ඉදිරි දින කිහිපයේ දී ශිරන්ති අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වූ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම වෙත කැඳවීමට නියමිත බව අල්ලස් හෝ දූෂණවිමර්ශන කොමිසම ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය කාලයේදී රාජපක්ෂ මහත්මියගේ අනුබල ඇතිව සිදුවූයේයැයි කියන දූෂණ වංචාවලට අදාළ පරීක්ෂණ කිහිපයක් එම කොමිසම යටතේ පරීක්ෂණයට භාජනය විය. මේ වන විට එම පරීක්ෂණ කටයුතු අවසන්වෙමින් පවතින අතර, ඇයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙසේ ඇය කැඳවා ප්‍රකාශයක්ලබා ගැනීමට නියමිතව තිබේ.

විජයානි එදිරිසිංහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *