පසුගිය ආණ්ඩුව කාලේ රටේ තිබුනෙ භීෂණයක් දැන් පමණටත් වඩා මාධ්‍ය නිදහස ලැබිල තියෙනව – නීතිඥ එස්.ජී. පුංචිහේවා

ජනමාධ්‍ය නිදහසට පසුගිය ආණ්ඩුව කාලේ බරපතල තර්ජන තිබුණා. එදා ප‍්‍රවෘත්ති වාරණය  නොකළත් ජනමාධ්‍යවේදින්ගේ ජීවිතවලට තර්ජන තිබුණා. එදා සහ අද තත්ත්වයේ වෙනසක් තියනවද?
පසුගිය ආණ්ඩුව කාලේ රටේ තිබුනෙ භීෂණ සමයක් කියල හ\ුන්වන්න පුළුවන්. ඒ කාලේ ජනමාද්‍ය වේදින්ට යම් කිසි කරුණක් ඔස්සේ ගවේෂණයක් කරල ගවේෂණාත්මක ලිපි සැපයීමේ හෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණෙ නැහැ.
එකල ආණ්ඩුවට ගැන හොඳ පමණක් ලියන්න නිදහස තිබුණ. එහෙත් ආණ්ඩුව විවේචනය වෙනවා නම්, ආණ්ඩුව කරවන අය විවේචනය කරනව නම් විරෝධතාවයක් තිබුණ. ඒක හුදු විරෝධතාවයක් නෙමෙයි.  ඒක ජීවිත තර්ජනය දක්වා වර්ධනය වුණ එකක්. ඒකට උදාහරණ  ඕන තරම් තියනව.
පසුගිය ආණ්ඩුව විවේචනය කරන්න මාධ්‍යවේදින් හු`ගක් නිර්භීත වෙන්න අවශ්‍යව තිබුණා. මාධ්‍ය වේදින්ට තම හෘද සාක්‍ෂිය අනුව තමන් යුක්තිය කියල හිතන දේ අනුව ක‍්‍රියාකාරන්න ඉඩක් තිබුණෙ නැහැ. එම ඉඩ නොතිබුණ නිසා ඇති වූ සිද්ධි මාලාව ඉතා ප‍්‍රසිද්ධයි. දැන් ඒ තත්ත්වය නැහැ. දැන් ඒ තත්ත්වය පමණටත් වඩා ලිහිල් වෙලා කියලයි මට හිතෙන්නේ. ඒ නිසා  ඕන දෙයක් ලියන්න, කියන්න.  ඕන විදිහකට ප‍්‍රවෘත්ති හරවලා ප‍්‍රකාශ කරන්න, මාධ්‍ය  ඕන විදිහකට හසුරවල ආණ්ඩුවෙ ජනප‍්‍රිය භාවය අඩු කරන විදිහට ක‍්‍රියාකරන්න දැන් හු`ගක් ඉඩ තියෙනව. නිදහසත් තියෙනව.
ඒ කියන්නේ අද මාධ්‍ය නිදහස අයුතු විදිහට ප‍්‍රයෝජන ගන්නව කියලද?
මේ තියෙන මාධ්‍ය නිදහස අවශ්‍ය වෙන්නෙ වගකීමක් දරන, රටේ තීන්දු තීරන ගැන හරි අවබෝධයකින් ඉන්න මාධ්‍යවේදින්ට.
ආණ්ඩුව ජනමාධ්‍ය කොමිසමක් ගෙනඒමේ සූදානමක් තියන බව අහන්න ලැබෙනව. එය අවශ්‍ය දෙයක් ද? රටක ජනමාධ්‍ය නිදහසට එය බාධාවක් ද?
නියාමන කොමිසමෙන් මොකක්ද කරන්නෙ කියන එක බලන්න  ඕනෙ. ආණ්ඩුවට විරුද්ධ හැම ප‍්‍රවෘත්තියක්ම වාරණය කිරීමට වෙන සූදානමක් ද කියල බලන්න  ඕනැ.  ඒ විදිහෙ නියාමන කොමිසමක් ගේන්න හදනව නම් ඒක නියාමන කොමිසමක් නෙමේ. ඒකත් පහු ගිය කාලේ තිබුණ මර්ධනයේම ඊට මෘදු ක‍්‍රමයක්. එැවිනි එකක් මාධ්‍යයට තිබියයුතු නැහැ. මේ ආණ්ඩුව විවේචනය කිරීමෙන් අනෙක් පිළට බලය යනව කියල නියාමනය කරනව නම් ඒක වැරදියි. එහෙම නියාමනයක් අවශ්‍ය නැහැ. මාධ්‍යවේදින් ඒක පෙන්වා දීම අවශ්‍යයි.
ඒ වගේම ඇතැම් මාධ්‍යවේදින්ට කලින් තිබුණ ආණ්ඩුව බලයට ගෙන ඒමේ අදහසකින් මේ ආණ්ඩුව අත්තනෝමතික ලෙස විවේචනය කරන්න අවශ්‍ය නිසා නියාමනයක් අවශ්‍ය නැහැ කියනව නම් ඒකත් වැරදියි.
ඒ කියන්නෙ යම් ප‍්‍රමාණයක හෝ නියාමනයක් අවශ්‍යයි කියන එකද?
ආණ්ඩුව පැවැත්ම පමණක් අපේක්‍ෂාවෙන් මාධ්‍ය නියාමනයක් කරන්න හදනව නම් ඒක වැරදියි. නියාමනය කරන ඒක ඊට වඩා පුලූල් විදිහකට කළ හැකියි. මේ පිළිබඳව රටපුරා ප‍්‍රචලිත කරල ජනතාවගෙන් අදහස් ලබාගත යුතුයි. මොන විදිහෙ දෙයක්ද මාධ්‍ය පැත්තෙන් වෙන්න  ඕන. මාධ්‍යකරුවන් මොන විදිහෙ පුවත් ද ගේන්න  ඕන. රටේ දේශපාලන තත්ත්වය කොයිවිදියද? පවතින ආණ්ඩුව අන්තිමම නරකද? සාපේක්‍ෂව බැලූවොත් කලින් තිබුණ ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව නරකම ද? එහෙම නරකම නම් ජනතාවට කියන්න  ඕන නරක ඇයි කියන එක. දැන්කරන්නෙ නරක ඇයි කියන එක නෙමෙයි. වෙනත් ආණ්ඩුවක් බලයට පත් කිරීමේ ඉඩකඩ නිර්මාණය කිරීමයි. ආණ්ඩුවත් තමන්ගේ දුර්වල කම් ප‍්‍රදර්ශනය කරමින් ඉන්නව. මාධ්‍යවේදින් ඒක මූලික කරගන්නව.
ආරක්‍ෂක කටුයුතු වලට හානිවන පුවත් හා ජනවාර්ගික ගැටුම්වලට තුඩු දෙන පුවත් වාරණය කළ යුතුද?
ඒක කවදත් තිබිය යුතුයි. එය රටේ ආරක්‍ෂක තත්ත්වයට, ජන ජීවිතයට බාධා එල්ලවන කරුණක්. ජනවාර්ගික ගැටුම් ඇතිවන පුවත් පල කිරීම ඉතාම භයානක දෙයක්. ආරක්‍ෂ අංශවල හෙළි නොකළ යුතු පුවත් තියනව. ඒවා හෙළි කිරීමත් රටක ආරක්‍ෂාවට තර්ජනයක්. එය ඉතාම භයානකයි.
ජාතීන් අතර විරසකයක් ඇති කර, යළිත් ජනවාර්ගික ගැටුමක් නිර්මාණය කර එක් ජනවර්ගයකට ආසාධාරණයක් වෙනවා යයි පවසමින් දේශපාලන වාසි ගන්න පිරිසක් උත්සාහ ගන්න පුළුවන්. එම පුවත් නියාමනයක් කිරීම අවශ්‍යයි. ඒ වගේම හමුදාවේ යම් යම් ක‍්‍රියාකාරකම් නිසා ජනවර්ගයක් පෙළනව නම් ඊටත් ඉඩ නොතැබිය යුතුයි. පසුගිය විසි හය අවුරුදු යුද්දයක් නිර්මාණය වෙන්න එක් හේතුවක් වුනේ උතුරේ වැසියන්නට හමුදාවෙන් එල්ල වූ දැඩි පීඩනයන්. ඒ ජනතාව විඳි දැඩි පීඩනයම නැගීහිටීමට එක් හේතුවක් වුණා. ඒ අනුව බලනවිට ඔවුන් නැගීහිටින්න ප‍්‍රමාද වුනත් වැඩියි කියලයි හිතෙන්නේ.  ඕනැම ජනවර්ගයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයකුට වෙන හිරිහැර, තාඩන, පීඩන, මානවහිමිකම් උල්ලංගනය වීමේ දී මාධ්‍ය ඊට මැදිහත් වී කටයුතු කළ යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *