දූෂිත බැඳුම්කර ගනුදෙනු කළැයි මහ බැංකුවේ 20කට චෝදනා

බැඳුකර ගනුදෙනුවලදී මහ බැංකුවට පාඩු සිදු කරමින් ජාවාරම්කරුවන්ට සහය දුන් බව කියන නිලධාරින් විසි දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇති බව වාර්තාවෙයි. මෙම ගනුදෙනු ගැන ජුලි 20 දාට පෙර නිදහසට කරුණු දන්වන ලෙස මහ බැංකුව මෙම නිලධාරින්ට ලිඛිතව දන්වා යවා ඇත. එම ලිපිවලට පිළිතුරු දෙමින් ඇතැම් නිලධාරින් කියා ඇත්තේ තමන්ට කල් අවශ්‍යබවයි. චෝදනාවට ලක්ව ඇති ඇතැම් නිලධාරින් මහ බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තු වෙත යවා ඇත.
මහ බැංකුවේ ඇතැම් නිලධාරින් සම්බන්ධ වෙමින් බැඳුකර වංචා සිදුකොට ඇති බව හෙළිදරව් වූයේ ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාගයන් මගිනි. එලෙස හෙළි වූ තොරතුරු අනුව මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධානියකුගේ වැඩ තහනම් කිරීමට ද මේ වන විට කටයුතු කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *