මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට කැපූ විධායක බොරුවල – අනුර සූරියබණ්ඩාර

2017 ජුලි 16 ඉරිදා ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන පුවතින් කියා තිබුණේ විධායක බලතල හරිහැටි පෙන්වන්නැයි ශ‍්‍රී ල.නි.ප. මැති ඇමතිවරු ජානාධිපතිට බල කරන බවයි.  පුවත මේසේය:
‘‘ඉදිරි මාස හයේ දී විධායක බලතල පාවිච්චි කර තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
‘‘එසේ නොකළහොත් ආණ්ඩුව ජනතාව අතර අප‍්‍රසාදයට ලක්වීම වැලැක්විය නොහැකිවනු ඇතැයි ද ශ‍්‍රී ල.නි.ප. මැති ඇමතිවරුන් ප‍්‍රකාශ කර තිබේ’’
‘‘…….. ආණ්ඩුව කරෙහි ජනතාව තුළ කලකිරීමක් හා අප‍්‍රසාදයක් ඇතිවෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා මැදිහත් වී තීන්දු තීරණ නොගතහොත් ශ‍්‍රී ල.නි.ප. යට ද අපවාදයෙන් ගැලවිය නොහැකිවන බවත් මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇත.
‘‘එැබැවින් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සිය බලතල පාවිච්චි කර තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන බව ඔවුන් ප‍්‍රකාශකර ඇත.’’
අප දන්නා තරමින් දැනට ශ‍්‍රී ල.නි.ප. ය නියෝජනය කරන මැති ඇමතිවරුන් කොටස් දෙකකි. එනම් 2015 ජනවාරි 08 වෙනසට ඍජුව දායක වු සහ 2015 ජනවාරි 08 වෙනසට විරුද්ධව තෙවැනි වරටත් මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කිරීමට කටයුතු කළ පිරිස වශයෙනි.
ඊට අමතර කෝණයකින් විග‍්‍රහ කරන්නේ නම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් යනු මහින්ද රාජපක්‍ෂ මහතාට ජීවිතාන්තය දක්වා බලයේ රැුඳීමට හැකිවන සංසෝධනයට අත් ඔසවා ඡුන්දය ප‍්‍රකාශකර යාවජීව ඒකාධිපතියකු මෙරට බිහිකිරීමට පසුබිම සැකසීමට දායක පිරිස වශයෙන් ද හඳුන්වා දිය හැකිය.
අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙළට අකුල් හෙළමින් සිටින්නේ ද ශ‍්‍රී ල.නි.ප. මන්ත‍්‍රී කණ්ඩායමය. එහි දී ඔවුන්ගේ මතය වන්නේ ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළ යුතු බවය.
1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් මොහොතේ පටන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිනොගැනීමයි. නැතහොත් එය ආහෝසි කළයුතු බවයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත් වූ දෙවතාවේදීම ප‍්‍රධාන සටන් පාඨය වූයේ විධායකය අහෝසි කිරීමයි. මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් වූයේ ද විධායක ක‍්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. අනෙකක් තබා 2015 ජනවාරි 08 ජනාධිපති මැතිවරණයේ අවසන් භාගයේ ඔහු විධායකය අහෝසිකිරීම නමැති සටන් පාඨය අතට ගැනීමට උත්සාහ කළේය. ඔහු ඒ උත්සාහ දැරුවේ අවංකවම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට නොවන නමුත්, නාමිකව හෝ විධායකය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට සිදුවිය. ඉන් පෙනෙන්නේ  විධායක බලතල අහෝසි කිරීම යන්න මෙරට දේශපාලනයේ කොතරම් තීරණාත්මක වගන්තියක් ද යන්නයි. එහි වැදගත්කම තහවුරු වන්නේ 18 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය නැමැති අයෝමය සන්නාහය තරව ඇඳගෙනි සිටි මහින්දට පවා අවසන් සටනේ දී එය අත්හරිමියි යන පිදුරු ගසෙහි එල්ලීමට සිද්ධවීමෙනි.
1977 න් පසුව පැවැති සියලූ මැතිවරණවලදී විධායක බලතල අහෝසි අහෝසි කිරීමට පොරොන්දු දීමෙන් පැහැදිලි වන්නේ ආරම්භයේ පටන්ම විධායක ජනාධිපති ධූරය කෙරෙහි මෙරට ජනතාවගේ ඇකැමැත්තක් පැවැති බවය.
2015 ජනවාරි වෙනසට මූලාරම්භය සැපයූ මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රමුඛ කණ්ඩායමේ පුමුඛ උත්සාහය වුයේ ද විධායක ක‍්‍රමය අහෝසි කිරීමයි. 2015 වන විට, විධායක ක‍්‍රමය මෙරටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්‍ෂය පවා එය අහෝසි කළ යුතුය යන ස්ථාවරයට පැමිණීම විශේෂත්වයකි. දැන් සිදුව ඇත්තේ විධායක ක‍්‍රමය  මෙරටට හඳුන්වාදුන් එක්සත් ජාතික පක්‍ෂය එය අහෝසි කිරීමට උත්සාහ දරන අතර ආරම්භයේ පටන්ම ඊට විරුද්ධව කටයුතු කළ ශ‍්‍රී ලංකා නිදහන් පක්‍ෂයට එය අවශ්‍ය වී තිබීමයි.
‘‘මගේ පාලන කාලයේ පළමු දින සියය අන්තර් පාලන කාලයක් සේ සලකා සිදු කළ යුතු හදිසි දේපාලන ප‍්‍රතිස්සංකරණයක් ලෙස දැනට පවතින් ඒකාධිපතිත්වයට ම`ගපාදන විධායක ජනාධිපති ධූරය වෙනුවට අමාත්‍ය මණ්ඩලයට යටත්වන රාජ්‍ය නායකත්වයක් බවට ජනාධිපති ධූරය පරිවර්තනය කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එමි.’’
(හොර බොරු නැති රටක් – බිය සැක නැති රටක් –  මෛත‍්‍රී පාලනයක් – නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණ – ජනාධිපති මැතිවරණ ප‍්‍රකාශනය. 2015)
‘‘දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම යනු මෛත‍්‍රී පාලනයේ දින 100 වැඩසටහනේ 2015 ජනවාරි 21 බදාදාට නියමිතව තිබූ කටයුත්තකි.
මේ සියල්ල අනුව ගත්කල 2015 ජනවාරි 08 වෙනසට දායක වූ මෙරට බහුතර ජනතාව මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පක්‍ෂව ඡුන්දය පාවිච්චි කළේ, විධායක බලතල ශ‍්‍රී ල.නි.ප. මැති ඇමතිවරුන්ගේ අවශ්‍යතාව පරිදි ක‍්‍රියාවේ යෙදවීමට නොව එය අත්හැරීමටය.
විධායක බලතල යොදවා ආණ්ඩුව ජනතාව අතර අප‍්‍රසාදයට පත්වීම වළක්වන්නට යෝජනා කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුගෙන් බහුතරය 2015 ජනවාරි අරගලයට වළ කැපූ අය මිස පාර කැපූ අය නොවන බව ඔහුගේම යහපත සඳහා ජනාධිපතිවරායට මතක්කර දීමට  ඊට දායක වූවන් වශයෙන් අපට යුතුකමක් මෙන්ම අයිතියක් ද තිබේ.
ආණ්ඩුව කෙරෙහි ජනතා අප‍්‍රසාදයක් මතුවෙමින් පවතින බව අපි ද විශ්වාස කරමු. ජනවාරි 8 වෙනසට දායක වූවන් වශයෙන් අපට ද ආණ්ඩුව කෙරෙහි මේ වන විට යම් කළකිරීමක් තිබේ.
ඉහත කී ජනතා අප‍්‍රසාදයට හෝ කලකිරීමට හෝ හේතුව ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි නොකිරීම ද? නැත. ඒ කලකිරීමට අප‍්‍රසාදයට හේතු කීපයක් මෙසේය.
* පොරොන්දු පරිදි මෙතෙක් විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීම.
* පොරොන්දු වූ පරිදි මැතිවරණ ක‍්‍රමය සංසෝධනය නොකිරීම.
* මහාපරිමාණ දූෂිතයන්ට හොරුන්ට ජනතාව බලාපොරොත්තු වූ පරිදි දඬුවම් නොකීරීම.
* බලය බෙදා හරිමින් ජාතික ගැටලූව විසඳන අලූත් ව්‍යවස්ථාව මෙතෙක් රැුගෙන නොඒම.
* විගණන පනත ක‍්‍රියාවේ යෙදවීම කල් ඇදෙමින් පැවතීම.
* ජනවාරි 8 වෙනස අහෝසි වී යැයි සිතූ ජාතිවාදී ආගම්වාදී බලවේග නැවත හිසඔසවමින් තිබීම.
* ආණ්ඩුව බලයට පත් කළ ලක්‍ෂ 62 ක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනු වෙනුවට යහ පාලනය වෙනුවෙන් අබ ඇටයක සේවයක් නොකළ අස්ගිරි පාර්ශ්වයේත් වෙනත් එවැනි තැනැත්තන් හා සංවිධානවලත් සිත් සැනසීමට ආණ්ඩුව උත්සාහ කරණ බවක් පෙනීම.
ආණ්ඩුව කෙරෙහි ජනතාව අතර කලකිරීමක් අප‍්‍රසාදයක් ඇතිවෙමින් තිබේ නම් එය වළක්වා ගත හැක්කේ විධායක බලතල ක‍්‍රියාවේ යෙදවීමෙන් නොව 2015 ජනවාරි 08 වෙනසින් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටුකිරීම කඩිනම් කිරීමෙනි.
ඒ වෙනුවට විධායක බලතල ක‍්‍රියාවට නැංවීමට යාමෙන් සිදුවනු ඇත්තේ ආණ්ඩුව කෙරෙහි ජනතා කලකිරීම දෙගුණ තෙගුණ වීමයි. දැන් දැන් ජනතාව අතර සැකයක් මතුවෙමින් ඇත්තේ ආණ්ඩුව බලයට පත්කළ බහුතර ජනතාවගේ අපේක්‍ෂා මල්පල ගැන්වීම වෙනුවට ආණ්ඩුව තමතමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඡුන්දයෙන් පසුව ආණ්ඩුවට සෙට් වූ පිරිසගේ අපේක්‍ෂා ඉටුකරමින් සිටින්නේද යනුවෙනි.
නිදසුන් වශයෙන් අතුරුදන්වූවන් පිළිබඳ පනතේදී අතීතයට බලපාන ආකාරයට එය ක‍්‍රියාත්මක නොවන්නේ නම් 88-89 කාලයේත් තිස් වසරක යුද්ධයේත් වින්දිතයනට ඉන් පලක් නොවනු ඇත. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ අය පමණක් නොව සිවිල් යද්ධ සමයේත් ඉන් පසුවත් තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කළවුන්ද අහිංසකයන් බවට පත්වනු ඇත.
අතීතයට පලපාන පරිදි අතුරුදන් පනත සම්මත කළ නොහැකි නම් අනාගතයේ දී එවැන්නක් සිදු නොවිය හැකි තැනට කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට පැසසිය යුතු වුවත් ආණ්ඩුව මුහුණ දී ඇති සැබෑ ගටලූව ඇත්තේ එතැන බව අපගේ වැටහීමයි. එකී ගැටලූව නිරාකරණය කරගෙන ජනතා ප‍්‍රසාදය ආණ්ඩුව කෙරෙහි වඩවා ගත හැක්කේ ඇතැම් කේවට්ටයන්ගේ උපදෙස් ඉල්ලීම් අනුව යෑමෙන් නොවේ. ජනවාරි 8 වෙනසට දිවි නොතකා දායක වූ ජනතාවගේ අපේක්‍ෂා ම`ගහැර නොයාමෙන් සහ ජනවාරි 8 වෙනසට ආණ්ඩුව දුන් පොරොන්දු මතක තබා ගැනීමෙන් සහ ඒවා හැකි උපරිම අයුරින් ඉටුකිරීමේන්ය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *