ලාල් විජේනායකගෙන් පුළුල් වමේ පක්ෂයක්..

එක්සත් වාමාංශික පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස පසුගිය ද සතියේ මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව වාර්තා වේ . ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටින වාම නැඹරුවක් ඇති සැමට එම පක්ෂය විවෘත බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අධිනිතිඥ ලාල් විජේනායක මහතා යුක්තියට ප‍්‍රකාශ කරන ලදී .

පැවති රාජපක්ෂ පාලනයට ගැති වූ ලංකා සමසමාජ පක්ෂය ,කොමියුනිස්ට් පක්ෂය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ වැනි පක්ෂවල නායකයින්ට එරෙහි වූ එම පක්ෂවල සාමාජිකයින් විසින් එක්සත් වාමාංශික පෙරමුණ ආරම්භ කරන ලද අතර එය වඩා පුළුල් සංයුතියක් ඇති සංවිධානයක් බවත් ,එම පක්ෂ වලට සම්බන්ධ නැති වාම නැබුරුවක් ඇති බොහෝ දෙනෙකු තම අලූත් පක්ෂය වට ඒකරාශී වී ඇතිබව විජේනායක මහතා පැවසීය .

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා එහි ජාතික සංවිධායක වරයා වන අතර මහාචාර්ය විජයකුමාර් මහතා භාණ්ඩාගාරිකවරයා ලෙසද නම් කොට ඇත . එම පක්ෂයේ සලකුණ වන්නේ රුවල් ඔරුවයි . එක්සත් වාමාංශික පෙරමුණේ සම්මේලනයක් නොබෝදිනකින් පැවෙත්වෙන බවත් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබද වැදගත් තීරණ වලට එලඹීමට නියමිත බව හා වාමාංශික නැබුරුවක් ඇති සැමට එම පක්ෂය විවෘත බවත් ලාල් විජේනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *