සයිටම් විරෝධය හොරු සමග හෙලූවෙන් – අනුර සූරියබණ්ඩාර

2017 ජූලි 5 නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ සයිටම් විරෝධී රැුළියක් පැවැත් විණි. සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය නමැති සංවිධානයක් විසින් සංවිධානය කර තිබුණු එහි කථිකයන් දෙදෙනෙකු වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් තිස්ස විතාරණය.
දැනටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු වන දිනේෂ් ගුණවර්ධන මෙන්ම දැනට පාර්ලිමේන්තුවෙන් විසි වී සිටින තිස්ස විතාරණ යන දෙදෙනාම ඒකාබද්ධ විපක්‍ෂය යන නමින් පෙනී සිටින, මහින්ද රාජපක්‍ෂ නැවත බලයට ගෙන ඒම පිණිස විවෘතවම කටයුතු කරන කණ්ඩායමේ ප‍්‍රබල සාමාජිකයන්ය.
සයිටම් ආයතනය ස්ථාපනය කෙරෙන්නේ මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ බව කවුරුත් දන්නා කරුණකි. සයිටම් විශ්වවිද්‍යාලය නීතිගත කිරීමේ ලියැවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අන් කිසිවකු නොව දිනේෂ් ගුණවර්ධන විසිනි. පුදුමයට කරුණ වන්නේ සයිටම් ආයතනයට අවුරුදු අටක් ගතවන විට යෝජනාව පාර්ලිමේන්තු ගත කළ දිනේෂ් ගුණවර්ධන සයිටම් විරෝධියකු බව පත්ව සිටීමය.
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මේ වන විටත් බලයේ සිටියායි සිතමු. එසේ නම් දිනේෂ් ගුණවර්ධන ඉන්නවා ඇත්තේ කොතනද? පැහැදිලිවම සයිටම් පවත්වාගෙන යායුතුය. ආරක්‍ෂා කරගත යුතුය යන ස්ථාවරයේය. සැබෑ සයිටම් විරෝධියෙකු වූයේ නම් එදින සයිටම් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් වන්නේ නැත. ඔහුගේ මේ සයිටම් විරෝධය පැහැදිලිවම යහපාලන ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේත්, රට අස්ථාවර කිරීමේත් ඒ හරහා මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ඒකාධිපති රෙජීමය නැවත බලයට ගෙන ඒමේත් උත්සාහයේම කොටසක් මිස නිදහස් අධ්‍යාපනය රැුකගැනීමේ හෝ සයිටම් අහෝසි කිරීමේ හෝ අවංකන චේතනාවෙන් යුතු එකක් නොවේ.
තිස්ස විතාරණ සම්බන්ධයෙන් ගත්තද තත්ත්වය එයමය. ඔහු මහින්ද රාජපක්‍ෂ රෙජිමයේ විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධ විෂය භාරව සිටි ආමාත්‍යවරයාය. ඔහු අද ඊයේ මැරිලා ඉපදුණා නොවේ. සයිටම් ආරම්භ කරන්නට මහින්ද රාජපක්‍ෂ කටයුතු කරද්දි ඔහු පියවි සිහියෙන් මිස උමතුවෙන් හෝ සිහි විකල්ලෙන් හෝ පසුවූ බවක් අප දන්නේ නැත. සයිටම් ආරම්භ කෙරුණේ ද ඔහුගේ ද ආශිර්වාද මධ්‍යයේය. දැන් වසර අටකට පසුව ඔහුටත් සයිටම් විරෝධයක් මතු වී තිබේ. ඔහුගේ ඒ සයිටම් විරෝධයත් ආණ්ඩුව අස්ථාවර කිරීමේත්, මහින්ද යළි බලයට ගෙන ඒමේත් ව්‍යාපාරයේම කොටසකි. එසේ නැතිව නිදහස් අධ්‍යාපනය රැුක ගැනීමේ සැබෑ වුවමනාවක් නිසා ඇති වූවක් නොවේ.
සයිටම් හේතුවෙන් නිදහස් අධ්‍යාපනයට හානියක් සිදු වන්නේ නම් එහි ආරම්භයේ සිටම ඒ අරමුණ පැවැතිය යුතුය. එසේ නම් නිදහස් අධ්‍යාපනය අභියෝගයට ලක් කරන සයිටම් ආරම්භ කරද්දී තිස්ස විතාරණගේ දෙකොන පූට්ටු වීමට හේතුවක් තිබිය යුතුය.
‘‘මේක ඓතිහාසික සටනක්. මේ සටන සයිටම් අහෝසි කිරීමෙන් නොනැවතී, සයිටම් හරහා අධ්‍යාපනය පෞද්ලිකකරණයට ආණ්ඩුව දරන උත්සාහය ව්‍යර්ථ කිරීම දක්වා ගමන් කළ යුතුයි…… මේ සටන නොනැවතී ඉදිරියට ගෙනයන්න ඒකාබද්ධ විපක්‍ෂය ලෙස අපි උපරිම සහය දෙනවා’’ තිස්ස විතාරණ නුගේගොඩ රැුළියේදී කියා තිබුණේ එසේය. (උපුටා ගැනීම 2017 ජුලි 7 ලංකාදීප*
දැන් තිස්ස විතාරණගෙන් මෙ වැනි ප‍්‍රශ්නයක් පෙරලා අසන්නට අපට පුළුවන. තිස්ස විතාරණ හිටපු ඇමතිතුමනි, සයිටම් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණයට මුල්ගල තැබුුවේ කවුද? කාගේ ආණ්ඩුව කාලයේද? සයිටම් ආරම්භ කරන කාලයේ සයිටම් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණයට උත්සාහයක් ඇත්නම් එහි ආරම්භය ඔබද සාමාජිකත්වය දැරූ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ නොවේද? එසේ නම් එයට විරෝධය පළකිරීමට නොව අඩුම තරමින් සහයෝගය නොදී සිටිමටවත් ඉදිරිපත් නොවුනේ ඇයි?
දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා රැුළිය අමතමින් කියා තිබුණේ, ‘‘මේ සටනත් අපි එදා අපේ තරුණ කාලයේ දී නායකත්වය දුන් රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන වගේම ජයග‍්‍රහණයෙන් තමයි කෙළවර කරන්නේ…. මේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර කර ගැනීමට අපේ දායකත්වය හැම විටම ලබා දෙන්න සූදානම්…..’’ ආදි වශයෙනි. (උපුටාගැනීම 2017 ජුලි 7 ලංකාදීප*
දිනේෂ් ගුණවර්ධනගෙන් ඇසිය යුතු වන්නේ, තරුණ කාලයේ රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටනට නායකත්වය දුන් ඔබ මහළු කාලයේ සයිටම් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇයි? වෛද්‍යවරුන් බිහි කිරීමේ අයිතිය තමන් අතට ගන්නට රාජිතලා, කිරිඇල්ලලා අද උත්සාහ කරන්නේ යැයි චෝදනා කරන්නට අද ඔබට සිදුව ඇතේතේ සයිටම් ආයතනය ආරම්භකරන්නට ඔබ එදා මූලික වූ නිසා නොවේද? වෛද්‍යවරුන් බිහිකිරීමේ අයිතිය ඇමතිවරුන් අතට පත්වීම සයිටම් හරහා සිදුවන්නේ නම් එදා සයිටම් ආරම්භ කරන විට විරුද්ධ නොවූයේ ඇයි?
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා ඉහත කී රැුළිය අමතමින් පවසා තිබුණේ, ‘‘අපිට මේ සයිටම් අහෝසි කිරීම සම්බන්ධයෙන් තිබෙන්නේ ප‍්‍රතිපත්තිමය කාරණාවක්. මේ ආයතනයේ ප‍්‍රමිතිය සීයට සීයක් ඇති කළත් අපි මේකට එක`ග නැහැ….’’ යනුවෙනි. (උපුටාගැනීම 2017 ජුලි 7 ලංකාදීප*
ඒකාබද්ධයත් අන්තරයත් අත්වැල් බැඳගැනීමේ අරමුණ නමැති බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනිනි. මහින්ද රාජපක්‍ෂ සයිටම් ආරම්භ කරන විට අන්තරයට හෝ ඒකාබද්ධයට ගැටලූවක් තිබුණේ නැත. ඒ එය ආරම්භ කළේ මහින්ද රාජපක්‍ෂ නිසාය. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය කුරුවල්වන බවත් සුදුසුකම් නැති වෛද්‍යවරුන් බිහිවන බවත් අන්තරයට මතක් වූයේ යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසුවය.
වෛද්‍යවරුන්ගේ සංගමයත්, වෛද්‍ය ශිෂ්‍යයනුත් මුලින්ම පැවසුවේ, සයිටම් ආයතනය ප‍්‍රමිතියෙන් තොරබව, සයිටම් සිසුනට නිසි පරිදි සයායනික පුහුණුව නොලැබෙන බව ආදි වශයෙන් එහි ගුණාත්මකභාවය පිළිබඳ කරුණු රැුසකි. ඒ සම්බන්ධයෙන් පිළිතුරු වශයෙන් රජයේ රෝහල්වලදී සයිටම් සිසුනට සායනික පුහුණුව ලබාදීමට ගත් උත්සාහයට ද වෛද්‍යවරුන්ගේ සංගමය විරුද්ධත්වය පළකළේය. අවසානයේදී ප‍්‍රශ්නය උසාවිය දක්වා පැතිර ගියේය. උසාවියේ මතය වූයේ සයිටම් සිසුනට රජයේ රෝහල්වල සායනික පුහුණුවට ඉඩ දියයුතු බවයි. ඒ තීන්දුවට වෛද්‍ය සංගමය විරුද්ධ වූයේ, සෞඛ්‍ය ඇමතිවරයා උසාවිය නොමග යවා ඇතැයි කියමිනි. දැන් අන්තරය කියන්නේ, සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය සීයට සීයක් හැදුවත් තමන් එක`ග නොවන බවයි. අතරමැද විසඳුම් නැති බවයි. ඔවුන් අපේක්‍ෂා කරන එකම විසඳුම සයිටම් අහෝසි කිරීම බවයි.
සයිටම් ප‍්‍රශ්නයේ ඉතිහාසය බලනවිට පෙනී යන්නේ, ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව නම්‍යශිලී වන තරමටම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් නම්‍යශිලී වීම වෙනුවට තම ස්ථාවරය තවතවත් දැඩි කරන බවයි. ප‍්‍රමිතියක් ඉල්ලමින් ආරම්භ කළ සටන ජනසතුකිරිමක් දක්වා දැඩි කිරීමෙන් පැහැදිලිවන සත්‍යය එයයි. දැන් සයිටම් ප‍්‍රශ්නයට ඒකාබද්ධයත් එකතුවීමෙන්, අන්තරයේත් වෛද්‍යවරුන්ගේත් අරමුණ සයිටම් ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම නොව ඒකාබද්ධයට පාර කපා දීම බව පැහැදිලිවේ.
සයිටම් ගිවිසුමේ අඩංගු කරුණු අනුව එය ජනසතු කිරීම පිළිබඳ ගැටලූවක් මතුවිය හැකි බවට මතයක්ද පවතී. ඒ අනුව, යම් හෙයකින් ආණ්ඩුව සයිටම් ආයතනය ජනසතු කරන්නට උත්සාහයක් ගත්තද එය නීතිමය ගැටලූවක් බවට පත්වන්නට පුළුවන. එවිට සිදුවනු ඇත්තේද නැවත වටයකින් ආණ්ඩුව උගුලක හිරවීමයි.
සයිටම් හේතුවෙන් වෛද්‍ය වෘත්තියේ තත්වයට හෝ නිදහස් අධ්‍යාපනයට හෝ ගැටලූවක් ඇතිවන්නේ නම් ඊට විරුද්ධ විය යුතුව තිබුණේ ආරම්භක අවස්ථාවේදීය. එසේ නොකොට, සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිධාරින් පිටවන තත්ත්වයක් දක්වා ගැටලූව මෝරා වැඩෙන තුරු අවුරුදු අටක් තිස්සේ නිහඬව සිට, හදිසියේ කරන සටන නිදහස් අධ්‍යාපනය වෙනුවන් හෝ වෛද්‍ය වෘත්තියේ ප‍්‍රමිතිය වෙනුවෙන් හෝ කරන්නක් බව පිළිගත නොහැකිය. අන්තරයේ වැඩබලන කැඳවුම්කරු දැන් කියන්නේ එකා පිට එකා මරුණත් සටන අත්හරින්නේ නැති බවයි. සයිටම් ආරම්භ කරන්නට පිඹුරුපත් සැකසූ මොහොතේ ඊට විරුද්ධ වන්නට ඔය තරම් උන්දුවක් තිබුණේ නම් අද එකාපිට එකා මැරීමක් ගැන කතා කරන්නට සිදුවන්නේ නැත.
එදා නොතිබුණු උනන්දුව අද ඇති වීමටත්, ඒකාබද්ධය ඊට හේත්තු කර ගැනීමටත් හේතු තිබිය යුතුය. අන්තරයත්, වෛද්‍ය සංගමයත් හොරු සමග හෙළුවෙන් බව අප කියන්නේ එහෙයිනි.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *