තුන්වන තෝරාගැනීමක් නැත – දෙකෙන් එකක් තෝරාගන්න – යහපාලනය සදහා පුරවැසියෝ

අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දේශපාලන වැදගත්කම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, සංහිඳියාව සහ යහපාලනය ගරුකරන ඡුන්දදායකයින් මෙන්ම දේශපාලන බලවේග හොඳින් අවබෝධකරගෙන සිටිති.
මේ මැතිවරණයේ දී තෝරාගැනීම සඳහා ඡුන්දදායකයින් සහ දේශපාලන බලවේග  ඉදිරියේ ඇති විකල්පය ඉතා පැහැදිලි ය. ජනවාරි 08වෙනිදා ලබාගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ජයග‍්‍රහණය  ඉදිරියට ගෙනයනවා ද, නැතිනම් රාජපක්ෂ යුගයට ආපසුසට යනවා ද යන තෝරාගැනීම අප සියලූදෙනා විසින්  කළ යුතුව තිබේ.  එය අප රටේ ඉදිරි ගමන සහ  පසු ගමන යන එකිනෙකට විරුද්ධ දේශපාලන ගමන් මගවල් දෙකෙන් එකක් තෝරාගැනීමක් ද වේ.

මේ තෝරා ගැනීමේ දී, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, සාමයේ, සංහිඳියාවේ සහ යහපාලනයේ අරමුණුවලට  කැපවී සිටින කිසිදු පුරවැසියෙකුට, තුන්වෙනි තෝරාගැනීමක් නැත. තුන්වැනි තෝරාගැනීමක් කරා යෑම, රාජපක්ෂ පාලනයට ආපසු ඒමට ඉඩසළසන දේශපාලන වශයෙන් අ¥රදර්ශි පියවරක් විය හැකි ය.  ජනවාරි 08වෙනිදා සිදුවූ නිහඬ විප්ලවයේ සක‍්‍රිය කොටස්කරුවෙකු වූ ජනතා විමුක්ති පෙරමුණ මේ අනතුර ගැන ප‍්‍රමාණවත්  සංවේදිතාවයකින් නොසිටීම කණගාටුවට කරුණකි.

තීරණාත්මක දේශපාලන අරගලවල දී  බොහෝවිට සිදුවන්නේ,  අපේ තෝරාගැනීම විකල්ප දෙකකින් එකක් බවට ලඝුවීම ය. 2015 අගොස්තු 17වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ ඇත්තේ ජනවාරි 08 වෙනිදා සිදුවූ නිහඬ විප්ලවය ඉදිරියට ගෙනගොස් දේශපාලන වශයෙන් මල්පල ගන්නනවාද නැද්ද යන විකල්පයයි. මේ අභියෝගය ගැන  ජනතා විමුක්ති පෙරමුණත්, එහි හිතවතුන්, ආධාරකරුවන් සහ ඡුන්දදායකයිනුත්  බැ?රුම් ලෙස සිතාබලනු ඇත යනු අපගේ විශ්වාසයයි.

ජනවාරි 08වෙනිදා සිදු වූ නිහඬ විප්ලවය පාවාදීමට වක‍්‍රලෙස  හෝ දායකවීමට  එහි කොටස්කරුවන් වූ කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අපි අවධාරණය කරමු.  අද අප ඉදිරියේ ඇති ඓතිහාසික වගකීම වන්නේ,රාජපක්ෂ පවුල නායකත්වය දෙන  එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත‍්‍රික් මට්ටමෙන් සහ ජාතික මට්ටමෙන්  ලබාගන්නා ආසන සංඛ්‍යාව  හැකිතාක් අඩුකරන ලෙසින් ඡුන්දය පාවිච්චි කිරීමයි.  දිස්ත‍්‍රික් මට්ටමින් හෝ ජාතික මට්ටමින් හෝ රාජපක්ෂ සන්ධානයට  වක‍්‍රාකාරයෙන් හෝ වාසිවෙන පරිදි  සිය වටිනා ඡුන්දය පාවිච්චි නොකරන්න යැයි, ජනවාරි 08වෙනිදා  නිහඬ විප්ලවයේ පාර්ශවකරුවන් වූත්, එහි පාර්ශවකරුවන් වීමට  අලූතෙන් තීරණයකර සිටින්නාවූත්  සියලූ ඡුන්දදායකයින්ට අපි ආයාචනා කරමු.

යහපාලනය සඳහා වූ පුරවැසියෝ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *