අධිකරණය එක් පාර්ශ්වයකට ඇහුම්කන් දී නියෝග දී‍මෙන් රටේ ප්‍රශ්න වැඩිවෙනවා – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කියයි

කැලි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බැවින් අධිකරණය එක් පාර්ශ්වයකට පමණක් ඇහුම්කන් දී නියෝග දී‍මෙන් රටේ ප්‍රශ්න වැඩිවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (5) පැවැසීය.

කසළ ප්‍රශ්නය රටට විශාල ගැටලුවක් බවට පත්ව ඇති බැවින් සියලු පාර්ශ්ව හා කණ්ඩායම් කැඳවා තීන්දු තීරණ දීම වැදගත් බවත් මුතුරාජවෙලට කැලි කසළ බැහැර කිරීම තහනම් කිරීමට එරෙහිව ඉදිරි දිනයක දී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා පැවැසීය.

මුතුරාජවෙලට කසළ බැහැර කිරීම වළක්වමින් අධිකරණය ඊයේ (5) නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් ක‍ළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

‘උසාවිවලට වගකීමක් තිබෙනවා, කරුණු සොයා බලා තීන්දු දීමට. කසළ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක්. සියලු කණ්ඩායම් කැඳවා කරුණු විමසා තීන්දු තීරණ ලබාදීම සිදුවිය යුතුයි. මෙහෙම තහනම් නියෝග දෙන්න ගියොත් රටපුරා ලෙඩ රෝග පැතිරේවි.

කසළ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුබාෂිණි සේනානායක

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *