ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත් නොවුනොත් ඒකාබද්ධයෙන් ඉවත් වෙනවා – විමල් වීරවංශ තර්ජනය කරයි. ඉවත් වෙන්නේ නෑ මහින්ද තීරණය කරයි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කොට ඇති සර්ව පාක්‍ෂික මෙහෙයුම් කමිටුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් නොවන්නේ නම් තම පක්‍යේ මන්ත‍්‍රීවරුන් පස්දෙනා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ නායකත්වයට දන්වා ඇත. එසේ වුවද එම කමිටුවට දිගටම සහභාගිවීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් රැුස් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් තීර්ණය කොට ඇත. එම කණ්ඩායමේ නායක ලෙස ක‍්‍රියාකරන දිනේශ් ගුණවර්ධන මහතාටත් කැඳවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතාටත් ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවට දිගටම සහභාගිවන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත.
ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුවේ පසුගිය රැුස්වීමේ දී බලය බෙදීමේ යොජනා සාකච්ඡුාවට ලක් වී ඇති අතර ඒවාට ඒකාබද්ධ විපක්‍ෂයේ එක`ගතාවය පළ කොට ඇත. විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස කියන්නට හදන්නේ ඒකාබද්ධ විපක්‍ෂ මේ කරන්නේ රට බෙදන ව්‍යවස්ථාවට ආධාර කිරීමක් බවයි.
කෙසේ වෙතත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට විධායක අගමැති ක‍්‍රමයක් ඇති කරන නව ව්‍යවස්ථාවකට බාදා කිරීමකට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරමින් සිටින බව දේශපාලන නිරීක්‍ෂකයෝ කියති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *