පොලිසියේ සුදු වෑන් ගැන ආණ්ඩුව තදින් සිටියි

පොලිස් නිලධාරීන් පිරිසක් සුදු වෑන් රථයක් යොදාගෙන ශිෂ්‍ය නායකයකු පැහැරගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ඇමති සාගල රත්නායක මහතා පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට නියෝග කොට ඇත . ඇමති මංගල සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම සිදුවීම රජය තරයේ හෙලාදකින බවයි . මෙය රජය අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක් වියහැකි බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය .

වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී රජයේ දෙපලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිසිය කියයි . රජය කියන්නේ නියමිත ක්‍රමවේද වලින් බාහිරව අත් අඩංගුවට ගැනීම් සිදු නොකළ යුතු බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *