මිග් ගනුදෙනු වංචාව හෙළිවන ලකුණු ; ඇත්ත ගිවිසුම ස`ගවා හොර ගිවිසුමක් හදලා

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතක් මිල දී ගැනීමට හා තවත්  හතරක් අලූත්වැඩියා කිරීමට යුක්රේන සමාගමක් සම`ග අත්සන් කළ මුල් ගිවිසුම ස`ගවා හොර ගිවිසුමක් අත්සන් කොට ඇති බව හෙළිදරව් වෙමින් පවතින බව තතුදත් ආරංචි මාර්ග කියයි. ඒ අනුව ගිවිසුම් අත්සන් කිරීම ස්ථාන කීපයකදී සිදුව ඇති අතර යුක්රේන සමාගම අත්සන් කළ ගිවිසුම ස`ගවා වෙනත් ගිවිසුමක් හොර අත්සන් යොදා සකස් කොට ගුවන් හමුදාපතිවරයාගේ අත්සන සඳහා ඉදිරිපත්කොට ඇත. මෙම හොර ගිවිසුම සකසා ඇත්තේ යුක්රේනයේ ශ‍්‍රී ලංකාතනාපතිව සිටි උදයංග වීරතුංගගේ නිවසේ දී ය. එයට යුක්රේන සමාගම වෙනුවෙන්යැයි කර තිබූ අත්සන් අදාළ පුද්ගලයෙන්ගේ අත්සන් නොවන බව හෙළිදරව් වී තිබේ. මේ පිළිබඳව යුක්රේන රජය ද අලූතෙන් පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇති අතර මෙහි දී ප‍්‍රකෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පෙනීගොස් තිබේ.
මේ වංචාවේ මහ මොළකරු උදයංග වීරතුංග වන අතර මෑත කාලයේ මහින්ද රාජපක්‍ෂ මහතා පිටරට සංචාරය කළ හැම අවස්ථාවකම ඔහු හමුවු බව වාර්තා විය. ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට ඇතත් විදේශ ගතව වැ`ගවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *