දුෂණ මර්ධන ලේකම් කාර්යාලය වසා දැමීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්ද ? – අනුර සූරියබණ්ඩාර

2017 ජූලි 13 පුවත්පත් පළ වී තිබුණු පුවතක් වූයේ මහා පරිමාණ දුෂණ වංචා විමර්ෂණය සඳහා පිහිටුවනු ලැබූ දුෂණ මර්ධන ලේකම් කාර්යාලය වසා දමන බවයිග 2015 ජූලි මස 02 දා ආරම්භ කෙරුණු දු

දුෂණ මර්ධන ලේකම් කාර්යලයයේ ආයු කාලය එම වසරේම නොවැම්බර් මාසයේ සිට වසරක කාලයකට දීර්ඝ කෙරිණිග නැවත 2016 නොවැම්බරයේ දී එහි කාලය දීර්ඝ කළ අතර එකී කාලය අවසන් වූ පසුව නැවත දීර්ඝ කිරීමක් සිදු නොවූ බැවින් ඉබේ අහොසි වී යන තත්ත්වයක් උදාවිය.
දුෂණ මර්දන කාර්යාලය අහෝසි වීමට ඉඩ සැලසීම පිළිබඳ හේතු සඳහන් කරමින් කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේල එයින් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවූ බවයග ඔහු තවදුරටත් පවසා තිබුණේල දුෂණ මර්දන ලේකම් කාර්යාලයට 2016 දී රුපියල් මිලියන 12 වෙන් කළ නමුත් අවසානයේ රුපියල් මිලියන 26ක් වැය වී ඇති බව සහ ආයතනයේ මුළු කාලය තුළ මිලියන 65ක් පමණ වැය වී ඇති බවයිග නමුත් ඒ පිළිබඳව ප‍්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියන්නේ කාර්යාලය වෙනුවෙන් වැය වී ඇත්තේ තුන්කෝටි විසි ලක්‍ෂයක් පමණක් බවයි.
දුෂණ මර්දන ලේකම් කාර්යාලය සම්බන්ධව මෙන්ම  ත්‍ක්‍ෂෘ ආයතනය සම්බන්ධව මෙතෙක් බරපතළම විවේචනය තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයට බව අමුතුවෙන් කිවයුතු නැතග ඔවුන් මුල පටන්ම කීවේල ඒවා විරුද්ධවාදීන් :එනම් ඒකාබද්ධ විපක්‍ෂයෆ මර්දනය කිරීම සඳහා ගොඩනැ`ගූ ආයතන බවයි.
දුෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දැමීම සම්බන්ධව ප‍්‍රකාශ කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩි දුරටත් කියන්නේල රටේ නීතිය යටතේ පිහිටුවා ඇති අල්ලස් කොමිසමල අපරාධ විමර්ශන ඒකකයල ජනාධිපති කොමිෂන් සභාවල විගණකාධිපති දෙපාර්තමේන්තුවල ජනාධිපති විමර්ශන ඒකකයල වංචා විමර්ශන කොට්ඨාසය ඇතුළු ආයතන 14ක් ඇති බවයිග එහෙයින් කාට හෝ යම් දුෂණ අක‍්‍රමිකතා පැමිණිල්ලක් වෙතොත් ඒ ආයතනයකට ඉදිරිපත් කළ හැකි බවද රාජිත සේනාරත්න ඇමතිවරයා කියයි.
මෙතැනදී මතුවන ගැටලූවක් වන්නේ දුෂණ මර්දන ලේකම් කාර්යාලය ආරම්භ කරන විට ආණ්ඩුවට ඔය කියන ආයතන 14 පිළිබඳ අවබෝධයක් තිබුණේ නැතිද යන්නයිග දුෂණ මර්ධනයට ආයතන 14ක් ඇත්නම් කළ යුතුව තිබුණේල ලේකම් කාර්යලය ආරම්භ නොකර සිටීමයිග රටේ නීතිය යටතේ පිහිටුවා ඇති එකී ආයතන 14හි යම් අඩුපාඩුවක් ඇත්නම් ඒවා දුරුකර එකී ආයතන ශක්තිමත් කිරීමයිග කාර්යක්‍ෂම කිරීමයි.
ඊළ`ග තර්කය වන්නේ දුෂණ මර්දන ලේකම් කාර්යාලයේ වියදම සම්බන්ධයෙනිග ඒ ගැන ආණ්ඩුවත් ජවිපෙත් මත දෙකක් කියතිග අනවශ්‍ය වියදමක් කාර්යලය සිදු කරන්නේ නම් ඒ සම්බන්ධවන ඉක්මනින් කටයුතු කරන්නට ආණ්ඩුවට හැකියාව තිබුණිග නමුත් ආණ්ඩුව එය වසා දමන්නට අවුරුදු දෙකහමාරකට මඳක් අඩු කාලයක් කුරුමානම් අල්ලා තිබේග ඒ වරද කාගෙද?
ට‍්‍රාන්ස් පේරන්සි ආයතනයේ වාර්තාවට අනුව දුෂිත රටවල් 176 අතර ශ‍්‍රී ලංකාව පසුවන්නේ 95 වන ස්ථානයේ බව කියැවේග එම දර්ශනයේ ආසියා පැසිෆික් කලාපයට අදාළ දර්ශකය අනුව මෙරට දුෂණය 2017 වර්ෂයේ 21‍්‍රකින් ඉහළ ගොස් ඇති බවද කියතිග ඉන් කියැවෙන්නේ දුෂණ මර්දන ලේකම් කාර්යාලය ද ඇතුළුව ¥ෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආයතන 15ක් මෙරට තිබුණා වුව දුෂණය අඩුවීමක් සිදුව නැති බවයි.
ආණ්ඩුව පාර්ශ්වයෙන් නැවත කියැවුණේ මහාපරිමාණ මූල්‍ය වංචා ඇතුළුව සියලූම ආකාරයේ දුෂණ අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා සුවිශේෂී බලතල හිමිවන විමර්ශන කාර්යාලයක් පිහිටුවීමට පනතක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයිග
එම පනත සම්මත කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මහාපරිමාන වංචා පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවට අසීමිත බලයක් හිමිවන බවද වැඩි දුරටත් සඳහන් විණ.
ලෝකයේ දියුණු රටවල දැනට ක‍්‍රියාත්මකවන වංචා දුෂණ මැඩලීමේ ක‍්‍රමවේදවලට සමාන හෝ ඒවා ඉක්මවන ආකාරයේ හෝ වංචාල දු ෂණ අක‍්‍රමිකතා සොයාබැලීමේ පරිසරය නව පනත සම්මත කළ විට පොලීසියට හිමිවන බව කියා තිබුණේල උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහාතාය.
ඇත්තෙන්ම කියන්නේ නම්ල මහාපරිමාන මූල්‍ය වංචා ඇතුළුව සියලූම ආකාරයේ දුෂණ අක‍්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට සුවිශේෂි බලතල හිමිවන කාර්යාලයක් පිහිටුවීමට තීරණය කිරීම සම්බන්ධන ආණ්ඩුවට ස්තූතිය හිමිවිය යුතුය.
2015 ජනවාරි 08 ජයග‍්‍රහණයටල එනම්ල මහින්ද රෙජීමයේ පරාජයට බලපෑ ප‍්‍රධාන හේතුවක් වූයේ පැවැති පාලනයට එරෙහිව නැ`ගී තිබුණු දුෂණ චෝදනාවන්යග යහපාලන ආණ්ඩුව බලයට පත්වූ වහාම දුෂිතයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මකවනු ඇතිය යන්නල ජනතා බලාපොරෝත්තුව වියග දුෂණ මර්ධන ලේකම් කාර්යලය යනු ඒ බලාපොරොත්තුව ඉටුවනු ඇතිය යන්නට සාධකයක් වූ බව පෙන්වා දිය යුතුය.
කෙසේ වෙතත් දුෂිතයන් කොටු කිරීම හෝ ඔවුන්ට දඬුවම් පැමිණවීම ජනතාව බලාපොරොත්තු වූ තරම් වේගයෙන් සිදු වූයේ නැතග ඇතැම්විට ජනතාවට සිතුණේ ආණ්ඩුව දුෂිතයන් කොටුකරනවාද නැති නම් සුරතල් කරනවාද කියායග දුෂිතයන්මිකෝ හොරු ඇල්ලූවාදැයි’ අසන මට්ටමට අවසානයේ තත්ත්වය පත්විය.
දැන් මතුවන ගැටලූව වන්නේ දුෂණ මර්දන ලේකම් කාර්යාලයටල දුෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් ආයතන 14ට හැකියාවක් හෝ බලයක් හෝ වුවමනාවක් හෝ ඒ සියල්ලම හෝ නැති බව වටහාගන්නට ආණ්ඩුව අවුරුදු දෙකකුත් මාස පහක කාලයක් වැය කරන්නට සිදුවූයේ මන්ද යන්නයිග දුෂණ වංචා සෙවීමට පවතින නීති රීති හෝ ආයතන ශක්තිමත් නැතිනම්ල ඊට අලූත් ආයතනයක් අවශ්‍යව තිබේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේල අලූතින් ගෙනෙනවා යැයි දැන් කියන පනත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරීම නොවේද? එසේ කළේ නම් රාජිත අමාත්‍යවරයා කියන මුදල් නාස්තිය සිදුවන්නේ නැතග දුෂිතයන්යැයි ජනතාව සැක කරන පිරිසට නිදැල්ලේ හැසිරෙමින් ජනතාව කුලප්පු කරන්නට ඉඩ සැලසෙන්නේ ද නැත.
ආණ්ඩුවේ පමා වීම් හේතුවෙන් අසීරුතාවට පත්වන්නේ ආණ්ඩුව පමණක් නොවේග යහපාලනය පිළිබඳ බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට ඡුන්දය පාවිච්චි කළ ලක්‍ෂ හැටකටත් වැඩි ජනතාව ද මෙවැනි ක‍්‍රියා හෙතුවෙන් අසීරුතාවට මෙන්ම බලාපොරොත්තු සුන්වීමට පත් වේග ආණ්ඩුව මේ දාදු සෙල්ලම් කරන්නේ ඒ ජනතාවගේ බලාපොරොත්තු සම`ග බව අදාළ බලධාරීන් කල් නොයවා වටහා ගත යුතුය.
ආණ්ඩුවේ මෙවැනි දුර්වලතා නිසා සිදුවන්නේ මහින්දවාදී කල්ලියට නැවතත් බලයට ඒමට පාර කැපීමද විය හැකි බැවිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *