ඩිලාන්ගේ කෝටි දෙසීය විස්සක වංචා ගැන පරීක්ෂණයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවී අතයේ කියන රුපියල් කෝටි දෙසීය විස්සකට අධික මුදල් වංචා සම්බන්ධයෙන් හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතාට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය පරීක්ෂණයක් අරඹ කොට ඇති බව වාර්තා වෙයි . විගණකාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති පිටු අසුවක වාර්තාවක් පදනම් කොටගෙන මෙම පරීක්ෂණය ආරම්භ කොට ඇත .

මෙම මුදල් වංචා බොහොමයක් සිදුව ඇත්තේ ඩිලාන් පෙරේරා පදනම මගින් බව කියති . මුල්‍ය අපරාධ කොට්ටාශය කඩුවෙල මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කළ බී වාර්තාවක් මගින් ඩිලාන් පෙරේරා පදනමේ මුදල් ගනුදෙනු පරීක්ෂා කිරීමට ද අවසර ගෙන ඇත .

දැනට ලැබී ඇති සාක්ෂි මත ඩිලාන් පෙරේරා මහතා අත් අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *