මහින්දට විරුද්ධව මහින්දම – අනුර සූරියබණ්ඩාර

අපේ තාත්තලා පුංචි සන්දියේ වෙසක් හෝ සොසොන් දිනයක එක් විහාරස්ථානයක සැණකෙළියක අමුතු අයිතමයක් ප‍්‍රදර්ශනය කළේලූ. එය නම්කර තිබුණේ ‘අමුතු සතා’ යනුවෙන්ලූ. එකල රුපියල් දෙකක් දී නැරඹිය යතු එම දර්ශනය බැලූ පිරිමින් සිනාසෙමින්ද කතුන් සහ තරුණියන් විළියෙන් ඇඹරෙමින් ද ආ බව කියති. හේතුව වශයෙන් සඳහන් කෙරුණේ අමුතු සතාය කියා තිබුණේ විශාල පස්සක් ඇති පුරුණයකුගේ තට්ටම් දෙක අතර හුණු ඉරක් ඇඳ ප‍්‍රදර්ශනය කිරීමය.
මෙකී සිද්ධිය හදිසියේ මගේ සිහියට නැගුණේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා උමා ඔය ගැන කියා තිබුණු කතාවක් නිසාය. ඔහු දැන් කියන්නේ උමා ඔය ඛේදවාචකයට හේතුව ද යහපාලන ආණ්ඩුවේ වරද බවයි. සපහර විට ඔහු ඉන් අදහස් කළේ ඒකාධිපති පවුල් පාලනය පරාජයකර ඒ ආණ්ඩුවේ පවු කර තබා ගැනීම යහපාලනයේ වරද බවද දන්නේ නැත.
ඇත්ත තත්ත්වය නම් මහින්දගේ පවු කප්පරකට කර ගැසීමට වත්මන් ආණ්ඩුවට සිදුව ඇති බවය. ඒ පවු අතරින් මුල් තැනට ආවේ පෝට් සිටියයි. මුද ගොඩකර චීනයට ¥පතක් තනාදෙන්නට මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය, බැසිල් කටයුතු කරන කල නියඬව සිටි සියල්ලන්ම යහපාලන ආණ්ඩුවට බලයට පත් වූ විගස පෝට් සිටි විරෝධීන් බවට පත් වූහ. පුදුමය වන්නේ පෝට්සියට මුල්ගල තැබූ මහින්ද රාජපක්‍ෂත් පෝට්සිටි  විරෝධතාකරුවන් අතර දක්නට ලැබීමය.
ඊළ“ගට ආවේ හම්බන්තොට වරාය ය. දෑවැන්ත ණය කන්දක් අධික පොලියකට රැුගෙන රට හාරා වරායක් ඉදිකරන විටත් කෝටි ගණනින් වියදම් කර පුරාජේරු ගසා එය විවෘත කරන විටත් උඩ බලා සිටි ජනතා වාදීන්ට පලදායි ආකාරයකට හම්බන්තොට වරාය යොමුකරන්නට උත්සාහ කරනවිට හදිසි දේශ ප්‍රෙමයක් මතුව ආවේය. ඔවුන් යහපාලනයට විරුද්ධව සටනට බැස්සේ නිකම්ම නොවේ මහින්දවාදින් සම`ගද අත්වැල් බැඳගෙනය.
ඊළ`ගට පැමිණියේ සයිටම් ප‍්‍රශ්නයයි. මහින්ද ගේ පාලන කාලයේ ආණ්ඩුවෙන් අති විශාල ණය මුදලක් ද ලබා දී සයිටම් ආයතනය ආරම්භ කරන විට නිහඬව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ටත්, අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ටත් අවුරුදු අටකට පසුව දැන් සයිටම් නීති විරෝධී බව මතක් වී තිබේ. මහින්ද රාජපක්‍ෂත් ඒකාබද්ධ විපක්‍ෂයත් සයිටම් විරෝධී සටනට එක්ව සිටිති. රජයේ වෛද්‍ය නිලධාරින් ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද මහින්දත් කර තබාගෙනම සයිටම් විරෝධී පෙළපාලි යති. ‘පුදුම සතා’ මහින්ද ද රජයේ වෛද්‍ය නිලධාරින් ද අන්තරය ද යන්න වැටහෙන්නේ නැත.
දැන් අලූත් ම ප‍්‍රශ්නය උමා ඔයයි. මහින්ද කියන්නේ උමා ඔය ප‍්‍රශ්නයට හේතුව, එහි ඉදිකිරීම් කටයුතු යහපාලන ආණ්ඩුව විසින් තාවකාලිකව අත්හිටුවීම බවය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙරත් බදුල්ල ප‍්‍රදේශයේ ළිංවල වතුර සිඳුණේ, ඒ ප‍්‍රදේශවල බිත්ති පිපිරුවේ යහපාලන ආණ්ඩුව බලයට පත් වී උමා ඔය කැණීම් තාවකාලිකව නැවැත්වීමට නියමිතව තිබුණු නිසාද කියා මහින්දගෙන් අහන්නට කෙනක් ඇත්තේ නැත. අඩුම වශයෙන් යහපාලනය ආණ්ඩුවේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයවත් ඒ තරමට ශක්තිමත් නැත. ඉතිං මහින්දවාදීන් හිටි පිණුම්, බඩ පිණුම්, බල්ටි ගසති. විසිල් ගසති ජනතාවටත් මුල අමතකව ඇති බැවින් අන්ද මන්දව බලා සිටිති.
උමා ඔය ජලය ලූණුගම්වෙහෙර ජලාශයට ගෙන යෑම සඳහා පළමු සැලසුම් සැකසුණේ 1991 වසරේ දී ය. එකී සැලසුම ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කළවිට පැවසුණේ, ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යාමෙන් ජනතාවගේ නිදහස් ජල අයිතිය උල්ලඝණය වන බවයි. එහෙත් මහින්දට අවශ්‍යව තිබුණේ ජනතාවගේ ජල අයිතිය සුරැුකීමට නොව තම ඊනියා සිහින රාජ්‍ය හම්බන්තොට අස්වැද්දීමටය. එහෙයින් ඒ අදහස සැලකිල්ලට ගැනුනේ නැත. අපට ඇති ප‍්‍රශ්නය හම්බන්තොටටම සැලකීම නොව හම්බන්තොටටම සැලකීමට ගොස් බදුල්ල සහරා කාන්තරයකටත් අන්ත තත්ත්වයකට පත්කිරීමය.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත‍්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලිඇල, වැලිමඩ, ඇල්ල ප‍්‍රදේශවල ජීවත්වන පවුල් 650ක ගේ නිවාස විනාශ වී ඇතුවා පමණක් නොව එම ප‍්‍රදේශවල දෑවැන්ත ජල අර්බූධයක් ද මතු වී තිබේ. ජනතාව සංවර්ධන අනාථයන් බවට පත්ව සිටිති.
උමා ඔය ව්‍යාපෘතිය මුල පටන්ම බොහෝ දෙනාගේ විරෝධයට ලක්වූවකි. එහෙත් මහින්ද ආණ්ඩුව ඒ විරෝධතා කිසිවක් ගණනකට ගත්තේ නැත. එක් අතකින් බලනවිට උමා ඔය ව්‍යාපතිය යනු රතුපස්වල පරස්පරයයි.  රතුපස්වල දී වතුර ප‍්‍රශ්නය නිසා මිනිස්සුන්ට වෙඩි කන්නට සිදු විය. උමා ඔය හේතුවෙන් මිනිස්සුන්ට නොමැරී මැරෙන්නට සිදු වී ඇත.
යහපාලන ආන්ඩුව බලයට පත්වනවිට උමාඔය තිබුණේද නවත්වන්නට නොහැකි තත්ත්වයකය. හේතුව ඒ වන විට ව්‍යාපෘතියෙන් බොහෝදුරක් ගමන් කර තිබීමය. ඊලාම් අරගලය මැද බලයට පත් වූ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස එකල කීවේ තමාට බාර දුන්නේ ආණ්ඩුවක් නොව දෙකොන ගිනිගත් විළක්කුවක් කියාය. උමා ඔය ප‍්‍රශ්නයේ දී යහපාලන ආණ්ඩුව මුහුණදුන් තත්ත්වය ද එයයි. මහින්ද සවි කළ බෝම්බය පුපුරන්නේ යහපාලන ආණ්ඩුව යටතේය. යහපාලනය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශ්‍ය පුළුල්වී තිබීම එයට හේතුවක් ලෙස පිළිගන්නට පුළුවන.
පසුගිය දිනෙක දාස හපුවලාන කාටුනයකට ඇඳ තිබුණේ ලොකු ගින්නක් සහ කුඩා ගින්නක් ඇවිලෙන අතර මහින්ද රාජපක්‍ෂ පසෙකට වී ඒ දෙස බලා සිටින ආකාරයය. ලොකු ගින්න නම් කොට තිබුණේ සයිටම් ලෙසය පොඩි ගින්න උමා ඔයයි.
ඇත්තෙන්ම සයිටම් සහ උමා ඔය යනු මහින්ද දැල්වූ ගින්දර දෙකකි. එහෙත් වත්මන් මහින්ද කරන්නේ තමන් දැල් වූ ගින්දර ඇවිලෙන ආකාරය පසෙක සිට බලා හිඳිම නොවේ. ඔහු බලතණ්හාවෙන් යුතුව ඇවිලන ගින්නට පිදුරු දමන්නට පටන්ගෙන තිබේ. උමා ඔය උතුරා ගලන ජලයේ මාළු බාන්නට ඒදාබද්ධය සූදානම්ය. දැන් මහින්ද කරන්නේ උමා ඔය ආරම්භය ගැන හෝ උමා ඔයට නිවැරදි තාක්‍ෂණය තෝරා නොගැනීම ගැන හෝ නොව උමා ඔය තාවකාලිකව නැවැත්වීම ගැනය.
උමා ඔය තාවකාලිකව නැවැත්වීමට බලපෑම් කළ අය අතර අද ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට කටයුතු කරන සමන්ත විද්‍යාරත්නද සිටි බව මතක් කළ යුතුය. උමා ඔය අද පත්ව ඇති තත්ත්වයට හේතුව තාවකාලිකව නැවැත්වීම ද නැතහොත් එය ආරම්භ කිරීමේ දී සිදුකළ වරද ද යන්න ජනතාවට පැහැදිලි කිරීමට විද්‍යාරත්නලාද අද ඉදිරිපත් වන්නේ නැත.
තාවකාලිකව අත්හිටුවන විටත් උමා ඔය ව්‍යාපෘතියෙන් 60%ක් පමණ අවසන්ව පැවති බව පැවසේ. ඉන් අදහස් වන්නේ ඉතිරිව තිබුණේ 40% යන්නයි. ජාත්‍යන්තර බැඳීම් මත ක‍්‍රියාත්මක ව්‍යෘපෘතියක් රටක තනි කැමැත්තට නැවතිය නොහැකි වීමද ගැටලූවකි. ඉරාන ණය යෝජනා ක‍්‍රමයක් ඔස්සේ ක‍්‍රියාත්මක එහි ණය ආපසු ගෙවීම වැනි ගැටලූ ද ඒ හමුවේ මතුවෙයි. එය යහපාලන ආණ්ඩුවට ම`ග සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී වැනි තත්ත්වයකි.
කවර ආකාරයෙන් ගත්තද යහපාලන ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දී ඇත්තේ මහින්දගේ ආණ්ඩුවේ වැරදි හැසිරීම් හේතුවෙන් මතු වූ විරෝධතා සහ අර්බුද රැුසකටය. මහින්ද ඇතුළු ඒකාබද්ධය උත්සාහ කරන්නේ     තමන්ම ඇවිලූ ගින්නෙන් සුරුට්ටු පත්තු කරන්නටය. ඒ බව ජනතාවට පැහැදිලි කරදී විරෝධතා සමනය කරගන්නට පමාවන තරමට අනතුරේ වැටෙන්නේ යහපාලනට ගැන විශ්වාසයක් තැබූ ජනතාවගේ බලාපොරොත්තුවය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *