ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සටනින් ඉවත්වෙයි!

මී ළ`ග ජනාධිපතිවරණයේ දී තම අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් නායකයන් කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසි දිනක දේශපාලයට නොඑන බව ප‍්‍රකාශ කොට ඇත. මහනුවර දී මාධ්‍යවේදීන් ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ තම පවුලේ පරම්පරා තුනක් දේශපාලනය කළ ද තමන් දේශපාලනයට කිසි දිනක නොඑන බවයි.
ඒකාබද්ධ විපක්‍ෂයේ උපදේශකයකු වශයෙන් කටයුතු කරන ආචාර්ය දයාන් ජයතිලක මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා ප‍්‍රසිද්ධ ප‍්‍රචාරක ව්‍යාපාරයක යෙදී සිටියි. වෙනත් නායකයන් ද මේ බව කියා ඇති අතර අතැමුන් වහෙන් ඔරෝ භාෂාවෙන් මේ කරුණ ගැන අදහස් දක්වා තිබිණි.
කෙසේ වෙතත් තමන් හැර පවුලේ වෙනත් අයකු නායකත්වයට එනවාට මහින්ද රාජපක්‍ෂ මහතා කැමැති නැති බවද දැනගන්නට ඇත. ඒ මහතා පක්‍ෂයේ ජ්‍යේෂ්ඨයන්ට ප‍්‍රකාශ කොට ඇත්තේ ‘‘මිනිස්සු ඉලන්නෙ මාව’’ යනුවෙනි. මේ තත්ත්වය නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් ද උග‍්‍ර වී ඇති බව දැනගන්නට තිබේ. තමා දේශපාලනයට නොඑන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ ද එම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස බව වාර්තාවෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *