පෙළපාලිවලින් ප‍්‍රදර්ශනය වෙන්නෙ වාමාංශික ළදරු වලිප්පුවයි : වාමාංශික කණ්ඩායම් හිතනව ඒක දේශපාලනය කියල – නීතිඥ එස්.ජී. පුංචිහේවා

සයිටම් ප‍්‍රශ්නයෙන් දේශපාලන වාසි බලාපොරොත්තුවන පිරිස් ඉන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරනව ඇති රතුපස්වල සිද්ධිය ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය කරන්න. එතකොට ඔවුන්ට දේශපාලන වශයෙන් වාසිගන්න පුළුවන්. රතුපස්වල සිදුවුනේ මරණ මෙපමණ සංඛ්‍යාවක් පමණයි. මේ ආණ්ඩුවෙන් මෙපමණ සංඛ්‍යාවක් මැරුණා කියල කියන්න උත්සාහ ගන්නව ඇති. එහෙම දේශපාලන උගුල්වලට හසු නොවී කටයුතු කරන්න ආණ්ඩුව උත්සාහ ගන්න බව පේනවා. ඒක නිසා හැමවිටම අවම බලය පාවිච්චි කරන බවක් පේනව. නීතිඥ එස්. ජී. පුංචිහේවා එසේ ප‍්‍රකාශ කළේ සයිටම් සිද්ධිය පිළිබඳව යුක්තිය සම`ග සාකච්ඡුාවකට එක්වෙනි.
පසුගිය දා පැමිණි සයිටම් විරෝධි පෙළපාලිය සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩවැදී එය ග‍්‍රණයට ගෙන සිටියා.   එය මැඩපැවැත්වීමට යාමේ දී ඇති වූ සිද්ධීන් ඇතැම් මාධ්‍ය මගින් විශේෂ තැනක් දී විකාශය කෙරුවා. ආණ්ඩුව විසින් මැඩ පැවැත්වීම වැරදි බව කියන්නයි ඔවුන් උත්සාහ කළේ.
රජයේ ගොඩනැගිලි හා කාර්යාල හෝ තියෙන තැනකට පිරිසක් කඩා වැදිලා හානි කරනකොට මොකක්ද කළ යුත්තේ? පොලීසිය නිකම් බලාසිටිය යුතුද? එතනදි පොලීසිය ඉවසීමෙන් තත්ත්වය පාලනය කරන්න උත්සාහ කළා. එහෙත් යම් කිසි අවස්ථාවකට වර්ධනය වුණාම තත්ත්වය පාළනය කෙරන්න සිදුවුනා.  බැටන් ප‍්‍රහාරයකටත් නොයා පොලීසිය කඳුළු ගැස්, ජල පහාරවලට සීමා වී කටයුතු කරන්න උත්සාහ කළා. රතුපස්වල වගේ වෙඩි තැබීම් සිදුකළේ නැහැ. එහිදී දුවයෑමේ දී තුවාල වීම් සිදුවීම් වුණා. මේ වැනි අවස්ථාවක ආරක්‍ෂාක අංශ නිකම් ඉන්න  ඕනැද? එහෙම කරන එක වැරදියි කියලද කියන්නෙ. ඒ කියන්නෙ මේ ගොල්ලන්ට  ඕනෑම රජයේ දෙපාර්ථමේන්තුවකට,  ඕනෑම තැනකට කඩා වැදිලා විනාශ කිරීමට ඉඩදිය යුතුද?
වාමාංසික දේශපාලකයෝ, විශ්විද්‍යාල සිසුන් මෙහෙයවන අන්තරේ දේශපාලනයේ වැරදි මාර්ගයක යන්නෙ. ඒක දේශපාලන පක්‍ෂවල උවමානාවට කරන දෙයක් මිස අරමුණක්, විප්ලවයක් සඳහා යන ගමනක් නෙමේ. විප්ලවයක් නිර්මාණය වෙන්නෙ නිර්මාණත්මකවයි. හදිසියේ කඩාවැදිලා කරන හැ`ගීම් කුලප්පු කරන ක‍්‍රියාවන් නෙමෙයි.
විශ්වවිද්‍යාල සිසුන් කියන්නේ ‘අපට වීදි නොබැස බෑ. ඒවාට එක් නොවී කැම්පස් එකේ පවතින්න බෑ. කියලයි. ඒ දේශපාලන පක්‍ෂ හරහා විශ්වවිද්‍යාල තුළ කෙනෙ ක‍්‍රියාකරම් නිසා.
ළමුන් ඒවායින් මුදවා ගන්න විශ්වවිද්‍යාල තුළ වැඩ පිළිවෙලක් ඇති කළ යුතුයි. සිසුන් බලහත්කාරයෙන් මේවාට යොමුකරවන පිරිස් හඳුනාගත යුතුයි. හඳුනාගෙන ඔවුන් එම මාර්ග වලින් මුදවා ගැනීමට ක‍්‍රියාමාර්ග යෙදිය යුතුයි. එතකොට සිසුන් මර්ධනය කරනවා යැයි චෝදනාවක් එන්න පුළුවන්. එහෙම නොවෙයි ඒක කළයුත්තේ ළමයි බේරා ගැනීම පිණිසයි. ඒ පිළිබඳ අවබෝධයක් දිය යුතුයි.
මේ ළමයින් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය හමාර කරල රැුකියාවකට යන්න තියන ඉඩ මේ වැඩ නිසා අවුරුදු කීපයක් පස්සට යනව. ඒ විතරක් නෙමෙයි විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න ඉන්න ළමයින්ගෙ කාලයත් අවුරුදු ගණනක් පැහැර ගැනීමක් තමයි වෙන්නෙ.
අනික මහජන දේපල කඩා බිඳ දැම්මාම වන්දි ගෙවන්න වෙන්නෙ ජනතාවට. 71 දිත්, 88/89 කරන ලද විනාශවල සියලූම වන්දි ගෙව්වෙ මහජනතාව. අලූතින් ඉස්කෝල හදන්න තියෙන මුදලින් තමයි, කඩලා දාපු ඉස්කෝල නැවත හදන්න වෙන්නෙ. ජනතාවගෙ මුදලින් ගත්ත බස් රථ විනාශ කරල දමා මහජනතාවට ඒ බර පැටවීම අයිති මොන දේශපාලනයටද? මේ විනාශකාරී කටයුතු මාක්ස්වාදී දේශපාලයට අයිති නෑ.
එහෙත් විප්ලවයක දි එවැනි දේවල් සිදුවෙනව නේද? රජය අසීරුතාවයකට පත්කරන්න. රජයේ ආර්ථිකය කඩාබිඳ දාන්න, රජයට ජනජීවිතය නඩත්තු කරන්න බැරිබව සනාථ කරන්න විප්ලවවාදීන් එවැනි හානි පමුණනව නේද?
1917 දී විප්ලව සිදුවෙන විට විප්ලවවාදීන්ට එහෙම කරන්න උවමනාවෙලා තිබුන. විප්ලවවාදීන්ට ඒ රාජ්‍ය යටපත් කරන්න වෙන ක‍්‍රමයක් තිබුණෙ නැහැ. දැන් ඊට පසු අවුරුදු සිය ගණන් පසු වෙලා ඒ ක‍්‍රමය වෙනස් වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුක‍්‍රම ඇතුළෙ ඒ ක‍්‍රම ඒ විදිහටම භාවිතා කරන්න බෑ. අද පියවරෙන් පියවර එන ක‍්‍රමයක්  ඕනැ භාවිතා කරන්න. මේ වගේ ජනප‍්‍රිය ක‍්‍රියා කරල, දේශපාලන පක්‍ෂ ජනප‍්‍රිය කරගැනිමේ ක‍්‍රම තුළින් විප්ලවයක් ගොඩ නගන්න බැහැ.
එදා නවීන ආයුධ වලින් සන්නද්ධ රාජ්‍ය නොතිබුණ සමයකයි ඒ රටවල යුද්ධයක් ඇති වුණේ. අද ගෝලීය ධනවාදයත්, ගොලීය යුධ ශක්තියත් එක කඳවුරකට ගොනු වෙලා තියෙද්දි විප්ලවයක් දියත්කළ හැකිද?
අද කොහොමත් විප්ලවයක් දියත් කරන්න බැහැ. ඔබ කිව්වා වගේ ම අද ජාතික වශයෙන් මෙන්ම, ජාත්‍යන්තර වශයෙන් ද මෙවන් නැගිටීම් මර්ධනය කරන්න සූදානම් වෙලා ඉන්නව. ඒක එක ක්‍ෂණයකින් කළ හැකියි. ලෝකෙ කිසිමරටක ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලනයක් පෙරළන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ රට ආරක්‍ෂා කරන්න ලෝකේ අනිත් රටවල් උදව් දෙනව.
මහජනතාව තුළින් මහජනතාවගෙ අවබෝධයක් ඇතිව තමයි දේශපාලය කළ යුත්තේ. අද පැරණි ක‍්‍රම අත්හදා බැලීම් කළ නොහැකි දෙයක්. මොවුන් මේ ක‍්‍රම අත්හදා බලමින් ඉඳලා එවන් මානසිකත්වයමකයි යම් දිනයක කුමන හෝ රැුකියාවකට යන්නේ. නැත්නම් ගුරුවරයෙක් වුණත්, පරිපාලනයට ගියත් එවැනි මානසික තත්ත්වයකින්මයි කටයුතු කරන්නේ. ඒ හානිය මතුවට රටට වන විශාල හානියක්. ඒ වගේම විශ්වවිද්‍යාල තුළ දැන් ඔය ක‍්‍රියාකාරකම්වල යෙදෙන කට්ටියම තමයි අලූතෙන් එන අයට රැුග් කරන්නෙ. මේ ව්‍යාපාරවල ඉන්න අනුන් තලා පෙලෙන මිනිසුන්, සමාජයට ගිය පසුත් හැසිරෙන්නේ මනුස්සයො තලා පෙලන ආකාරයටමයි. ඒ පිරිසට එම මානසික තත්ත්වයෙන් මිදෙන්න බැහැ. මොවුන් අදත් කරන්නෙ රටට හානියක්, අනාගතයේ සමාජයට ඇවිල්ලත් කරන්නේ විශාල හානියක්. මේවා නීතියක් ගෙනල්ල හදන්න පුලූවන් ඒවා නෙමෙයි.
පෙනෙන හානියට වැඩිය නොපෙනෙන හානිය ඉතා විශාලයි. අමාත්‍යංශවලට කරන භෞතික හානියට වැඩිය අනාගතයේ දි මොවුන් රටට කරන්නේ විශාල හානියක්.  සිසුන් විනයක් ඇති පිරිසක් විදිහට සමාජයට නොයෑමෙන් වන හානිය විශාලයි. විද්‍යාර්ථයින් හැටියට එළියට ගියත් ඒ යන්නේ අමනුෂ්‍යයෙක් හැටියටයි. හැම විශ්වවිද්‍යාලයකම ඔය තත්ත්වය තියනව. එය හානිකරයි.  ඒ හානියේ මූලික ලක්‍ෂණයි දැන් ඔය පෙන්නුම් කරන්නෙ. ඒවා කිසිසේත් අනුමත කළ නොහැකි දේවල්.
ආණ්ඩුව මේ සිදුවීම් මලාවේදී ඉවසීමෙන් කටයුතු කරන බව පේනවා. මේ සිද්ධියේ දී ආණ්ඩුව මීට වඩා තදින් ක‍්‍රියා කළ යුතුයි. සමහර විට ආණ්ඩුව උපදෙස් දීලා ඇති තදින් ක‍්‍රියාකරන්න එපා කියල. දේශපාලන වාසි බලාපොරොත්තුවන පිරිස් ඉන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරනව ඇති රතුපස්වල සිද්ධීන් ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය කරන්න. එතකොට ඔවුන්ට දේශපාලන වශයෙන් වාසිගන්න පුළුවන්. රතුපස්වල සිදුවුනේ මරණ මෙපමණ සංඛ්‍යාවක් පමණයි. මේ ආණ්ඩුවෙන් මෙපමණ මැරුණා කියල කියන්න උත්සාහ ගන්නව ඇති. එහෙම දේශපාලන උගුල්වලට හසු නොවී කරයුතු කරන්න ආණ්ඩුව උත්සාහ කරන බව පේනවා. ඒක නිසා හැමවිටම අවම බලය පාවිච්චි කරන බවක් පේනව. අනික පෙළපාලි යෑමට සූදානම් වන අවස්ථාවේම එය නතර කරනවා නම් හොඳයි. එය උච්චතම අවස්ථාවට පැමිණිවිට නවත්වන්න ගියාම ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනව. මේ තත්ත්වය මෙහෙම දිගටම ගියොත් එය පාලනනය කිරීම මහජනයා අතට ගන්න පුලූවන් එහෙම උනොත් කොහෙන් කෙළවරවෙයිද කියන්න බැහැ. එහෙම තත්ත්වයක් රටකට හොඳ දෙයක් නෙවෙයි. ඊට ප‍්‍රථම පාළනයක් මර්ධනයක් අවශ්‍යයි.
මෙයින් පෙන්නුම් කරන්නේ වාමාංශික බලවේගවල යම් ශක්තියක් තිබෙන බව නෙමෙයිද?
ඔය පෙන්වන්නේ වාමාංශික ළදරු වලිප්පුවයි. එය ප‍්‍රදර්ශනය කිරීම දේශපාලනය කියල වාමාංශික කණ්ඩායම් හිතනව. වාමාංශිකයින් කියන කණ්ඩායම් මෙය මාක්ස්වවාදය කියල හිතනව ඇති. එයාල මාක්ස් වාදය කියල හිතාන ඉන්නෙ රැුවුලයි රතු කමිසයයි වගේ දේවල්. තවමත් මාක්ස්වාදය ගැන හරි අධ්‍යයනයක් අපේ රටේ නැහැ.
මේ සියවසේ ඇරඹුමත් සම`ග බටහිර රටවල් මාක්ස්වාදයට නැඹුරුවන බවක් අසන්නට ලැබෙනවා. ඒ ගැන යමක් කියනව නම්.
නැඹුරුවකුත් තියනව. ඊට වඩා විශාල අධ්‍යයනයක් තියෙනව. ඔවුන්ගේ අධ්‍යයනයන් අන්තර්ජාලයට මුදා හැර තියනව. මමත් බි‍්‍රතාන්‍ය හා කැනඩා අධ්‍යයනයන් දෙකක් බාගත කරගෙන කියවමිනුයි ඉන්නෙ. බි‍්‍රතාන්‍ය, නවසීලන්තය, කැනඩාව, ස්විසර්ල්ලන්තය හා  ජපානය පවා මාක්ස්වාදය අධ්‍යයනය කරමින් ඉන්නව.
එයට හේතුව යුරෝපය විසින් දියත් කරන ලද ධනවාදි, ලිබරල්, නව ලිබරල් වැනි ආර්ථික අසාර්ථක වීමද?
ඔව්. ඔවුන් විසින් ගෙනා ආර්ථික ක‍්‍රම දිගුකල් පැවතුනේ නැහැ. අසාර්ථක වුනා. ඔවුන් දැන් අධ්‍යයනයන් කරමින් ඉන්නේ ඔවුන්ගේ අර්ථ ක‍්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කිරීමටද කියන්න දන්නෑ. අපිට පෙනෙන විදිහට විසඳුම තියෙන්නෙ මාක්ස්වාදය තුළයි.
විසඳුම තියෙන්නෙ මාක්ස්වාදය තුළ නම් එය ප‍්‍රචලිත නොවුනේ ඇයි?
ලංකාවෙ මාක්ස්වාදය ප‍්‍රචලිත වුනේ නැහැ. ටික දෙනෙකු තුළ පමණක් මාක්ස්වාදය කියල දෘෂ්ටිවාදයකුයි තියෙන්නෙ. මාක්ස්වාදය කියන්නේ විද්‍යාත්මකව මේ ලෝකය දිහා බලපු දර්ශනයක්. එයින් අධ්‍යයනය කරන්නේ එහි විගටනාත්මක භාවය කොහොමද සමාජය තුළ ක‍්‍රියාත්මක වෙන්නේ කියලයි.
ලංකාවෙ මාක්ස්වාදය කියන්නෙ ප‍්‍රචණ්ඩවාදයටයි කියල මම කිව්වොත්. ඔවුන් කතාකරන්නෙ බුද්ධියට නෙමෙයි හැ`ගීමට නේද?
රුසියාවෙ වුනත් විප්ලවය වුන වෙලාවෙ මහජනයා හිටියෙ නොදියුණු තත්ත්වයකයි. අකුරු කියවන්නවත් නොදන්න පිරිසකුයි හිටියෙ. චීන වුනත් එහෙමයි ලංකාවෙ දැන් තිබෙන පමණටවත් දියුණු තත්ත්වයක එයාලා හිටියෙ නැහැ. සාක්‍ෂරතාවය නොදියුණු මට්ටමකයි හිටියෙ. ලංකාවෙ සාක්‍ෂරතාවය ඒ අතින් දියුණුයි. එහි වාසිය ලංකාවෙ මාක්ස්වාදි පක්‍ෂවලින් ගන්නෙ නැහැ. ලංකාවෙ ඒ ගැන පර්යේෂණයක් කෙරුනෙ නැහැ. එන්. එම්., දොස්තර වික‍්‍රමසිංහ, ආදීන්ට මේ පිළිබඳ අදහස තිබුණ.  ඒ ගොල්ල කොහොමද එය එක් තැනකට යොමු කරගන්නෙ කියල පර්යේෂණ කෙරුවෙ නැහැ. ට්‍රොස්කිවාදය හා ස්ටලින්වාදය තමයි ලංකාවෙ මාක්ස්වාදය හැටියට ගෙනිච්චෙ. ඒක ලංකාවේ මාක්ස්වාදය නොදියුණු වෙන්න එක හේතුවක්. ඒ දෙකෙන්ම මිදිලා මේකෙ සැබෑ අර්ථය සෙවිය යුතුයි. එංගල්ස් තමයි. මෙහි හරය ගෙනාවෙ. මාක්ස්ගෙ දාස්කැපිටල් එක සාමාන්‍ය කෙනෙකුට කියවගන්න බැහැ. එය සංකීර්ණයි.
ධනවාදය ශ‍්‍රමය සූරාකන්නෙ කොහොමද? අධිරාජ්‍ය බිහිවෙන්නෙ කොහොමද? මෙයාලට පවතින්න ශ‍්‍රමිකයන්, කම්කරුවන් අවශ්‍ය ඇයි? එතනින් කොහොමද සූරාකෑම මතුවන්නෙ? මේ දෙගොල්ල අතර ගැටුම නිර්මාණය වෙන්නෙ කොහොමද සොයා බැලීය යුතුයි. එය තීව්ර කළ යුතුයි.
ශ‍්‍රමය කියන එක එයාල ගත්තේ භූමිය, ශ‍්‍රමය වැනි තවත් එක සාධකයක් විදිහටයි. ශ‍්‍රමය ලැබෙන්නෙ මනුස්සයාගෙන්. මනුස්සයා එහෙම ශ‍්‍රමයට වැටුපක් දිලා පැත්තකට කරන්න පුළුවන් සාධකයක් නෙමේ. සමස්ථ නිෂ්පාදනයේ ප‍්‍රථිඵල ටික දෙනෙක් බුක්ති විඳිනව. මාක්ස් පෙන්නල දුන්නෙ එයයි. මේ පෙන්වා දීම නිසා මිනිසුන් විශාල කොටසක් අයින් කෙරුව. මනුෂ්‍යත්වයෙන් ඒ ගොල්ල බැහැර කරනව. ඒ ගොල්ල මේ ව්‍යාපාරයේ අයිතිකරුවන් නෙමෙයි. ශ‍්‍රමයට වැටුප් ලබල අයින් වෙන්න  ඕන. එතන මනුස්සකමක් නැහැ. මනුස්සකමක් නැතිව මේ ලෝකේ කිසිම සංවර්ධනයක් ගෙනියන්න බැහැ. ධනවාදය විසින් ශ‍්‍රමිකයන් නොතකා සංවර්ධනය කරගෙන යනව. මනුස්සයන් සංවර්ධනයයි ලෝකේමූලික විය යුත්තේ.
ආගමික සංස්ථාව මේ ධනවාදි ව්‍යපාරිකයන් රැුකීමේ පැත්තෙ ඉන්නව. ප‍්‍රග්ධන හිමියන්ට වස්තුව ලැබෙන්නෙ පින නිසා බවයි ඔවුන් කියන්නෙ. ආගමික දර්ශනවල එහෙම කියන්නෙ නැහැ. දහමත් ධනවාදය පැවැත්මට යොදාගන්නවා. ඒක නිසා තමයි ආගම අබිං කියල කිව්වෙ.
අද මාක්ස්වාදය වැනි න්‍යායක් අපේ රට තුළ ව්‍යාප්ත කරන්න පුලූවන්ද? අද මිනිසුන් දියුණුව යයි කියා ආශාවන් පසුපස හඹායන්න හුරුවෙලා. තාක්‍ෂණයත් සමග සංස්කෘතිය විෂම වෙලා. ළමා කාලයේ සිටම හුරුකරන්නේ එකිනෙකා පරයා ඉහළට යාමටයි. ඒ නිසයි මම එහෙම අහන්නෙ?
සාධාරණ ප‍්‍රශ්නයක්. ධනවාදි සංස්කෘතියත් නිර්මාණය වෙන්නෙ ඒ ක‍්‍රමයටම අනුගත වෙච්ච මිනිහෙක් නිර්මාණය කිරීමටයි. මිනිසා යන්ත‍්‍රයක් පමණයි මේ ක‍්‍රමය තුළ. ඔහුගේ මොළය ඉතාම දියුණු වෙන්න පුළුවන්. යම් විෂයක් අධ්‍යයනය කරල එයින් දැනුමක් තියෙන්න පුළුවන්. ඔහුට එයට ඉහළ වැටුපක් ලැබෙන්න පුළුවන්. ඔහු එයින් එහා හිතන්නෙ නැහැ. එයා මේ තියෙන ක‍්‍රමයේ තත්ත්වයට එයාගෙ ජීවිතය හැඩගසා ගන්නව. එයත් ප‍්‍රමාණවත් නැත්නම් ඔහුට වෙන රටක ඉල්ලූමක් තිබෙනව. මෙහෙ මිනිස්සු හදල දුන්නම එහෙ ප‍්‍රයෝජන ගන්නව. එයත් විශාල සූරාකෑමක් එක අතකින් බලපුවාම. ඔය පවතින තත්ත්වය යටතේ මාක්ස්වාදි න්‍යායක් ගෙන්න හරි අමාරුයි. එහෙම කියල මේකෙන් බැහැරවෙන්න බැහැ.
කොච්චර දුරට මිනිහා වෙනස් වුනත් මිනිහා තුළ මනුෂ්‍යත්වය කියන එක තියෙනව. ඒක ස්වාභිවික විපත් අවස්ථාවන් වලදී මිනිසුන් තුළින් එළියට එන බව පෙනුනා. නමුත් ඒක ටික වෙලාවකදි නැති වෙන්න පුලූවන්. ඒ මනුස්සයට පවතින්න සමාජයේ ඉඩ නැහැ. එය නිර්මාණය කළ යුතුයි. එය හරි අමාරුයි. එය පටන් ගත යුතුයි. ඒක ඇති කළ යුතුයි. එය පැවතිය යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *