පළාත් පාලන මැතිවරණ ගැන කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට – ජනපති

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු අවසන්ව ඇති අතර අදාළ පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි.

රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර, අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පලාත් පාලන ආයතනවල සැලසුම් සකස් කිරීම වෙනුවෙන්17 සඳුදා කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව අමතමිනි.

ආණ්ඩුව මැතිවරණ නොපවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපවැත්වීම නොව, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක‍්‍රමිකතාවය සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *