෛද්‍යවරයෙක් ලැබෙන සේවය තරම් පරිපූර්ණයි කියල මම කියන්නෙ නැහැ. නමුත් යම්කිසි සේවයක් ලැබුණා. නමුත්, උපාධිධාරි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිව්වා මේ ගොල්ලන්ට වැඩ බෑ. මේගොල්ලො පුරුදු කරන්නත් එපා. දැන් අපිට වෛද්‍යවරු ප‍්‍රමාණවත් කියල. දැන් ඒ ගොල්ල නැහැ. වතු වල හිටියා වතු දොස්තර කියල පිරිසක්. ඒ ගොල්න්ගෙ දැනුම උසස් තත්ත්වයක තිබුණෙ නැහැ. වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිව්වෙ වතු දොස්තර ඉවත් කලොත් උපාධිධාරි වෛද්‍යවරු ඒ වෙනුවට යයි කියල. අද මොකක්ද වෙලා තියෙන්නෙ ඒ වතු ඉස්පිරිතාලවලට උපාධිධාරි දොස්තරල යන්නෙ නැහැ. ගියත් ඒ ගොල්ලන්ගෙ සේවය උදෙ 8 සිට හවස 4 ට. වත්තෙ වැඩ කරන මිනිස්සු ඉස්පිරිතාලෙට එන්නේ වැඩ ඉවරවෙලා. එතකොට වෛද්‍යවරයා ප‍්‍රයිවට් චැනල් කඬේක වැඩට ගිහිල්ල එතන වැඩ කරනව. මේ ගොල්ල තවදුරටත් කියනව නම්, වෛද්‍යවරු අලූතින් ඇති කරන එක වැරදියි ඇති වෙන්න වෛද්‍යවරු ඉන්නව කියල, ඒක කුහක කමක්.
අපිට තියන ප‍්‍රශ්නය අපේ ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව වැඩිකරගන්න පුලූවන්ද බැරිද කියන එක. වෛද්‍යවරු වැඩිකරගන්න නම් ආණ්ඩුවෙන් නැත්නම් පෞද්ගලිකව විශ්වවිද්‍යාල පටන් ගන්න ඕනැ. ආණ්ඩුවට තව දුරටත් විශ්වවිද්‍යාල පටන් ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ. මෑතකදී පටන් ගත්ත රජරට වෛද්‍ය විද්‍යාලය, මඩකලපුවේ වෛද්‍ය විද්‍යාලය, යාපනය වෛද්‍ය විද්‍යාලය යන ආයතනවලට තාම හරියට ප‍්‍රමිතියක් ඇතුව වෛද්‍යවරුන් බිහිකරන්න බැරිවෙලා තියෙනව. එතකොට රජයට තවත් වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න පුළුවන්ද කියල ප‍්‍රශ්නයක් තියෙනව. එහෙම නම්, උත්තරේ තියෙන්න පෞද්ගලික අංශයෙන් වෛද්‍ය විද්‍යාල පටන් ගන්න එක. ඒක කරන එක නවත්වන්න බැහැ.
අනිත් වෘත්තීන් ගත්තොත් ඕන තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනව. ඉංජිනේරුවරුන්ට, ගණකාධිකාරීන්ට වගේ නොයෙක් වෘත්තීන්ට තියෙනව. මේ ඔක්කොම තියෙද්දි ඇයි වෛද්‍ය වෘත්තිකයන් බිහිකරන්න පෞද්ගලික අංශයට ඉඩ දෙන්නේ නැත්තෙ?
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ තර්කය තමයි, පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ප‍්‍රමිතියෙන් තොර වෛද්‍යවරු බිහිවෙන්න ඉඩ තියෙනව කියන එක.
ඒකෙ යම් සත්‍යයක් තියෙනව. පෞද්ගලික වෛද්‍යවරු බිහිකරනව නම් ඒ ගොල්ලන්ගෙ ප‍්‍රමිතිය ගැනත් අපි කතා කළ යුතුයි. මම දන්නා තරමින් කොළඹ වෛද්‍ය විද්‍යාලය තමයි ලංකාවෙ පැරණිම වෛද්‍ය විද්‍යාලය. ඒකට අනුබද්ධ රෝහල තමයි කොළඹ රජයේ මහ රෝහල. මම හිතන්නේ මහ රෝහලේ ඇඳන් දහදහාක් පමණ තියෙනව. ලෙඞ්ඩු ඊටත් වැඩිට ඉන්නවා. වෛද්‍ය පීඨයට අවුරුද්දකට බඳවා ගන්නේ 250ක් පමණ සිසුන් සංඛාවක්. සයිටම් එක ගත්තොත් ඇඳන් හත්සියයි තියෙන්නෙ. ඒ හත්සියය පිරෙන්නවත් ලෙඞ්ඩු නැහැ. එහෙම තියෙද්දි අවුරුද්දකට දෙසිය පණහක්, තුන්සියක් බඳවගන්නව වෛද්‍ය ශිෂ්‍යයො. ප‍්‍රමිතිය පිළිබඳ අනිවාර්යෙන් ගැටළුවක් තියෙනව. කෙනෙකුට අනික් පැත්තට තර්ක කරන්න පුළුවන් රජරට, මඩකලපුවේ, යාපනේ වෛද්‍ය පීඨයන්හි ඔය කියන ප‍්‍රමිතිය තියනවද කියල? ඒවායෙත් ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්න තියෙනව. මෙතන වෙලා තියෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අපේ රටේ පුද්ගලික අංශ වගේ වගකීමක් නැතුව මුදල් ඉපැයීමට පමණක් පටන් ගත්ත එකක් වෙලා තියෙනව. අන්න එතන තමයි ගැටළුව. ලාභ ඉපැයිය යුතුයි. නමුත් ලාභය පමණක් පදනම් කරගත් ව්‍යාපාරයක් නොවිය යුතුයි.
ලෝකයේ දියුණු රටවල තියෙන වෛද්‍ය විද්‍යාල බැලූවාම, ඒවා බොහෝවිට පටන් අරගෙන තියෙන්නේ ව්‍යාපාර පරමාර්ථයෙන් පමණක් නොවෙයි. ඒවා බොහොමයක් පල්ලි, සුභසාධන ආයතන වැනි ආයතන වලින් පටන් අරගෙන තියෙනව ඒවා. ව්‍යාපාරික ප‍්‍රමාර්ථයෙන්ම පටන් ගත්ත ආයතන නෙමෙයි. මෙතනදි වෛද්‍ය සංගමය කියන කාරණා වල යම්කිසි ඇත්තක් තියෙනව. නමුත් මේකෙ පසුබිම බැලූවාම ප‍්‍රමිතිය ඇති කරන්න ඉඩදෙන්නෙ නැත්තෙත් වෛද්‍ය සංගමයමයි. උදාහරණයකට මේ වෛද්‍ය විද්‍යාලය පටන් ගන්න කාලෙ රජයේ යෝජනාවක් තිබ්බා, හෝමාගම මහ රෝහල හා අවිසාවේල්ල මහ රෝහල යන රෝහල්වල මේ ළමයින්ට පුහුණු වෙන්න ඉඩ දෙන්න කියල. ඒකට හිලව්වක් වශයෙන් ඒ රෝහල් දෙක නඩත්තු කරන එක මේ වෛද්‍ය විද්‍යාලයේ මුදලින් කරන්න කියල. ඒ වගේ දේකටත් රජයේ වෛද්‍ය නිලාධාරින්ගේ සංගමය විරුද්ධ වුනා. එහෙම බැලූවම මේ සටන ලෙඞ්ඩුන්ගෙ යහපත සඳහා කරන සටනක් ද වෙනත් අරමුණකින් කරන සටනක් ද කියල ප‍්‍රශ්නයක් තියෙනව.
පෙරටුගාමී පක්‍ෂයෙත්, ජනතා විමුක්ති පෙරමුණෙත් ප‍්‍රතිපත්තිය වෙන්නෙ, සටන වෙන්නෙ සයිටම් විතරක් නෙමෙයි කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇති නොකළ යුතුයි කියලයි.
පෞද්ගලික විශ්වවිද්‍යාල දැනටත් තියෙනව. පෞද්ගලික විශ්වවිද්‍යාල නෑ කියල කියන්නෙ කොහොමද? මම හිතන විදිහට සයිටම් එකේම අංශයක් තියෙනව, නාවිකයො පුරුදු කරන විශ්ව විද්‍යාලයක් තියෙනව. නීති අංශය ගත්තොත් නීතිඥයන්ව පුද්ගලික අංශයෙන් පුරුදු කරනව, එංගලන්තෙ හරි කොහෙහරි විශ්වවිද්‍යාලයකට අනුබද්ධව. ඒ විතරක් නෙමෙයි ඉංජිනේරු, ගණකාධිකාරි වගේ වෘත්තීන්ටත් පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනව. ඉතින් මොකක් ද මේ විරෝධය? මොකක් ද ඒ ප‍්‍රතිපත්තිය? විශ්වවිද්‍යාල ඇරුනාම අද ප‍්‍රයිවට් ටියුෂන් පන්ති කොපමණ සංඛ්‍යාවක් තියෙනවද? ඒවා පෞද්ගලික නොවේද? මේක ජනතාව නොමග යැවිමක් පමණයි.
මේ දේශපාලන පක්‍ෂවල උවමානවන්ට කරන මේ සටනේ සටන්කරුවන් වෙන්නේ පක්‍ෂ සාමාජිකයන් නොවේ. විශ්වවිද්‍යාල සිසුන් නේද?.
ඒකත් එක්තරා විදිහක ඛේදවාචකයක්. ඒක අපේ අද්‍යාපන ක‍්‍රමයේ වැරැුද්ද. මේ ශිෂ්‍යන්ට තනියම හිතන්න ඉඩදීලා නැහැ . තනියම තීරණ ගන්න අපි පුරුදු කරල නැහැ. අද විශ්වවිද්‍යාල අංශයේ කටයුතු සිදුවෙන්නේ සාම්ප‍්‍රදායිකව, දේශකයෙක් එනව. දේශනයක් තියනව. ළමයි සටහන් ලියා ගන්නව. ඒ සටහන් පාඩම් කරගන්නව. විභාගෙදි ප‍්‍රශ්නෙට උත්තර ලියනව. මේකද ඔය කියන විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එහෙම නැත්නම් මීට වඩා වෙනස් දෙයක්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන එක අපි දන්න හැටියට ළමයි තනිවම පාඩම් කරල, විශ්ලේෂණය කරල, අලූත් දේවල් හොයාගෙන ඉගෙනීම කිරීම. අවාසනාවට අපේ විශ්වවිද්‍යාලවල එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ.
විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන සිසුන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ග‍්‍රහණයට ගන්නව. ඊට පස්සේ ඒ ළමයි තමයි එක්තරා පක්‍ෂයක දේශපාලන උවමනාවන්ට හසුරුවන්නෙ? එය එසේ විය යුතුද?
මම දේශපාලන පැත්ත ගැන දන්නෙ නැහැ. එහෙත් මෙහෙම කතාවක් මට සාකච්ඡුාවකදි අහන්න ලැබුණා. ‘ශිෂ්‍ය සංගම් නායකයන්ට විභාග පාස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ගොල්ලන්ට දේශපාලන පක්‍ෂවලින් වැටුප් ගෙවනව. ඒ ගොල්ලන්ට තියෙන්නෙ ඉගෙන ගන්න එක නොවෙයි දේශපාලන පක්‍ෂයක උවමනාව ඉෂ්ඨ කරන එක විතරයි’ කියල. මම දන්නෙ නෑ මේක කොච්චර දුරට ඇත්තක්ද කියල. විශ්වවිද්‍යාල දිහා බලපුවම ඒ වගේ දෙයක් පේන්න තියනව.
ඒක මුලූ සමාජයේ පෙන්න තියන දෙයක්. හැම තිස්සෙම අපි කාගෙහරි පස්සෙ යනව. එහෙම පස්සෙ ගිහිල්ලා අපි රැුවටෙනව. එහෙම එකේ විශ්වවිද්‍යාල සිසුන්ට විතරක් දොස් කියන එක වැරදියි. මේ ක‍්‍රමයෙයි වෙනසක් ඇති වෙන්න ඕනැ.
සයිටම් ප‍්‍රශ්නෙදි වෛද්‍ය නිලධාරින්ගෙ සංගමය ගෙනාව ප‍්‍රධාන තර්කයක් තමයි ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නය. සිසුන්ට හරියාකාර සායනික පුහුණුවක් ලැබෙන්නෙ නෑ කියන එක. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට ගැනීමෙන් නොමිලේ ප‍්‍රතිකාර පටන් ගන්නව. එවිට රෝගීන් සංඛ්‍යාව වැඩි වී සායනික පුහුණුවට ප‍්‍රමාණවත් රෝගීන් පිරිසක් ඇතිවුණොත්. වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ චොදනාවට පිළිතුරක් ලැබෙනව නේද?
වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියනව මෙම රෝහල රජයට පවරාගත් පමණින් ශික්‍ෂණ රෝහලක තත්ත්වය දෙනවට ඒගොල්ල කැමති නැහැ කියල. එකේ යම්කිසි සත්‍යයකුත් තියෙනව. ශික්‍ෂණ රෝහලක් කියන්නේ ඒ සඳහා විශේෂ වූ කාර්ය මණ්ඩලයක්, දක්‍ෂතාවයක් තිබෙන දොස්තරවරු ඉන්න ඕන ළමයින්ට උගන්වන්න. එහෙම නැතුව එක පාරට ශික්‍ෂණ රෝහලක් කරන්න පුළුවන්ද කියල ප‍්‍රශ්නයක් තියෙනව.
යුද්ධ කාලයෙන් අවුරුදු 20 ක් විතර යාපනේ විශ්වවිද්‍යාලයෙ වෛද්‍ය අංශයට මහාචාර්යවරුන් හිටියෙ නෑ. එහෙම තියෙද්දිත් යාපනේ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවරු බිහිකෙරුව. මේවා අපි පිළිගන්න අකමැතියි. නමුත් සත්‍ය එයයි.
අපේ රටේ අජයේ ආර්ථික තත්ත්වය ගත්තත් දුර්වල මණ්ටමකයි තියෙන්නේ. රජයට ආදායම් මාර්ග අවශ්‍යයි. වෙනත් රටවල ජාතික ආදායමෙන් සැලකියයුතු කොටසක් අද්‍යාපන ක්‍ෂේත‍්‍රයෙන් උපයනව. තවත් අතකින් අපේ ළමයි අද්‍යාපනය සඳහා විදේශ ගත වීමෙන් අපේ විනිමය විදේශයන්ට වැය වෙනව. ඒක නවත්වලා විනිමය උපයා ගැනීමක් කරන්න පුළුවන් නේද මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ක‍්‍රමය දියුණු කිරීමෙන්.
අනිවාර්යෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් එය කරන්න පුළුවන්. දැනටත් නේපාලය, භූතානය වගේ රටවලින් ළමයි ඇවිල්ලා අපේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නව. ඒක පුද්ගලික අංශයෙන් පමණක් නෙමේ රාජ්‍ය අංශයටත් කරන්න පුළුවන්.
රජයේ විශ්වවිද්‍යාල තුළින් වෛද්‍යවරු බිහිකරන්නේ ජනතාවගෙන් මුදලින්. එසේ තිබියදී ඔවුන් පුද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදෙමින් මුදල් හම්බකිරීම සාදාචාරත්මකද?
කිසිම ආකාරයකින් සාදාචාරාත්මක නැහැ. වෛද්‍යවරු උදේ 8 සිට 12 වනතුරුත්, 12 සිට 4 වනතුරුත් රෝහල්වල සේවය කරන්න ඕනැ. ඊට අමතර කාලයෙයි පෞද්ගලික සේවයේ යෙදෙන්න නීතියෙන් ඉඩ දීලා තියෙන්නෙ. අද නවලෝක රෝහලට දවල් 10 ට ගිහිල්ලා බලන්න, රජයේ රෝහල්වල සිටිය යුතු වෛද්‍යවරු කීදෙනෙක් ඉන්නවද කියල. සංගමය කියනව මේව නවත්වන්න වෑයම් කරනව කියල. ඒවට සංගමයට බලයක් නැහැ. ඒත් ඒ වැරැුද්ද කෙරෙනව. ඒක නීති විරෝධියි. ඒකට දඬුවමක් කරන්න පුළුවන්. සේවයෙන් පහ කරන්න පුළුවන්. නමුත්, එහෙම කෙරුවොත් දොස්තරවරු ස්ට‍්‍රයික් කරයි.
පෞද්ගලික අංශයේ වෛද්‍යවරු පෞද්ගලික රෝහල්වලත්, රජයේ වෛද්‍යවරු රජයේ රෝහල්වලත් හිටිය නම් වැරැුද්දක් ඇතිවෙන්නෙ නැහැ.
සයිටම් දෙමාපිය සංගමය ප‍්‍රකාශයක් කරනව, අපේ ළමයි ඉගෙනගෙන රජයේ රෝහල්වලට එවන්නෙ නෑ. අපි එයාලට පුද්ගලික රෝහල්වල රැුකියා ලබාදෙනව. නැත්නම් විදේශ රැුකියාවලට අරිනවා කියල.
අදත් රජයේ වෛද්‍ය විද්‍යාලවල බිහිකරන වෛද්‍යවරුන්ගෙන් අඩුමගානේ සියයට තිස්පහක් මේ රටේ නැහැ. පත්විම ලැබෙනකොටම පිටරට ගිහිල්ලා. ආපහු එන්නෙත් නෑ. සාමාන්‍යයෙන් රට යන්න ඉස්සරවෙලා ගිවිසුමකට අත්සන් කරනවා. ආපහු එනවා කියල. රට යන්නෙත් රජයේ වියදමින්. පෞද්ගලිකව ගියත් එයාල ඉගෙනගෙන තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින්. ඉස්සර නීතියක් තිබුණා. අවුරුදු 10ක් හෝ 15ක් රටට සේවය කරල යන්න ඕනැ කියල. ඒ නීතිය දැන් නැහැ. අද රජයේ වෛද්‍ය පීඨවලින් පිටවෙන වෛද්‍යවරුන්ගෙන් සියයට තිහක් තස්පහක් පිටරට ගිහිල්ලා එහි නවතිනව.
පෞද්ගලික විද්‍යාල අංශයෙන් වෛද්‍යවරු හදලා රට අරින්න පුළුවන් නම් ඒකත් සේවයක් වෙනව. රටට විදේශ විනිමය එනව. අහිංසක ගෑනු මෙහෙකාර සේවයට අරිනවට වැඩිය ඒක හොඳයි.