විධායක ජනාධිපති ධුරය රැක ගැනීමට රතන හිමි මෙහෙයුමක !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට තමන් වහන්සේ අකමැති බව අද (6) පැවති මාධ්‍ය හමුවක දී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කොට ඇත .

විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළත්, එසේ  කී  පමණින් එය කළ නොහැකි බවත් ,විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුකට යා යුතු බව කී රතන හිමියෝ ජනමත විමසුකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බව ජනාධිපතිවරයා තම මැතිවරණ ප්‍රකාශනය ඔස්සේ පොරොන්දු වී ඇති බව ද සිහිපත් කළහ”.

මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්  ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇත්තේ විධායක ජනාධිපතිධුරය අහෝසි කර ඒ වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් හදුන්වා  දීමට  පොරොන්දු වන බවයි .  දේශපාලන වේදිකාවේ  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පලකල රතන හිමියන්ට දැන් එය අමතක වී ඇත . වත්මන් ජනපති සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වන උන්වහන්සේට එසේ අමතක වීමද ගැටලුවකි . එම ස්ථාවරය ජනපතිතුමාගේ ස්ථාවරය නොවේ යයි අප සිතමු . මාදුළුවාවේ සෝභිත හිමියන් අපේක්ෂා කල සාදාරණ සමාජය මේ ආකාරයට නිර්මාණය කිරීමට නොහැකි බව අප දනිමු . එය ඔබ වහන්සේගේ මතය වුවාට  රටේ සමස්ත  මහජනතාවගේ මතය එය නොවන බව අප දනිමු . අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කොට ජනමත විචාරණයකට ඉදිරිපත්කල පසු එය රටට අවශ්‍ය ද අනවශ්‍යද යන්න මහජනතාව තීරණය කරණු ඇත .  එතෙක් අප ඉවසිලිවන්තව බලා සිටිමු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *